කට කතාවලට මම බය නෑ....


දැන්වීම් කලාවෙන් රංගනයේ මුල අකුරු කියවූ භාග්‍යා හෙට්ටිආරච්චි අද පුංචි තිරයට නැතුවම බැරි නිළියක් වෙලා. රූපවාහිනී නාළිකා කීපයක ටෙලි නාට්‍ය කිහිපයක විවිධ චරිත නිරූපණය කරන භාග්‍යා දැන් ජනප්‍රිය නිළියක්. ඒ නිසයි අපි ඇගේ වග තුග ඇගෙන්ම දැනගන්න සිතුවේ...

 • භාග්‍යාට විවේකයක් ඇත්තේම නෑ වගේ....?
ඒකනම් ඇත්ත. දිගටම ෂූටින්නේ...
 
• පසුගිය දවස්වල හිටියෙත් කොළඹින් දුර බැහැරනේ...
ඔව්.... වීණාවී රූගත කරන්න නුවරඑළියේත්, ඉසුරු බිම්සර රූගත කරන්න බණ්ඩාරවෙලත් ගිහින් හිටියා....


• රට වටේම ෂූටින් යනකොට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැද්ද?
මට මගේ වැඩක් කරගන්නවත් විවේකයක් තිබුණෙ නැහැ.


• එහෙම වෙනකොට ඔය නිළි රස්සාව එපා වෙන්නෙ නැද්ද?
තාම නම් නිකමටවත් එහෙම හිතිලා නෑ....


• ඒ කියන්නේ නිළියක් වීම ගැන භාග්‍යා ඉන්නේ සතුටින්...?
ඔව්.... අසතුටු වෙන්න තරම් දෙයක් වෙලා නෑ....


• නිළියක් වෙනකොට භාග්‍යාගේ වයස කීයද?
අවුරුදු 19ක් විතර ඇති.... A/L අවසාන කාලේ....


• නිළිකම නිසා උසස් අධ්‍යාපනය මඟහැරීම ගැන දුකක් නැද්ද?
ඒ ගැන නම් පුංචි පසුතැවීමක් තියෙනවා. කාර්යබහුල වුණ නිසා ඉදිරි අධ්‍යාපන කටයුතුවලට වෙලාවක් හොයාගන්න බැරි වුණා.


• පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ නිළියක් වෙන්නද?
නෑ... ගායිකාවක් වෙන්න.


• දැන් ඒ හීනේ බොඳවෙලාද?
නෑ... ඒ හීනේ ටිකෙන් ටික හැබෑ කරගන්න උත්සාහ කරනවා. මම පසුගිය දවස්වල මගේම ගීතයක් Record කළා....  Music Video එක නම් තාම කළේ නෑ... හෙට අනිද්දාට FM නාළිකාවලට ගීතය බාර දෙනවා....


• ඒ කියන්නේ හෙට අනිද්දාට භාග්‍යත් ගායිකාවක්....?
ගායිකාවක්මත් නෙවෙයි... මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හිතුණා....


• කලා ක්ෂේත්‍රයට පය තිබ්බේ හොඳට හිතලා බලලාද?
ඔව්... ඇයි එහෙම අහන්නේ...


• සමහරු කියනවා හැදිච්ච ගෑනු ළමයෙක්ට මේ ක්ෂේත්‍රය ගැළපෙන්නේ නෑ කියලා....
ගෑනු ළමයා හොඳ හැදිච්ච කෙනෙක් නම් ක්ෂේත්‍රය මොකක් වුණත් ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්.


• ඒ කියන්නේ ගැටලු ඇතිවෙන්නෙ නැහැදිච්ච අයටද?
මෙහෙමයි... තමන් හොඳ නම් ඕනෑ තැනක ඕනෑ කෙනෙක් එක්ක ඉන්න පුළුවන්... එහෙම අයට කවදාවත් වැරැදි විහිළුවක්වත් කරන්නේ නෑ... ඒත් ඉතින් වැරැදිවලට අනුබල දෙන කෙනෙක්ගේ තත්ත්වය ඊට වෙනස්.


• භාග්‍යා ගැන කටකතා හැදිලාම නැද්ද?
නැහැ....


• කවදාහරි හැදුණොත්?
මම බය නෑ... මොකද මම වැරැද්දක් කරන්නේ නෑ කියලා මම දන්නවා....


• ගෙදරින් අවසර ලැබුණද රඟපාන්න....?
මුලදි තත්තා කැමැති වුණේ නෑ... ඒත් දැන් නම් ගැටලුවක් නෑ...


• ආදරය ගැන මොකද හිතෙන්නේ....?
අනේ මං දන්නෙ නෑ....


• ප්‍රේමය ගැන ගත්ත තීරණය හරිද?
හරියන්නවත් වැරදෙන්නවත් එහෙම තීරණයක් තාම අරගෙන නෑ....


• ඔය කියන්න උත්සාහ ගන්නේ තාම පෙම්වතියක් නෙවෙයි කියලද?
ඔව්.... තාම මම පෙම්වතියක් නෙවෙයි...


• මෙතෙක් ලැබුණු චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
පුළුවන්... ඒකාකාරී චරිත ලැබුණේ නෑ... ඒ නිසා විවිධ චරිත පරාසයන්ට යන්න පුළුවන් වුණා...

• අනාගතය ගැන දකින හීන මොනවාද?
කවදාහරි දක්ෂම නිළියට හිමි සම්මානය ලබාගන්න ඕනෑ.... ඒක මම දකින හීනයක්.

• මෙගා නාට්‍යවල රඟපාලා හොඳම නිළිය වෙන්න පුළුවන්ද?
බෑ... ඒත් මෙගා හරි රඟපාලා යමක් කරන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනේ නෑනේ. ඒ වගේම මම මෙගාවලට විතරක් කොටු වෙලා නෑ... කොටස් 30, 40, නාට්‍යවලටත් මම සම්බන්ධ වෙනවා.


• චිත්‍රපටවලට ආරාධනා ලැබිලා නැද්ද?
තවම නම් නෑ... ඒත් ආසාවෙන් ඉන්නේ.


190/A2, නීලම්මහර, බොරැලැස්ගමුව.
හිමේෂා සවන්තී රාජපක්ෂ
ඡායාරූපය - අසන්ත ගමආරච්චි
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.