නව සොයාගැනීම් නිසා ලෝකය දවසින් දවස අලුත් වෙනවාය කියන කතාවේ බොරුවක් නෑ. මේ අලුත් වෙනවාය කියන කතාවේ අනෙක් තේරුම තමයි ලෝකය දියුණු වෙනවා කියන එක. මේ කාරණාව එකම රටකට, අංශයකට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. හැමදේකටම පොදුයි.
අලුතින් යමක් සොයාගත්තත් ඒ සොයාගත්ත භාණ්ඩයට හෝ සේවාවට පමණක් නෙවෙයි දියුණුව පවතින්නේ. එය සමස්තව රටේ ලෝකයේ මුළු මහත් දියුණුව වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේ වගේ එක් සිදුවීමක පසුබිම වර්ෂ එක්දහස් අටසිය ගණන්වල තරම් ඈතට දිව යනවා. 1879 අවුරුද්දෙ දවසක ඇමෙරිකාවෙ ඔහියෝවල ඩේටන් නගරයේ මිල්ටන් රයිට් කියන දේවගැතිවරයා තමන්ගෙ දරු දෙදෙනාට ක්‍රීඩා කරන්න සෙල්ලම් බඩුවක් අරගෙන ආවා. මේකෙ විශේෂත්වය වුණේ හොඳින් වයින් කරල ඉවරවෙලා බිමින් තිබ්බම වේගයෙන් ඉහළට ගමන් කිරීම. සිවිලිමේ ඉහළ වැදෙන්න තරම් උඩට යන්න පටන් ගත්තා. මේ සෙල්ලම් බඩුවත් එක්ක ක්‍රීඩා කරමින් හිටපු ළමයින් දෙදෙනා හිතා ගත්තා මේ සෙල්ලම් බඩුව ආශ්‍රයෙන් යන්ත්‍රයක් නිර්මාණය කරලා කවදහරි දවසක ඒක ආධාර කරගෙන වලාකුළුවලට යන්න. මේ වගේ සිතුවිල්ලක් තමන්ගේ හිතේ ඇතිකර ගත්ත සහෝදරයන් දෙදෙනා තමයි විල්බර් රයිට් සහ ඕවිල් රයිට්. ඒ කියන්නේ රයිට් සහෝදරවරු. මේ දෙන්නා තමන්ගේ පුංචි සෙල්ලම් බඩුව ආශ්‍රයෙන් යම් යම් දේවල් නිර්මාණය කරලා පුංචි කාලෙදී තමන්ගේ හිතේ ඇතිවුණු සිහිනය සැබෑ කරගත්තෙ ගුවන් යානාවක් නිපදවීමෙන් පස්සෙ. මේ විදියට ඔවුන් දෙදෙනා නිපදවපු ගුවන් යානාව යුද්ධ කටයුතුවලට, මගී ප්‍රවාහනයට සහ භාණ්ඩ ප්‍රවාහනය වගේ නොයෙකුත් කටයුතුවලට පසුකාලයකදී යොදාගනු ලැබුවා. ඒ වගේම නොයෙකුත් වර්ගයේ ගුවන් යානා පවා නිර්මාණය කළා.
ඉතින් තව තවත් දියුණු වුණු ගුවන් යානාවේ වැදගත්ම සන්ධිස්ථානයක් තමයි මෙය මුල්කරගෙන මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීම. ඒ වගේම සෑම රටක්ම වගේ Aසර ඛසබැ ආරම්භ කරන්නත් කටයුතු සූදානම් කළා. මේ අතරවාරයේ රට අභ්‍යන්තරයේදී පවා ගුවන් සේවාවන් ක්‍රියාත්මක වන්න පටන් ගන්නකොට පෞද්ගලික අංශයන් මුදල් වියදම් කරලා තමන්ගේම Aසර ඛසබැ ආරම්භ කරන්නත් උත්සුක වුණා.
Aසර ඛසබැ කිව්වම ඉතින් කාගෙත් හිතට එන්නෙ Aසර ඛසබැවල රාජකාරිය කරන සුරූපී තරුණියන් ගැන. දැක්කෙ නැති වුණත් හිතින් හරි මවාගන්නවා. ලස්සන තරුණියො ටිකක් මේ විදියට ඉන්නව ඇති කියලා.
මේ කතා කරන්න යන්නෙ තායිලන්ත ගුවන් සේවාවක සිද්ධ වෙන වෙනස්ම විදියේ කටයුත්තක් ගැන. කොහොම වුණත් තායිලන්තය කිව්ව ගමන් එක එක දේවල් ඔළුවට එනවත් ඇති. ඒත් මේක නම් වෙනමුකුත් නෙවෙයි, තායිලන්තයෙ ~නොක් එයාර්~ ගුවන් සේවාවේ අලුත් වෙනස්වීමක් ගැන තමයි කියන්න තියෙන්නෙ.
