නිරූපණ ක්ෂේත්රය ගැන සහතික දෙන්න බෑ
මේ වසරේ සුන්දරම ලාංකේය තරුණිය වුණේ ඇය. 2013 ශ්‍රී ලාංකික රූ රැජන ලෙස කිරුළු පැළැඳි ඉරේෂා මේ වෙන කොට ලෝක රූ රැජන අභිෂේකය ආසන්නටයත් ඇවිත්. ලෝක රූ රැජන තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉරේෂා අසංකි ද සිල්වා අපිත් එක්ක කතා බහකට එකතු වුණා.
• ඇයි ඔයා මේ වගේ ක්ෂේත්රයක් තෝරා ගත්තේ කියන තැනින් පටන් ගත්තොත්...?
ඒක මගේ පොඩි කාලේ ඉඳලාම තිබුණ ආසාවක්. ඒ කාලේ ලොකු තේරුමක් ඇතුව නෙවෙයි, ටී වී එකේ ඒවගේ තරග දැක්කම ආසා හිතුණා. සමහර අය ඒ තරගවලින් දිනද්දි මටත් හිතුණා මාත් ලොකු වෙලා මේ වගේ වෙනවා කියලා.
• පොඩි කාලේ ආසාවට හිතේ තිබුණ දේ ඇත්තටම ලැබෙනකොට හොඳට හිතලා බැලුවද... ?
අම්මෝ... ඔව් ....
• ගෙදරින් පුංචිම බාධාවක් වත් ආවේ නැද්ද...?
මගේ පවුලේ මට ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි. ක්ෂේත්රයට ආව මුල්ම කාලේ මගේ අයියලා දෙන්න හුඟක්ම විරුද්ධ වුණා. තාත්තා කිව්වා කමක් නෑ යන ඕනම තැනක අම්මා එක්ක යන්න කියලා.
• ඒ කියන්නේ ඔයා නියෝජනය කරන ක්ෂේත්රය ගෑනු ළමයෙක්ට අවශ්‍ය ආරක්ෂාව නෑ කියන එක නේද ...?
ඇත්තටම මේ ක්ෂේත්රය ගැන හරියටම සහතිකයක් දෙන්න බෑ. අම්මා එක්ක ගියාම ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මගේ අම්මා මම යන හැමතැනකම එනවා. මං කවදාවත් මේ ක්ෂේත්රයේ වැඩවලට තනියෙන් ගිහින් නෑ. අම්මා නැත්නම් තාත්තා හරි එනවා. ඒ දෙන්නම නැතිවුණොත් මං යන්නෙත් නෑ.
• කොහොමද මේ වගේ තරගවලට මුලින්ම සම්බන්ධ වුණේ ... ?
2011 මුලින්ම ර්ධඤඥත ධට බඩඥ දඥඹ ඨඥදචපචබඪධද තරගයෙන් දිනුවා. ඊළඟට කොරියාවේ තිබුණ ජාත්‍යන්තර තරගයකට සහභාගි වෙන්න ලැබුණා. සෙලින්කෝ ඍඪන තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගත්තා. ගිය අවුරුද්දෙ බ්‍රයන්ගේ ඕඥඵබ ටඥථචතඥ ථධඤඥත කියන ඊඪබතඥ එක දිනා ගත්තා. ඊළඟට තමයි ර්ඪඵඵ ඉපඪ ඹ්චදඬච ඉදිරිපත් වෙලා මේ ජයග්‍රහණය ලබා ගත්තෙ.
• මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයත් එක්ක ගෑනු ළමයෙක් විදියට ඔයාට ලැබුණ විශේෂ දෙයක් තියෙනවාද ... ?
මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක මේ වගේ ඊඪබතඥ එකක්, ක්ෂේත්රයේ ඉදිරියට යද්දි ගොඩක් වටිනවා. මේ ලැබුණ තත්ත්වයත් එක්ක ක්ෂේත්රයේ ප්‍රවීණයෝ දැන අඳුනාගන්න පුළුවන් වුණා. ගොඩක් අයගේ ආදරයට ලක්වුණා. කීර්ති ප්‍රශංසා ලැබුණා. තවදුරටත් ක්ෂේත්රයේ ඉදිරියට යන්න විවිධ අවස්ථාවන් ලැබුණා. ඒ හැමදේම මගේ ජීවිතේට ගොඩක් විටිනවා.
• නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොයි කාලෙද... ?
දැන් අවුරුදු දෙකකට විතර කලින් 2011දී මුලින්ම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වුණා.
• මිස් ශ්‍රී ලංකා වගේ කිරුළක් ලැබෙනවා කියන්නේ, අපේ වගේ රටක නිවේදිකාවක්, නිළියක් වෙන්න අමතර සුදුසුකමක්... ඔයත් අනාගතේ නිවේදිකාවක්, නිළියක් වෙයිද ... ?
රංගනය පැත්තට පුංචි ආසාවක් තියෙනවා. හැබැයි ටෙලි නාට්‍ය පැත්තට නෙවෙයි. සිනමාව පැත්තට පොඩි කැමැත්තක් තියෙනවා. ඒකට අවස්ථාව ලැබුණොත් අත අරින්නේ නම් නෑ.
• ලස්සනයි, ආසාවයි විතරක් තිබිලා මදි... රඟපාන්න නම් දක්ෂකමත් තියෙන්න ඕන ... ?
නිරූපණ ක්ෂේත්රය ගැන හොඳ දැනුමක් තිබුණට රංගන ක්ෂේත්රය ගැන දැනුමක් නෑ. කොහොමද රංගනයට දක්ෂයි ද කියලා දැනගන්නෙ...? රඟපෑමට දක්ෂතාව තියෙනවද නැද්ද කියලා බලාගන්නවත් තාම මට අවස්ථාවක් ලැබිලා නෑනේ.
• මෙච්චර කාලයකට මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්ත කාටවත් 'මිස් වර්ල්ඩ්' කිරුළ දිනා ගන්න බැරි වුණා... මොකක්ද ඒකට හේතුව ... ?
ඒක මට හරියටම කියන්න බෑ. මොකද මම මේ තරගයට සහභාගි වෙන්නෙ මුල්ම වතාවට. මං කලින් ගිහින් නැති නිසා ඒ ගැන හරියට කියන්න බෑ.
• කාටවත් බැරිවුණ දේ ඔයාට මේ පාර කරන්න පුළුවන් වෙයිද ... ?
මගේ හිතෙත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් හුඟක් කැපවෙන්න වෙනවා. මාසයක විතර පොඩි කාලයක් තියෙන්නෙ ඒ හැමදෙයක්ම කරගන්න.
• මෙවර මිස් ශ්‍රී ලංකා තරගයේදී අනිත් තරගකරුවන් අතර ඔයා සුවිශේෂී වෙන්න හේතුව මොකක්ද ... ?
මං හිතන්නේ, විනිශ්චය මණ්ඩලයට මං කැපී පෙනෙන කෙනෙක් වුණා. මගේ උස අඩි 5යි අඟල් 8ක්. මගේ හයිට් එකත් ඒකට බලපාන්න ඇති. රෝසි සේනානායක කියලා තිබුණා, මට හොඳ ශ්‍රී ලන්කන් ෆේස් එකක් තියෙනවා කියලා.
• ජයග්‍රහණය ගැන පෙම්වතා මොකද කියන්නේ ... ?
අයියෝ මුකුත් කියන්න තාම එහෙම කෙනෙක් නෑනේ.
• ඔයා මේ පාර මිස් වර්ල්ඩ් වුණොත් ... ?
එහෙම වුණොත් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මට ලැබුණ දෙයින් මං අනිවාර්යයෙන්ම මගෙන් රටට වෙන්න ඕන දේවල් කරයි. ඊට අමතරව මගේම ලොකු ව්‍යාපාරයක් කරයි.
සුභාෂිණී ගුණරත්න