දරුවන් ඉක්මනින් මල්වර වන හේතුව

බ්‍රොයිලර් කුකුළුමස් ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අනිටු විපාක ගැන වරින් වර විවිධ මත පළවන බව පෙනේ. එම මස් ආහාරයට ගන්නා දැරියන් ඉතා කුඩා වයසේදීම මල්වර වන බව එක් අනුුමානයකි. ඒ එම සතුන් ඉක්මනින් වර්ධනය වීම සඳහා දෙනු ලබන හෝමෝන මිනිස් සිරුරු තුළත් කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් බව පැවසේ. මේ විපාකය කුකුළු මස් නිසා පමණක් නොව අප පරිහරණය කරන තවත් දේ නිසා සිදුවන බව පැවසෙන පර්යේෂණ වාර්තාවක් පසුගිය දිනවල නිකුත්ව තිබුණි.

කැලිෆෝනියා සරසවිය මගින් සිදුකෙරුණු එම පර්යේෂණයෙන් කියවෙන්නේ ෂැම්පු, සබන් හා දන්තාලේප බොහොමයක් වැඩෙන දරුවන්ගේ හෝමෝන පද්ධතියට බලපෑම් කරන රසායන සංඝටකයන්ගෙන් පිරී ඇති බවයි. මේවා නිසා සාමාන්‍ය  කාලයට වඩා කලින් දැරියන් වැඩිවිය පැමිණෙන බව හෙළිවී ඇත. ඒ අයුරින්ම පිරිමි දරුවන්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම පහත වැටීමට ද මේ ද්‍රව්‍යවල සාමාන්‍ය භාවිතය ප‍්‍රමාණවත් බව පැවසේ.

මේ පර්යේෂණය සඳහා ළමයින් 338ක් යොදාගෙන තිබුණි. ඔවුන් මවුකුස සිටියදී පටන් වැඩිවිය පැමිණීම දක්වා කාලය තුළ අධ්‍යයනයට ලක්කරනු ලැබ ඇත. ඒ ඒ වයස් වලදී එම ද්‍රව්‍ය සිරුරට බලපාන ආකාරය අධ්‍යයනය කිරීමට ඉන් ඉඩ සැලසී ඇත. දරුවන් සෘජුවම මේ රසායන ද්‍රව්‍යවලට නිරාවරණයව නැතත් මවුකුස සිටියදී මවගේ ගර්භාෂය හරහා ඊට ගොදුරු වියහැකි බව මෙහිදී කෙරුණු තවත් වැදගත් අනාවරණයකි.

අඩු වයසෙන් දරුවන් මල්වරවීමේ ප‍්‍රවණතාව පසුගිය වසර 20 පුරා වර්ධනය වෙමින් පවතින බව පර්යේෂකයන්ට පෙනීගොස් තිබේ. ඊට බලපෑ ප‍්‍රමුඛතම සාධකය ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික ස්වස්ථතා සඳහා භාවිත කරනු ලබන සබන්, ෂැම්පු ආදී දේවල අඩංගු රසායන ද්‍රව්‍යයයි.

පූර්වපාක මල්වරවීම් යනු එක් අතකින් සමාජ ගැටලූ මතුකරවන්නකි. දැරියන් විෂම චර්යාවන්ට නැඹුුරුවීමේ ප‍්‍රවණතාවක් ද ඉන් ඇතිවේ.

‘අප සිරුරේ ගාන ඇතැම් දේවල් අපේ සම හරහා සිරුර තුළට අවශෝෂණය කර ගන්නවා. සමහර ඒවා ආශ්වාසය මගිනුත් නොදැනුවත්ව මුඛය හරහාත් සිරුරට යනවා. මේවා සිරුරට බලපාන ආකාරය අප දැන සිටිය යුතුයි’ යනුවෙන් පර්යේෂණ ප‍්‍රධානී කිම් හාලේ මහාචාර්යවරයා පවසයි.

ඇතැම් සනීපාරක්ෂක ද්‍රව්‍යවල අඩංගු රසායනික නිසා ගැහැනු දරුවන්ගේ ඩිම්බකෝෂ පිළිකා ද පිිරිමි දරුවන්ගේ වෘෂණකෝෂ පිළිකා ද හටගන්නා බව අනාවරණය වී ඇත. බහුලව බලපෑම් ඇතිකරවන සංඝටක ලෙස හඳුනාගනු ලැබ ඇත්තේ phthalates, parabens හා phenols ය. මේ අන්තර්ගත ද්‍රව්‍ය සම මත තැවරුවත් මුඛ මාර්ගයෙන් ගත්තත් එතරම් වෙනසක් නැති තරම්ය.

දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට බලපෑම් ඇතිකරන ඔටිසම් රෝගය ඇතිවීමට ද මේ රසායන ද්‍රව්‍ය හේතුවන බව පැවැසේ. උසස් පාසල් කිහිපයක ළමයින්ගේ ගැබිනි මව්වරුන් 175ක් යොදාගෙන ලේ සහ මුත‍්‍රා පරීක්ෂා කරමින් මේ පර්යේෂණයට සමගාමීව වසර 5ක් තිස්සේ කරන ලද අධ්‍යයනයකදී තහවුරුව ඇත්තේ උක්ත රසායනිකයන්ට නිරාවරණය වූවන්ගේ දරුවන් ඔටිසම් තත්ත්වයට ගොදුරු වන බවයි.

විද්‍යාඥයන් මේ අධ්‍යයනයේදී ගැබිනියන්ගේ සිරුරුවල හෝමෝන පද්ධතියට බලපෑම් කරන රසායන 44ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අතර ලීබඩු සඳහා ගිනි ප‍්‍රතිරෝධකයක් ලෙස යොදාගන්නා බ්‍රෝමයිඩ, සිසිලනය සඳහා යොදාගන්නා රසායනික perfluorooctane හා කෘෂිකර්මාන්තයේදී භාවිතවන පළිබෝධනාශක (beta- hexachlorocyclohexane) ද තිබී ඇත. 2002 සිට 2012 අතර කාලයේ එක්සත් රාජධානියේ ඔටිසම් රෝගයට පත්වන දරුවන් සංඛ්‍යාව 78%කින් ඉහළ ගොස් ඇත්තේ මෙකී අනාවරණ තහවුරු කිරීමට මෙනි.

කනගාටුවට කරුණ නම් මේ අවදානමට ලක්වන්නේ රටේ අනාගතය වන කුඩා දරුවන් හා ඔවුන්ගේ රැකවරණයට සිටින මව්වරුන් වීමයි. 

(under the courtesy of hirutv.lk blog web)
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.