'' මගේ පියා කොටි සංවි‍ධානයේ ආරම්භක සාමාජිකයෙකි'' - පොප් ගායිකා 'Mia'

ශ්‍රී ලංකාවේ උපන්,  'මියා' ලෙසින් අමතන මාදංගි අරුල්ප්‍රකාශම් දේශපාලන රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණියාය. ඊළාම් දෙමළ තරුණියක් වන මැය,  දැන් ඇය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ පොප් ගායිකාවක් පත්ව සිටියි.
මාදංගි යන නම කෙටි කර 'එම්අයිඒ' ලෙස නම වෙනස් කර ගත්තාය. මැඩෝනා වැනි ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් සමඟ එක්ව මැය සංගීත වැඩසටහන් පවත්වා ඇත.
මෑතකදී ඇය විවෘතව කථා කර ඇත. තමා ගායිකාවක් නොව දේශපාලනඥයෙකි යනුවෙන් කිසිවෙකුට තීරණය කල ‍නොහැකිය. ගායිකාවක් දේශපාලනය කථා නොකල යුතුය යනුවෙන් රීතියක් නොමැති බවද ඇය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ජාති ඝාතනයක් බවත් ඇයි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රළු අදහස් දක්වා වරින් වර ගැටළු වලට මුහුණ දෙන එකම ගායිකාව මැය විය හැකිය.
''කොටින්ට මා සහයෝගය දක්වන්නෙමි! ඔවුන් විමුක්ති සටනේ වීරයින්ය''  යනුවෙන් මැය විවෘතව අදහස් දක්වා ඇත.
තමා පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු බවත් මැය ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් ලොව ජීවත් වන බොහෝ සිංහල ජාතිකයින් මැයට එරෙහි වන්නට පටන් ගෙන ඇත. ‍මැය සංගීත වැඩසටහන් පවත්වන ස්ථානවලට ගොස් විරෝධතා පවත්වාද ඇත.
Previous Post Next Post