පාසල්
අවධියේ සිටම රංගන ශිල්පිනියක් වීමට ඇය සිහින මැව්වාය පාසල් අධ්‍යාපනය
අවසන් කළ ඇය සිය ජීවන වෘත්තිය ලෙස හෙද වෘත්තිය තෝරා ගත්තාය. නමුත් ඇය රංගන
ශිල්පිනියක වීමේ සිහිනය අත්නොහැරියාය. අවසන ඇගේ සිහිනය ඉටු වූවාය. ඇය අද
පුංචි තිරයේ තරුවක් බවට පත්වී අවසන්ය. ඇය නමින් ප්‍රීති විජේසිංහය. පුංචි
තිරයේ තරුවක් දක්වා ආ ගමන් මඟ පිළිබඳව ප්‍රීති අපට මෙසේ පැවසුවාය. “නිළියක් වීමේ ආසාවක් මා තුළ තිබුණත් එය ඉටුකරගන්න මුල් කාලයේදී මට නොහැකි වුණා. ඒ නිසාමයි මම රැකියාව ලෙස හෙද වෘත්තිය තෝරා ගත්තේ.ඒ අතරේ මල් දෙවැට ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාවක් ලැබුණා.ඒ අවස්ථාව ලැබීම සමඟ රංගන ශිල්පිනියක් වීමට තිබූ ආසාව ඉටුකරගන්න මට හැකි වුණා.
ඉන්
අනතුරුව දිගටම ටෙලි නාට්‍යවල රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ඒ නිසාම එතෙක්
කරගෙන ආ හෙද වෘත්තියෙන් ඉවත් වීමට සිදු වුණා. නමුත් මම අද රංගන කටයුතුවල
නිරතවන ගමන්ම හෙද වෘත්තියට සම්බන්ධ ව්‍යාපාරයකටත් යොමුවෙලා ඉන්නවා.
ඉදිරියටත් රඟපෑමේ කටයුතුවල නිරතවීමට යි මගේ බලාපොරොත්තුව. නමුත් තෝරා බේරාගත් චරිත හරහා ඉදිරියට ගොස් රංගන ක්‍ෂේත්‍රයේ දක්ෂ නිළියක් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව.”
ප්‍රීති මේවනවිට තාත්තේ අපි ආවා, අප්පච්චි, තඹ පාට හැන්දෑව, දියමත ලියමි, සිහිනයකි ජීවිතේ, සිත්තරාවී, ඉස්සරහට යන්න,
සිත නිවන කතා, වැනි ටෙලි නාට්‍යවලත්, සන්දේශ් කුමාර්ගේ ප්‍රවේගය, සූම්, 38
ශ්‍රී සහ අර්ජුන කමලනාත්ගේ ආශා මායා වැනි චිත්‍රපටවලටත් රංගන දායකත්වය ලබා
දී තිබේ.
“ඇත්තෙන්ම
බොහෝ දෙනා මා හඳුනාගත්තේ තඹ පාට හැන්දෑව ටෙලිනාට්‍යයේ අරුණිගේ චරිතය
තුලින්.නමුත් ඉදිරියේදී මම රඟපෑ ‘දියමත ලියමි’ වෙලිනාට්‍යයේ රංගනය පිළිබඳව
බොහෝ දෙනා කතා බහ කරන බව නම් නිසැකයි. මොකද ඒක ආන්දෝලනාත්මක චරිතයක් නිසයි.
මම හරි කැමැත්තෙන් චරිතය රඟ පෑවෙ”
ප්‍රීති පැවසූවේ නිරහංකාරී සතුටකිනි. තමන්ට රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට
උපකාර කළ ජයලත් මනෝරත්න, අර්ජුන් කමලනාත්, නාලක තලගල, සමීර හසුන්, ජනක,
අජිත් ලොකුගේ වැනි අයටත් විශේෂයෙන් පියුමි බොතේජු අක්කාවත් ගෞරවයෙන් යුතුව
සිහිපත් කරන්නට ඇය අමතක නොකළාය.
සුමිත්‍රා විතානගේ
Tags:
News