අනඟ රැඟුම් පෑ සමෘද්ධි නිලධාරියාගේ යතුරුපැදිය ගිනි තියලා

සැමියා රට ගිය කාන්තාවකගේ නිවසට නිතර නිතර රිංගමින් ඇය සමඟ අනඟ රැඟුම් පෑ සමෘද්ධි සංවර්ධන නිලධාරියකුගේ රුපියල් එක්‌ලක්‌ෂ හෑත්තෑපන් දහසක්‌ වටිනා යතුරුපැදියක්‌ ඉකුත් 27 දා එම කාන්තාවගේ නිවසේ මිදුලේ නවතා තිබියදී කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ගිනිතබා විනාශ කර ඇති බවට 28 දා සේරුනුවර පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

පැමිණිලිකර ඇත්තේ සේරුනුවර ඊච්චලම්පත්තු 6 වන කොට්‌ඨාසයේ පදිංචි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වන ලච්ඩුමනන් පමරශිවලිංගම් (39) නමැත්තෙකි. හීරෝ හොණ්‌ඩා වර්ගයේ යතුරුපැදිය ඉකුත් 27 දා විනයාගපුරම්හි පදිංචි සුවෙන්ධි නමැත්තියගේ නිවස ඉදිරිපිට නතරකොට බැටරිය චාඡ් කිරීම සඳහා එම නිවසට ගොඩවී යළි ඇවිත් බලනවිට නොතිබූ බවත්, පසුදින (28 දා) ඊච්චලම්පත්තු ඉලංගතුරෙයි ප්‍රධාන මාර්ගයේ විනයාගපුරම්හිදී ගිනි තබා තිබියදී තම යතුරුපැදිය හමුවූ බවත්ය.

සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කළ සේරුනුවර පොලිසියට ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසා ඇත්තේ තම රාජකාරිය ද අතපසු කරමින් එම තැනැත්තා නිතර නිතර මිනිහෙක්‌ නැති ගෙදරට යනඑන අතර ඇය සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන යන බවත්, මින් කෝපයට පත් කිසිවකු මෙම ගිනි තැබීම කර ඇති බවත්ය.

සේරුනුවර ස. පො. අධිකාරි උපාලි සේනානායක මහතාගේ උපදෙස්‌ පිට පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පාලිත අමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.