යුග දිවියට ඉතා වැදගත්

වෘක්‌ෂ පොරොන්දමෙන් දරුඵල ලැබීමට ඇති

කායික ශක්‌තිය හඳුනා ගනිමු

අපි පොරොන්දම් දහයක්‌ පිළිබඳ පසුගිය කලාපවලින් කතා කළෙමු. මේ සතියේ ඔබේ යුග දිවියට වැදගත් වන්නා වූ තවත් පොරොන්දම් කීපයක්‌ පිළිබඳව විමසා බලමු.

ජ්‍යෙතිෂය විෂය ධාරාව වනාහී වනාන්තරයකට සමාන කළ හැක්‌කකි. වනාන්තරයට ඇතුළු වන විට එහි බියකරු බව අපේ සිතට දැනේ. එසේම වනාන්තරයේ අභ්‍යන්තරයට කෙමෙන් ගමන් කරන විට ගාම්භීරබවක්‌ මෙන්ම වටිනා වෘක්‌ෂවලින් සමන්විත වන බැව් දක්‌නා විට වටිනාකමක්‌ද අපේ සිතට නිතැතින්ම දැනෙන්නට පටන් ගනී. එලෙස ම ජ්‍යෙතිෂ විද්‍යාවෙත් පරීක්‌ෂණ සිදු කිරීම තුළින් එහි ඇති රසමුසු තැන් හමුවේ. මෙහිදී පොරොන්දම් යනු ජ්‍යෙතිෂ විද්‍යාවට සම්බන්ධ වැදගත් ම අංගයකි. යුග ජීවිතය සාර්ථකත්වය කරා ගමන් කිරීමේදී ශක්‌තිමත් පදනමක්‌ ස්‌ථාපිත කර ගැනීමට පොරොන්දම් පරීක්‌ෂණය මහඟු පිටුවහලක්‌ වේ. විවාහයකදී පොරොන්දම් පරීක්‌ෂා කර ගැනීමට ඔබට විශාල වියදමක්‌ දැරීමට සිදුනොවේ. යුග දිවියට පා තැබීමට ප්‍රථම ඔබේ පවුලේ ජ්‍යෙතිෂවේදියා හමුවී ඔබේ පොරොන්දම් පරීක්‌ෂා කර ගැනීම තුළින් ඔබේ ජීවිතයට ගෙන දෙන්නා වූ අභාග්‍යසම්පන්න තත්ත්වයන් මඟහැර ගැනීමට හැකිවේ. ඔබ ක්‌ෂණිකව ගනු ලබන තීරණ හේතුවෙන් ඔබේ ජීවිතය ඔබ විසින් ම අඳුරු ආගාධයකට ඇඳ දමා ගැනීම කෙතරම් ශෝකජනකද? විඳින්න දී ඇති ඔබේ ජීවිතය ඔබ විඳවමින් කල්ගෙවනවාට වඩා පොරොන්දම් ගැළපීම තුළින් ඉදිරියේ අත්වන බාධා කම්කටොලු මඟ අරවමින් කල්තියා ම ඔබට නිවැරදි මඟ පෙන්වීමක්‌ සිදු කිරීමෙන්, ඔබේ අනාගතය සාර්ථකත්වය කරා ළඟා කර ගැනීමට එය මහඟු අත්වැලක්‌ වනු නිසැකය.

වෘක්‌ෂ පොරොන්දම

අපි අද පළමුවෙන්ම කතා කරන්නේ වෘක්‌ෂ පොරොන්දම පිළිබඳවයි. ජ්‍යෙතිෂයේ නැකත් විසි හතට ආවේණික වූ වෘක්‌ෂ ද විසි හතකි. මෙම වෘක්‌ෂ, කිරි වෘක්‌ෂ හා හර වෘක්‌ෂ වශයෙන් කොටස්‌ දෙකකි.

කිරි සහිත වෘක්‌ෂ ලකිරි වෘක්‌ෂල වශයෙන් ද කිරි රහිත වෘක්‌ෂ හර වෘක්‌ෂ වශයෙන් ද හැඳින්වේ. යම් පුද්ගලයෙක්‌ උපදින්නා වූ නැකතට සාපේක්‌ෂව ඔහුට හෝ ඇයට යම් කිසි වෘක්‌ෂයක්‌ ද උරුම වේ. ඒ අනුව නැකත් වලට හිමි වෘක්‌ෂ පහත පරිදි වේ.