~නොක් එයාර්~ ගුවන් සේවාව ආරම්භ කළේ 2004 අවුරුද්දෙදි. තායි ජාත්‍යන්තර ගුවන් සේවාවත් සමඟ සම්බන්ධ වෙලා අඩු මිල ගණන් යටතේ ක්‍රියාත්මක වෙන ගුවන් සේවාවක් විදියට තමයි මේක හඳුන්වල දුන්නේ. සේවක සේවිකාවන් 130කගෙන් ආරම්භ කරපු ගුවන් සේවාව 2011 වෙනකොට 600ක් තරම් ඉහළ ප්‍රමාණයකට තම සේවක සංඛ්‍යාව වර්ධනය කරගන්නට සමත් වුණා. ඒ වගේම 2007 වසර වෙනකොට ඉන්දියාවේ බැංග්ලෝරය දක්වාම තම ගුවන් සේවාව ව්‍යාප්ත කළා. කොයිතරම් මිල අඩු ගුවන් සේවාවක් විදියට මෙය හඳුන්වල දුන්නත් තායිලන්ත වැසියන් අතර මෙය ජනප්‍රියත්වයට පත්වුණේ නෑ. මේ නිසා සමාගමේ තත්ත්වය බාල නොවී රැකගන්නට ~නොක් ගුවන් සමාගම~ වෙනස්ම වුණු වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කළා. ඒ ත‍්ජැඉදදන හරහා. බිකිනියකින් හා කොට කලිසම් ඇඳ ගත්ත ගුවන් සේවිකාවන් ~නොක් එයාර්~ ගුවන් යානා ඉදිරියේ පෙනී ඉන්න ඡායාරූප ප්‍රදර්ශනය කරලා අඩ නිරුවත් ගුවන් සේවිකාවන් ගුවන් යානාවල යෙදවීම පිළිබඳ පණිවුඩය තමයි ඔවුන් ඉදිරිපත් කරලා තිබ්ඛෙ. මේ කරුණ හේතුවෙන් අද නොක් ගුවන් සේවාව ඉමහත් ප්‍රසිද්ධියට පත්වෙන්නත් මාර්ගය විවෘත වෙලා තියෙනවා. මේ නිසාම ඔවුන් ළඟදීම මියන්මාරය සමඟත් ගුවන් ගමන් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නෙ.
මොනවහරි දෙයක් පටන් අරගෙන ඒකෙ කිසි සාර්ථකත්වයක් නැති වුණාම ඒ පටන්ගත්ත දේ ගැන කවුරුත් මුකුත් කියන්න, වැඩිය අදහස් ප්‍රකාශ කරන්න යන්නෙ නෑනෙ. ඒත් ඒක සාර්ථක වුණොත් නම් කියන්න දේවල් දාහක් තියෙනවා. කතා කරන්න අප්‍රමාණ පිරිසක් ඉන්නවා. මෙතැන ක්‍රියාත්මක වුණෙත් ඔය න්‍යායම තමයි. ~නොක් එයාර්~ සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ ~පැටී සරසින්~ මෙන්න මෙහෙම කියනවා.
ලමේ කාරණාවෙදි අපිට බැනුම් අහන්න පවා සිද්ධ වුණා. අපි පිළිගන්නවා අපි මේ කළේ ආන්දෝලනාත්මක දෙයක් කියලා. අපිට ගොඩක් විවේචනයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ අලුත් අදහස් තඊවලින් ප්‍රසිද්ධ කළාට පස්සෙ තායිලන්තෙ ලක්‍ෂ දෙකකට වඩා වැඩි පිරිසක් මේ අදහසට කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. මේ දේවලින් පස්සෙ තමයි අපි මේ කටයුත්ත ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන්න පටන් ගත්තෙ. මොන විදියෙන් වුණත් දැන් අපේ ආදායම ඉහළ ගිහින් තියෙන්නෙ.ල
කෙනෙක් යම්කිසි වෙනස් දෙයක් කළාම විරුද්ධවීම්, චෝදනා එල්ලවීම් ලෝකෙ හැමතැනම වගේ පොදු දෙයක්නෙ. තායිලන්තෙටත් මේ දේ එහෙමයි. ගුවන් සේවාවේ අලුත්ම වෙනස්වීම සම්බන්ධයෙන් මුලින්ම සටනට බැහැල තියෙන්නෙ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය. ඔවුන් කියන්නෙ මුදල් සහ ලාභය වෙනුවෙන් කාන්තාවන් අඩ නිරුවත් කිරීම මොන විදියකින්වත් සුදුසු වන්නේ නැහැ කියලා. ඊට පස්සෙ චීන ගුවන් සේවා සමාගමේ ප්‍රධානියා මෙන්න මෙහෙම කියලා තියෙනවා.
ගුවන් සේවාවන්වලට සුරූපී තරුණියන් සේවයට බඳවා ගන්නා එක විය යුතුයි. නමුත් තරුණියන්ගේ ඇඟ පෙන්වා මගීන් ඒ වෙත ගෙන්වා ගැනීම පිළිබඳ දෙවරක් සිතිය යුතුයි.ල
කොහොම වුණත් අඩු ලාභයක් ලබාගෙන පවත්වාගෙන ගිය ~නොක් එයාර්~ ගුවන් සේවාව මේ වෙනකොට ඉහළ ආදායම් ලබන ගුවන් සේවාවක් බවට පත්වෙමින් තිඛෙනවා වගේම තායිලන්තය තුළ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම කෙටි කලක් තුළ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේ හැමදෙයක්ම මෙහෙම වෙද්දී අපිට හිතන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒක තමයි,
වෙනස් වුණේ ගුවන් සේවාවද? ඇඳුමද?
උපුටා ගැනීම මව්බිම පුවත් පතඇසුරෙනි