කාන්තාව සැබවින්ම සුන්දරය. ඇය විවිධ විලාසිතාවන්ට යොමු වන්නේත් ඇගේ සුන්දරත්වය වැඩිකර ගැනීමටය. මෙවන් විලාසිතාවන්ට මේකප් මගින් ගෙන දෙන්නේ වැඩි ඔපයකි. මෙනිසා උත්සව අවස්ථාවන්ට පමණක් නොව සාමාන්‍ය අවස්ථාවකට වුවද කාන්තාවන් මේකප් වැඩි වශයෙන් භාවිත කරයි. කාන්තාවන්ට සුවිශේෂී වූ මේකප් විලාසිතා පිළිබඳ අපේ අවධානය යොමු කළෙත් එනිසාමයි.
ඔබේ මුහුණේ ඇති ස්වාභාවික සුන්දරත්වය වඩාත් ඔප්නංවා පෙන්වීමට මේකප් භාවිත වේ. එහිදී මුහුණේ අවයව නිවැරැදි ආකාරයට හැඩ ගැන්වීම සිදුකළ යුතුය. මේ සඳහා සැලකිලිමත් විය යුතු කරුණු ලෙස මුහුණේ හැඩය, ඇස්වල, නාසයේ, තොල්වල, නළලේ, ඇහිබැමේ හා කම්මුල්වල නිකටේ හැඩයද ඉතා වැදගත්ය. එසේම මේකප් එකකදී සමේ වර්ණයට ගැළපෙන වර්ණ තෝරා ගැනීමටද සැලකිලිමත් විය යුතුය.
එමෙන්ම ඇයගේ වයස් සීමාව, සහභාගී වන උත්සව අවස්ථාව අනුවද මේකප් වෙනස් වේ. එහිදී එම උත්සවය උදෑසනද? සන්ධ්‍යාවේද, යන්නත් ඇඳුමේ වර්ණය පිළිබඳත් සිතා බැලිය යුතුය.
මේකප් කිරීමට පෙර
ඔබ මේකප් උපකරණ මිලදී ගැනීමට පෙර ඒවා ප්‍රමිතියෙන් යුත් කල් ඉකුත් නොවූ ආලේපනද යන්න පිළිබඳ සලකා බලන්න.
එලෙස මේකප් කිරීමට අපට උපකරණ රාශියක් අවශ්‍ය වේ. ඒ අතරින් විවිධ Brush වර්ග, Make Up Sponge, Tissues, Cotton buds විශේෂයි.
අව්‍යශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ලෙස Concealer, foundation Cream, foundation stick, pancake වර්ග, loose powder, blusher වර්ග eye shadow වර්ග
eye brow pencil
eye liner
eye deffiner
muscara
lip liner, lipstick, lip gloss finishing powder ආදිය හඳුනාගත හැකිය.
Make Up වර්ග
විවිධ අවස්ථාවන්ට යොදා ගන්නා මේකප් ලෙස ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කළ හැකිය. එනම්,
ධ්I. Mat Make Up
II. Gloss Make Up වශයෙනි.
මනාලියක් හැඩ ගන්වන විට බොහෝ විට උත්සවය උදෑසන කාලයේ පවත්වන නිසා Mat Make Up භාවිත කෙරේ. සැදෑ සමයේ පවත්වන උත්සවවලදී හා සැදෑ මනාලියට යොදා ගන්නේ Gloss Make Up ය.
උදෑසන මනාලිය හැඩගන්වන හැමවිටම ඉතාම ස්වාභාවික වර්ණ Earth Colours යොදා ගැනීම වඩා උචිතයි. කැමරා හා වීඩියෝ Photography අවස්ථාවන්වලදී ද Mat Make Up භාවිත කරයි. රාත්‍රි කාලයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ආලෝකකරණයත් සමඟ තද වර්ණ Hot Colours භාවිතය සිදු කළ හැකිය.
ඒ ඒ අවස්ථාව අනුව මේකප් කරන ක්‍රමයන් කිහිපයකි.
