සිරුරේ බර අඩුකරන පලතුරු යුෂ

ඔයා හොඳටම මහත් වෙලා. අලි පැටියෙක් වගේනෙ. එක්සසයිස්වත් කරන්නකො. හරිම කැතයි." ඔබත් මහත ශරීරයකට උරුමකම් කියනවනම් මේ වගේ දේවල් නිතරම අහන්න ලැබෙනවා ඇති.

ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයන් එම තත්ත්වය නැතිකරගන්න නිරන්තරයෙන්ම ළතැවෙනවා. කොපමණ ආහාර පාලනය කරමින් ව්‍යායාම සිදුකළත් බොහෝ දෙනකුට ක්ෂණික පැණිබීම පානය කිරීමෙන් ඈත් වෙන්න බැහැ.
වර්තමානයේ පවතින කාර්යබහුල සමාජ රටා බලපෑමත් මේකට එක හේතුවක්. එහෙත් ස්වාභාවික එළවළු හා පලතුරු යුෂ ස්ථුලතාවය ඇතිවන අතුරු රෝගාබාධ රැසකට ගුණදායක බව නවීන පරීක්ෂණ ක්‍රම මඟින් වෛද්‍යවරු සොයාගෙන තිබේ.
ශරීරයේ බර ප්‍රමාණය පාලනය කරන එවන් පලතුරු යුෂ කීපයකි මේ.

නෙල්ලි
නෙල්ලි යුෂ වීදුරුවක් පානයකර දවස ආරම්භ කළ හැකි නම් ශරීරයේ මේදය තැන්පත්වීම අවම කරගත හැකියි. එමෙන්ම නෙල්ලි යුෂ මඟින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ද මනාව පවත්වා ගැනීමට හැකි බව වෛද්‍යවරු පවසති.
නෙල්ලි යුෂ පානය කිරීමේදී සීනි වෙනුවට මී පැණි භාවිත කළ හැකිනම් ඉතා ලෙහෙසියෙන් ශරීරයේ බර අවම වෙයි. එමෙන්ම ශරීරයට ශක්ති සම්පන්න බවක් උදා කෙරේ.

දෙළුම්
මෙම යුෂ පානය කිරීම මඟින් ද ශරීරයේ බර අවම කරගත හැකියි. දෙළුම්වල අඩංගු ඇන්ටිඔක්සයිඩ්, ලිනෝලෙනිත් ඇසිඩ් මඟින් ශරීරයේ බර ප්‍රමාණය මනාව පාලනය කරගැනීමට පුළුවනි. ඊට අමතරව දෙළුම් යුෂ පානය කිරීමෙන් සම දිලිසෙන ස්වරූපයට පත්කර ගැනීමට පුළුනි. දෙළුම් යුෂ කෝප්පයකට දෙහි යුෂ කාලක් සහ මිංචි කොළ යුෂ ස්වල්පයක් ගම්මිරිස් කුඩු සවල්පයක් මිශ්‍රකර සාදාගත් පානය පානය කිරීම මඟින් ශරීරයේ තරබාරුබව අවම කරගැනීමට පුළුවනි. දෙළුම්වල අඩංගු තන්තු සහ ඇන්ටිඔක්සයිඩ් හේතුවෙන් ශරීරයේ බර ප්‍රමාණය අවම කරගත හැකියි.
පොතපත ඇසුරෙනි

Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.