01. අස්‌විඳ නැකතට - ගොඩික වෘක්‌ෂයද

02. ඛෙරණ නැකතට - නෙල්ලි වෘක්‌ෂයද

03. කැති නැකතට - අත්තික්‌කා වෘක්‌ෂයද

04. රෙහෙණ නැකතට - මාදන් වෘක්‌ෂයද

05. මුවසිරස නැකතට - කළුවර වෘක්‌ෂයද

06. අද නැකතට - කිහිරි වෘක්‌ෂයද

07. පුනාවස නැකතට - උණ වෘක්‌ෂයද

08. පුෂ නැකතට - බෝ වෘක්‌ෂයද

09 - අස්‌ලිස නැකතට - දොඹ වෘක්‌ෂයද

10. මා නැකතට - නුග වෘක්‌ෂයද

11. පුවපත් නැකතට - කෑල වෘක්‌ෂයද

12. උත්‍රපල් නැකතට - අරලිය වෘක්‌ෂයද

13 හත නැකතට - දිඹුල් වෘක්‌ෂයද

14 සිත නැකතට - ඛෙලි වෘක්‌ෂද

15 සා නැකතට - කුඹුක්‌ වෘක්‌ෂද

16 විසා නැකතට - මූනමල් වෘක්‌ෂයද

17 අනුර නැකතට - මූනමල් වෘක්‌ෂද

18. දෙර නැකතට - වැටකේ වෘක්‌ෂ ද

19. මුල නැකතට - ඉඹුල් වෘක්‌ෂද

20 - පුවසල නැකතට - හෝපළු වෘක්‌ෂද

21 උත්‍රසල නැකතට - කොස්‌ වෘක්‌ෂද

22. සුවණ නැකතට - වරා වෘක්‌ෂද

23. දෙනට නැකතට - සමදරා වෘක්‌ෂ ද

24. සියාවස නැකතට - කොලොන්

25. පුවපුටුප නැකතට - මී අඹ

26. උත්‍රපුටුප නැකතට - කොහොඹ වෘක්‌ෂද

27. රේවතී නැකතට - මී වෘක්‌ෂද

මෙම පොරොන්දමෙන් දෙදෙනාගේ කායික, මානසික ශක්‌තිය කියාපායි. විශේෂයෙන්ම දරුඵල ඇති කිරීමට ඇති කායික ශක්‌තිය පිළිබඳ බල දුබලකම් මැනීම සිදුකරනු ලබයි.

පුරුෂයාට හර වෘක්‌ෂයක්‌ද, ස්‌ත්‍රියට කිරි වෘක්‌ෂයක්‌ ද හිමි වූ විට දරුඵල ලැබේ. - ශුභයි

දෙදෙනාම කිරි වෘක්‌ෂ හිමි කර ගන්නේ නම් දරුඵල ලැබේ. ඉතා ශුභයි.

දෙදෙනාම හර වෘක්‌ෂ හිමි කර ගත්තේ නම් දරුඵල නැත. අශුභයි.

ස්‌ත්‍රීන්ට හර වෘක්‌ෂයක්‌ද, පුරුෂයාට කිරි වෘක්‌ෂයක්‌ද හිමි වූ විට දරුඵල අඩුය. මධ්‍යමයි.

යම්කිසි පුද්ගලයෙක්‌ යම් ගෘහයක්‌ නිර්මාණය කරන විට කිරි වෘක්‌ෂයකින් ගත් ලීයකින් (උදා - කොස්‌) උළුවස්‌සක්‌, මුදුන් ලීයක්‌ හෝ පරාල කීපයක්‌ යොදා ගැනීමෙන් එම නිවසට ලැබීම් ඇති කරවන්නාක්‌ මෙන් විවාහයකදී එක්‌ පාර්ශවයක්‌ කිරි වෘක්‌ෂයක්‌ අයත් නැකතකින් ඉපදී තිබීම ශුභ ඵල ලැබීමට හේතුවේ.