1. Normal Make Up
2. Bridal Make Up
3. Dramatic Make Up
4. Fantacy Make Up
5. Evening Make Up
Normal Make Up
සාමාන්‍යයෙන් දෛනිකව කාර්යාලයට යෑමේදී හෝ සාමාන්‍ය අවස්ථාවකට සහභාගී වන විට ස්වාභාවිකත්වය පිළිබිඹු කරන Make Up එකක් ලෙස යුවතියන් Normal Make Up භාවිත කරයි.
Bridal Make Up
මෙය පැය 7-8කටවත් සීමා විය යුතු Make Up එකක් ලෙස හා Photography, Natural, Video යන අංග තුනටම උචිත වන ආකාරයට මෙය සිදු කළ යුතු වේ. මනාලියගේ ස්වභාවික චාම් බව ඔප්නැංවෙන අයුරින් මෙන්ම අප දේශගුණයට සරිලන ආකාරයට ඉතාම හොඳ දැනුමක් සමඟ මෙම මේකප් එක සිදු කිරීම වැදගත්ය.
Photography Make Up
කැමරාකරණයේදී නිතරම Mat Make Up ටඪදඪඵඩඪදඨ එකක් භාවිත කළ යුතුය. ආලෝකයන්ට ගැළපෙන අයුරින් වර්ණ සංකලන සිදු කිරීමටද මෙහිදී අවධානය යොමු වේ. මුහුණේ අංග (Features)හොඳින් ඉස්මතු වන ආකාරයට නිවැරැදිව හොඳින් පෙනෙන පරිදි එය සිදු කළ යුතුය.
Dramatic Make Up
නාට්‍ය හා චරිත නිරූපණයේදී මෙම මේකප් විශේෂයෙන් භාවිත වේ. චරිත නිරූපණ Make Up වලදී එම චරිතය හොඳින් අධ්‍යයනය කර එයට අදාළව Make Up ක්‍රම භාවිත කළ යුතුය. ඒ සඳහා බොහෝ විට Cover stichභාවිත වේ.
Evening Make Up
සැදෑ සමයට මේකප් යෙදීමේදී වැඩි වශයෙන් තද වර්ණ හා දිලිසෙන මේකප් වර්ග භාවිත කළ හැකිය. එහිදී eye lashes වර්ග, Stickers වර්ග, Body painting තාවකාලික Tatooක්‍රම වැනි දේ වැඩි වශයෙන් භාවිත කරයි.
Fantacy Make Up
මෙම වර්ගයේ මේකප් යම් යම් තේමා (Theme) මුල් කර ගනිමින් සිදු කරයි. තේමාව හොඳින් තේරුම් ගෙන ඊට අදාළව වර්ණ භාවිතය හා මුහුණේ හැඩගැන්වීම් සිදු කළ යුතු වේ. මෙය බොහෝ විට නිරූපණ දැක්වීම් සඳහා යොදා ගන්නා අවස්ථා ඇත.
මෙලෙස විවිධ අවස්ථා අනුව ගැළපෙන මේකප් භාවිත කිරීමට උනන්දු වන්න.
Foundation
අප බොහෝ දෙනකුගේ සමේ වර්ණය තළෙලු පැහැයට හුරු ස්වභාවයක් ගනියි. එලෙස සමේ වර්ණය නිවැරැදිව තේරුම් ගෙන Foundation එක තෝරා ගැනීම වැදගත්ය. අප රටේ කාලගුණය අනුව උෂ්ණ අධික රටක් නිසා ඉබඪජඬ වර්ග, Foundation ඛ්පඥචථ වර්ග, තඪඳභඪඤ වර්ග සුදුසු නොවේ.
එය දිගුකාලීන නොවන අතර උෂ්ණ නිසා අස්වාභාවික පෙනුමක් පැය කිහිපයකින් ලබා දේ. දිගුකල් පැවැත්මට ස්වභාවික Foundation එකක් දැමීමට pancake වර්ග භාවිතය හා නවීන තාක්ෂණය අනුව Brush මේකප් හා ඉනපචර මේකප් භාවිතය වඩාත් සුදුසුය.
ශාලිකා රංගනී සමරදිවාකර
Tags:
beauty