ගොඩක් කෙල්ලන්ගේ , ජීවිතේ සුන්දරතම
සිහිනය නැත්නම් dream එක වෙන්න තමන්ගේ wedding එකනේ.. දැන් කෙල්ලො wedding
එක ගැන හිතුවවට ඉස්සර කෙල්ලො ඒ කියන්න්න අපේ ආච්චි අම්මලාගේ කෙල්ල කාලේ
මේකට කිව්වෙ මඟුල් ගෙදර කියලනේ ඊටත් කලින් හිටපු කෙල්ලොන්ටනම් මේක මඟුල ම
තමයි.
ඉතිං
අපේ wedding page එකෙ අපේ wedding එක කරන හැටියක් ගැන කථා කරන්න කලින් අපේ
රටේ අපිට ආවෙනික වූ මඟුල ගැන් පොඩ්ඩක් කියන්න හිතුනා. මේක පරණ පත්තරයක
තිබුණු කතාවක් ඒත් ඉතින් දැන ගන්න එක හොඳයි කියල හිතුනා....
පිස්සුම කෙළිනව කියලා පිස්සුම කෙලින එකත් හරි නෑනේ රටේ ලොකේ ගැනත් මොන
මොනව හරි දැනගන්න එක හොඳයි නේද..? නැත්නම් ඉතිං අර හැඳි මිටේ ගාන්ටම වැටෙනව
අපේ මොළේ... .
කොල්ලෙකුට අද වගේ ඕනෙම වෙලාවක ඕනෙම
ජාතියක කෙල්ලෙක් උස්සගෙන යන්න බෑ ඉස්සර. ඒකට ඇත්තටම fight එකක් දීලා win
කරන්න ඕන වැඩක්.. එදා කෙල්ලන්ට තිබුණු තැන හිතෙන කොට ඇඬෙනවා.. හරි මේකයි
කතාව...
ඉස්සර මඟුලක් කරන්කොට මඟුල් තහංචි කවි
කියලා කවි වර්ගයක් කියල තියෙනවා..මේ තහංචි කවි නිර්මාණය වෙලා තියෙන
හැටියෙන් අද අපි කියන wedding එකේ ආරම්භක කතාව කියවෙනවා..
"විවාහ මංගල උත්සව වලදී ගායනා කරනු ලැබූ
මඟුල් තහංචිය දැනට අභාවයට ගොස් ඇති පැරැණි චාරිත්‍රයකි. තහංචියෙන්
හඟවන්නේ වැළැක්‌වීමක් හෝ තහනම් කිරීමකි.
සිය
විවාහ දිනයෙහි මනාලියගේ නිවසට පැමිණෙන මනාලයාගේ ගමන කඩුල්ලේ සිට පෝරුව
දක්‌වා අනුක්‍රමයෙන් මනාලියගේ ඥතීන් විසින් තහංචි කවි කීමෙන් තහනම් කරනු
ලැබේ. එවිට මනාලයාගේ ඥති පිරිස ප්‍රති තහංචි කවි කීමෙන් තහංචිය මඟහරවා ගනී.
මනාලයා මඟුල් ගෙදර කඩුල්ලට ළඟා වන විටද,
මඟුල් පාවඩය මත මොහොතේ දී ද, මඟුල් මඩුවට පිවිසෙන අවස්‌ථාවේදී ද, මඟුල්
බුලත් ලබන කල්හිද, මංගල පහන දල්වන විට හා පෝරු මණ්‌ඩපයට පිවිසෙන මොහොතෙහි ද
තහංචි කවි කියනු ලැබේ.
එසේම මඟුල් ගෙදර තිබෙන ඇඳ පුටු උඩුවියන්
ඇතිරිලි, සෙම්බු කොතල, පඩික්‌කන් ආදී භාණ්‌ඩ වර්ග ද තහනම් කරනු ලැබේ. මෙම
තහංචිවලට ප්‍රති තහංචි කවි කීමෙන් ජයග්‍රහණය ලත් මනාලයා පෝරු මස්‌තකයේ සිට
එම මඟුල් ගෙදර සියලුම මංගල භාණ්‌ඩ සහිත මනාලිය ද ඔහු දිනාගත් බව සභා මැද
ප්‍රකාශ කරයි.
