බල්ලෙක් පාසලට පැන සිසු සිසුවියන් හපාකාලා

අද උදෑසන 7.10 ට පමණ අනුරාධපුර මධ්‍ය විදුහලට කඩා පැන්න පිස්සු බල්ලෙක් පාසල වෙත පැමිණෙමින් සිටි සිසු සිසුවියන් සපා කෑම හේතුවෙන් දරුණු තුවාල ලැබූ දහ දෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
සිසුවියන් තුන් දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. අධික රුධිර වහනය හේතුවෙන් එම සිසුවියන් තිදෙනා රෝහල් වාට්ටු අංක 04 ට ඇතුළත් කර තිබේ.
පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු විසින් පොලු පහර එල්ල කර බල්ලා මරා දමා ඇත.
මෙම පාසල පුරා රුදුරු බල්ලන් දස දෙනෙකුට වඩා වාසය කරන අතර උන්ගේ පැටවුන්ද විශාල ප්‍රමාණයක් වෙති. ‍
එහෙත් මෙම සතුන්ට එන්නත් ලබා දීමක් හෝ පාසලෙන් ඉවත් කර දැමීමක් මේ දක්වා සිදු වී නැත. අනුරාධපුර සෞඛ්‍ය බලධාරින් මෙම සිද්ධියට සම්පූර්ණයෙන් වගකිව යුතු යැයි දෙමව්පිය සහ ගුරු මණ්ඩලය චෝදනා කරති.
Previous Post Next Post