ගෘහනියගේ kitchen වැඩපිළිවෙළ දිනවමු

නිවසක වැදගත්ම ස්ථානය විය යුත්තේත් වෙන්නෙත් මුළුතැන් ගෙයයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ, අපි කවුරුත් දන්නවා අපේ ගෙවල් වල වැදගත්ම තීන්දු තීරණ ගැනෙන්නේ මුළුතැන් ගෙයිදි බව. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි මේ වැදගත් තැන පිළිවෙළව පහසුවට තියා ගැනීම ගැනයි.

එහෙම උනොත් තමයි මුළු තැන්ගෙයි තීන්දු තීරණ හරියට පැහැදිලිව ගන්න පුලුවන් වෙන්නේ. නෑ ...ඒ හින්දම නෙවෙයි. ගෘහනියකගේ වැඩ කරන කාලයෙන් වැඩිපුර කොටසක් ගෙවෙන්නේ මුළුතැන් ගෙයි.

සමහර වෙලාවට අපි අහල තියෙනව ඇතැ ගෘහනියන් කියනව දවසම කුස්සියෙ තැම්ඛෙනව කියල. එක එහෙම වෙන්නේ මුලුතැන් ගෙයි කටයුත් හරියට කළමණාකරණය කර ගන්න බැරි උනාම. මුළුතැන්ගෙය ක්‍රමානුකූලව කාර්ය පහසුවන විදිහට සැලසුම් කරගන්නවනම් දවසම තැම්බි තැම්බි ඉන්න අවශ්‍ය නෑ.

මූලිකවම මුළුතැන්ගෙය හොඳින් වාතාශ්‍රය ලැඛෙන ආලෝකය ලැඛෙන තැනක් විය යුතුයි. එසෙම නිතරම පිරිසිදුව තිබිය යුතුයි. එහෙම නොව්නොත් තමයි මැස්සන්ගෙන් පිරෙන්නේ.

අපි බැලුවොත් මුළුතැන්ගෙයි වැඩ ටික මෙලෙස කොටස් තුනකට වෙන්කර ගන්න පුලුවන්.


1. පිළියෙළ කිරීම
2. පිසීම.
3. උපකරණ සේදීම හා තැන්පත් කිරීම.

 මේ වෙනුවෙන් මුළුතැන්ගෙය සැලසුක් කර ගත යුතු වෙනවා. ඒද කොටස් තුනකින් කතා කළ හැක.

1. ස්ථානය සංවිධානය කිරීම.
2. භාණ්ඩ තැන්පත් කිරීම.
3. කාලය හා ශ්‍රමය පාලනය කිරීම.

ස්ථානය සංවිධානය කිරීම කියන්නේ... ගබඩා ස්ථානය, සෝදන ස්ථානය, පිළියෙළ කරන ස්ථානය, පිසින ස්ථානය, පිළිගන්වන ස්ථානය යන පස්වැදෑරුම් වැඩ වෙනුවෙන් ඊට අදාල එකකයන් සංවිධානය කර ගැනීම වේ.

හැම ගෙදරකම මුළුතැන්ගෙයට පවිච්චිකරන කොටස එක හා සමාන වන්නේ නෑ. එහි හැඩරුව වෙනස් වෙනව. ඇතැම් විට, තනි බිත්තියකට මේසය, සින්ක් එක සවිකරගන්නට සිදුවෙනව, බිත්ති දෙකක් යොදා ගත හැකි අවස්ථාවක් දෙපැත්තටම මේස සවිකර ගත හැකියි. හැබැයි මේස සවිකරගත් පසු ඒ අතර කාර්ය පහසුවෙන් කර ගැනීම සඳහා ඉඩ කඩ තබා ගත යුතුවෙනව.

තවත් තැනක ඛ හැඩයෙන් යුතු බිත්ති සහිත මුළුතැන් ගෙයක් නම් හෝ ඹ හැඩයෙ බිත්ති සහිත නම් හෝ මේස ඒ හැඩයටම සකස් කර ගත හැකියි. ඹ හැඩයෙ මුලුතැන් ගෙයකින් වඩා වැඩි පහසුවක් ගෘහණියකට ලබා ගත හැකියි. අලුතින් නිවසක් සැලසුම් කරනවා නම් ඹ හැඩයෙන් යුතු මුළුතැන් ගෙයක් ගැන සිහිතබා ගන්න.

නමුත් මේ සෑම අවස්ථාවකදීම අපි ඉහතින් කී ලෙස මුළුතැන් ගෙයි පස් වැදෑරුම් වැඩපිළිවෙල හරියා කාරව ක්‍රියාවට නගන්න පිළිවන් විදිහට සකස් කර ගත යුතු වෙනව.
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.