ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ
පවතින බලතල ප්‍රකාරව උතුරු පළාත් සභාව පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක,
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව දැනට පොලිස් සහ
ඉඩම් බලතල ද උතුරු පළාත් සභාවට හිමිවනු ඇත.
පළාත් සභාවට ලබා දෙන බලතල පිළිබඳවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තීරණයකට එළැඹෙනු ඇතැයි ද ඇමැතිවරයා කීය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගි නොවුණ ද එහිදී ගනු ලබන තීරණවලට එය බාධාවක් නොවන බවත් විපක්ෂය දෝලාවක් මත තබා රැගෙන ඒමට රජයට අවශ්‍යතාවක් නැති බව ද ඔහු කීය.
මෙම විශේෂ කාරක සභාවට සහභාගි වන ලෙස ඉන්දියාව, දෙමළ ජාතික සන්ධානයට දැඩි ලෙස බල කර ඇති බව කී ඇමැතිවරයා, ඔවුන්ට ඕනෑම අවස්ථාවක ඊට සහභාගි විය හැකි බවද කීය. එහිදී ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වන බව ද ඇමතිවරයා පැවසිය.
19 වන ව්‍යවස්ථා සංශෝධනයද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරියේදී යොමු කරන බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නිර්දේශ
ලබාදීමට පත් කළපාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අවසන් විසඳුමකට එළැඹෙන තෙක්
පවතින නීති රීති අනුව උතුරු පළාත් සභාවේ කටයුතු ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය
හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේදී ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැති රඹුක්වැල්ල මහතා පැවැසීය.