කාලයකට පස්සේ ටෙලි තිරයට ආපු ටිරෝන්

ටිරෝන් කාලයකට පස්සෙ නැවතත් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?
ඔව්. අවුරුදු හයකට පස්සෙ තමයි මම ටෙලි නාට්‍යයක රඟපාන්නෙ. සංජය නිර්මාල් මහත්මයාගේ අධ්‍යක්ෂණයක් සහ චාමර සමරවික්‍රම මහතාගේ නිෂ්පාදනයක් වන සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ රොමේෂ්ගේ චරිතයෙන් මම නැවතත් ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත් ඉන්නවා. සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයා තමයි මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා කළේ. ඔවුන් තුන්දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයට මාව සම්බන්ධ කර ගත්තට.
සිල්ලර සමනල්ලු එක්ක ඔබව දකිද්දී ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් හොඳයි. ටෙලි ඩ්‍රාමා එක බලලා මඟ තොටේදී මුණගැසෙන අය වගේම ෆේස්බුක් ඉන්න යාළුවෝ ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වනවා.
ටිරෝන් සම්බන්ධ වුණ අනෙක් නිර්මාණ ගැනත් මතක් කරමු?
මම දැනට වෙළෙඳ දැන්වීම් 35ක විතර ඉඳලා තියෙනවා. 2007 වර්ෂයේදී 'පස් මල් පෙති' ටෙලි නාට්‍යට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඊට පස්සෙ පබා, කාව්‍යා, ඉතිං ඊට පස්සෙ, බිනරි සහ යශෝධරා කියන ටෙලි නාට්‍යවල රඟපෑවා. 2008 වර්ෂයේදී 'ආදරේ නමින්' කියන චිත්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව මියුසික් වීඩියෝ දහයක විතර ඉඳලා තියෙනවා.
දිගු කාලයක් ටෙලි තිරයේ පේන්න හිටියෙ නැත්තෙ ඇයි?
මගේ පෞද්ගලික හේතු මත මට නුවර යන්න සිද්ධ වුණා. මගේ වැඩකටයුතු එක්ක එහෙ නතර වුණා. නමුත් වෙළෙඳ දැන්වීම්වල දිගටම රැඳිලා හිටියා.
ටිරෝන්ට ක්‍ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම 2007 අවුරුද්දෙදී ස්වර්ණවාහිනියෙන් කරපු 'ඊධන 20 ර්ධඤඥත' කියන වැඩසටහනට සම්බන්ධවෙලා හිටියා. ඒකෙන් පස්සෙ තමයි මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ.
ක්‍ෂේත්‍රයට ආවේ හැදෑරීමක් එක්කද?
ඔව්. මම සුගත් සමරකෝන් මහත්මයාගෙන් රංගනය හැදෑරුවා.
ටිරෝන් නිර්මාණ භාරගන්නේ තෝරා ගැනීමකින්ද?
ඔව්. රංගන ශිල්පියෙක් වුණාම ඕනම වෙලාවක ඕනම චරිතෙකට පණපොවන්න හැකියාව තියෙන්න ඕනෙ. මම මට ගැළපෙන්නෙ නැහැ කියලා හිතෙන චරිත කරන්නෙ නැහැ. නමුත් තෝරගන්න චරිතයට සියයට සියයක් සාධාරණය ඉෂ්ට කරනවා.
තාම ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයෝ අතරට එන්න අවස්ථාව උදා වුණේ නෑ නේද?
තාම ප්‍රධාන චරිතයක් නම් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. යශෝධරා ටෙලි නාට්‍යයේ නම් ප්‍රධාන දුෂ්ට චරිතයක් කළා.
ඔබ වේදිකාවටත් සම්බන්ධයි නේද?
ඔව්. සුගත් සමරකෝන් මහත්මයාගේ 'උතුරේ රාහුල හිමි' වේදිකා නාට්‍යයේ දුටුගැමුණු රජුගේ චරිතය රඟපානවා. මේ දවස්වල පුහුණුවීම් කටයුතු සිදු කරනවා.
වේදිකාව - පුංචි තිරය - සිනමාව අතරින් වැඩිපුරම කැමැති ක්‍ෂේත්‍රය මොකක්ද?
එහෙම භේදයක් නැහැ. අවුරුදු ගාණක් වෙළෙඳ දැන්වීම්වලට ආසාවෙන් සම්බන්ධ වුණා. දැන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල රඟපාන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
වෙනත් වෘත්තියක නියැළෙන ගමන් නේද ඔබ රංගන ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ?
ඔව්. මම ඒධ්ඒ ආයතනයේ රැකියාව කරන ගමන් තමයි රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලත් ඇති?
මියුසික් වීඩියෝ කිහිපයකටම කතා කරලා තියෙනවා. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඉදිරියේදී ඒවාට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවාද?
රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
ඉරේෂා කල්හාරි සේනාධීර
ඡායාරූප -අශාන් ගමගේ
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.