මෙහිදී විශේෂයෙන් දෙයක්‌ සඳහන් කළ යුතුය. එනම් මෙම වෘක්‌ෂ පොරොන්දම පමණක්‌ සලකා බලා යම් දෙපළකට දරුවෝ නොලැඛෙන ලවඳල තීරණය කරමින් විවාහය එකවර ප්‍රතික්‌ෂේප කළ නොහැකිය. ජ්‍යෙතිෂයේ ඒ සඳහා තවත් අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් කීපයක්‌ ඇත. ඒ අතර නාඩි පොරොන්දම, ඡන්ම පත්‍රයේ පුත්‍රස්‌ථානය පරීක්‌ෂා කිරීම සහ පුත්‍රස්‌ථානාධිපති පිහිටි නවාංශකාධිපති පරීක්‌ෂා කිරීම ආදියෙන් නිගමනයකට එළඹිය හැකිය. නමුත් මෙම වෘක්‌ෂ පොරොන්දම දරුඵල මැන බැලීමට අත් අදව් වන ප්‍රධාන නැකත් පොරොන්දම වශයෙන් සඳහන් කළ හැකිය. යම් කිසි දෙදෙනෙක්‌ පෙම්වතුන් වී අවසානයේ විවාහ දිවියට පත් වීමෙන් පසු ඔවුන් දෙපළගේ පැවැත්ම මෙන්ම පරම්පරාවේ පැවැත්ම උදෙසා දරුවෙකුගේ ආගමනය සිදුවිය යුත්තක්‌ම බැවින් එය පරී€ෂා කළ යුතුම වටිනා පොරොන්දමක්‌ වේ.

ආයුධ පොරොන්දම

ගඟක්‌ ගලන විට ගල් පරවල හැපී බාධක හමු වී ගලන්නාක්‌ මෙන් යුග ජීවිතයද බාධා කම්කටොළු මැදින් ගෙන යනු ලබන්නකි. දෙදෙනෙකු වසර ගණනාවක්‌ පුරා බැඳී සිටින අතරතුර එක්‌ අයෙකු ජීවිතයෙන් සදහටම සමු ගැනීමෙන් තනිකම දරා ගැනීම ජීවත්වන පාර්ශවයට අයත් වන්නා වූ ඉතා කටුක අත්දැකීමකි. සැබෑ ආදරය පවතින කැදැල්ලක පුරුෂයා පතනුයේ මම පළමුවෙන්ම ජීවිතයෙන් සමුගත යුතුය. යනුවෙනි. ස්‌ත්‍රිය ද එලෙස ම සිතයි. මන්දයත් ඔවුන් දෙදෙනා අතර තිඛෙන අන්‍යොන්‍ය කායික හා මානසික බැඳීම මත ඔවුන් දෙදෙනාටම තනිකම දරා ගැනීම අපහසු කාර්යයක්‌ වන බැවිනි.

ස්‌ත්‍රියකගේ නැකතේ සිට පුරුෂයාගේ නැකත දක්‌වා ගැණගෙන ගිය විට ලැඛෙන ගණන ද, පුරුෂයාගේ නැකතේ සිට ස්‌ත්‍රියගේ නැකත දක්‌වා ගැණගෙන ගිය විට ලැඛෙන ගණනද යන ගණන් දෙකම වෙන වෙනම 27 න් වැඩි කර වෙන වෙනම 28 න් ඛෙදූ විට ලැඛෙන ශේෂ දෙකෙන් ස්‌ත්‍රියකගේ ගණනට ලැබුණ ශේෂය, පුරුෂයාගේ ගණනට ලැඛෙන ශේෂයට වඩා අඩු නම්, ශුභයි. වැඩි නම් අශුභයි.

මෙම ශේෂ දෙකෙන් වැඩි ශේෂය ඇති අය වැඩි කල් ජීවත් වන බවද, අඩු ශේෂය ඇති අය අඩුකල් ජීවත් වන බවද, කියන නමුත් මෙහි සත්‍යතාවය වෙනස්‌ වන අවස්‌ථාද ඇත.

මෙම පොරොන්දම පෞද්ගලිකවම ප්‍රතික්‌ෂේප කරන නමුත් ජ්‍යෙතිෂ විද්‍යාවේ එන නැකතක්‌ වන නිසාවෙන් එම පොරොන්දම පිළිබඳ ඇති ශුභ, අශුභ බව පෙන්වා දුන්නෙමි.
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.