සරණක් නොවු ජීවිතයක්

අනතුරක් හේතුවෙන් පාදයක් ආබාධායකට ලක්ව සිටි මුව පැටවෙක් අනුරාධපුරයේ පිහිටි වන ජීවී පශු වෛද්‍ය කාර්යාලය වෙත බාර දීමට කරුවලගස්වැව වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඊයේ(09) ආණමඩුව - තෝණිගල ප්‍රදේශයේ ලඳු කැලෑවක සිටියදී ගම්වැසියෙකු විසින් මෙම මුව පැටවා සොයා ගෙන තිබුණි.
පසුව ගම්වාසීන් තුවාල ලබා සිටි මුව පැටවාව තමන්ගේ නිවසට ගෙනවිත් ඒ බව වන ජීවී නිලධාරීන්ට දැණුම් දීමට කටයුතු කර ඇත.
තම බාරයට ගත් මුව පැටවාව නවගත්තේගම පිහිටි වන ජීවී කාර්යාලයට ගෙනවිත් තාවකාලිකව ප්‍රතිකාර කර අනතුරුව අනුරාධපුරයේ පිහිටි වන ජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇත
Previous Post Next Post