විවාහ
මංගල දිනයන්හි මෙසේ මනාලයා තහනම් කිරීමේ සිරිත ආදි කාලීන මිනිසුන් අතර
ප්‍රචලිත වූ චාරිත්‍රයක් වී ඇත. බලහත්කාරයෙන් ස්‌ත්‍රීන් පැහැරගෙන,
භාර්යාවන් කර ගැනීම ආදී අප්‍රිකානු ගෝත්‍රිකයන් තුළ පැවති සිරිතකි.
ස්‌ත්‍රියක් පැහැර ගැනීමට පැමිණි අවස්‌ථාවේ එම ස්‌ත්‍රියගේ ගෝත්‍රික ජනයා
පැහැර ගන්නට ආ මිනිසුන් සමඟ සටන් කරති.
මෙහිදී වැඩි වශයෙන් ජයග්‍රහණය කරන්නේ
ස්‌ත්‍රිය පැහැර ගැනීමට පැමිණි ගෝත්‍රික කණ්‌ඩායමයි. නිව්ගිනියාවේ ද "දොරහ"
නම් වූ ගෝත්‍රික ජනයා අතර මනාලයා වැළැක්‌වීමේ සිරිතක් පැවතිණි. සරණපාවා
ගැනීමට එන මොහොතේදී මනාලියගේ නිවසේ දොර වසනු ලැබේ. මනාලයා සහ ඔහුගේ පිරිස
දොරට ගසන විට මනාලියගේ පියා තර්ජනය කරමින් දොර අරියි.
ඉන් පසු ඇතිවන සටනේදී මනාලයාගේ පාර්ශ්වය ජයග්‍රහණය කළහොත් පමණයි මනාලිය සරණපාවා ගත හැක්‌කේ.මනාලයා
මංගල නිවසට ඇතුළු වන විට ඔහු එන මාර්ගය අවුරා ලණුවක් හෝ රතු රෙදි පොටක්
ඇදීම මලයාසියාවේ පැවති සිරිතකි. එම අවස්‌ථාවේදී ව්‍යාජ අරගලයක් ද හටගනී.
මනාලයාගේ ඇඟට සහල් විසිකිරීමෙන් පහර දෙනු ලැබේ. මෙම ගැහැට විඳිමින් මනාලයා
මංගල නිවසට ඇතුළු වන්නේ දඩ මුදලක් ගෙවීමෙනි.
තහංචි
කවි කීමේ සිංහල චාරිත්‍රය ද මෙම වැළැක්‌වීම් ගණයේ ලා සැලකිය හැක.
තරුණයෙකුට තරුණියක් ඉල්ලූ පමණින් සරණ පාවා නොදෙන බව හැඟවීම සඳහා මෙම
චාරිත්‍ර ආරම්භ වූ බව පෙනේ. තහංචි කවි කීමෙන් මනාලියගේ අගය හා ඇගේ ඥති
පිරිසගේ තරාතිරම මනාලයාට අවබෝධ කිරීමත් සමඟම මඟුල් ගෙදරට පැමිණෙන පිරිසට
විනෝදයක් ගෙන දීමත් සිදුවේ.
මඟුල් ගෙදර කඩුල්ලට ළඟා වන මනාලයාට
මනාලියගේ පාර්ශ්වය විසින් තහංචි කියන අතර මනාලයාගේ පාර්ශ්වය ප්‍රති තහංචි
කවි කියා කඩුල්ලෙන් පනියි.
බුද්දන් සරණෙන් සිරස තහන්චී
දම්මන් සරණෙන් දෙවුර තහන්චී
සංගන් සරණෙන් දෙපය තහන්චී
මේතුන් සරණෙන් කඩුලු තහන්චී
බුද්දන් සරණෙන් සිරස දරන්නෙමු
දම්මන් සරණෙන් දෙව්ර දරන්නෙම
සංගන් සරණෙන් සිව්රු දරන්නෙමු
මේතුන් සරණෙන් කඩුලු පනින්නෙමු
වත්තේ සිව්කොන සහිත කඩුල්ල මනාලයාට තහංචි බව මනාලියගේ පාර්ශ්වය කිව්මුත් එය තහංචි නැති බව කියා මනාලයා මිදුලට පැමිණෙයි.
වත්තේ සිව්කොන කඩුලු තහන්චි
මඩුවත් ඇඳ පුටු වියන් තහන්චි
සබයත් කොතලේ කෙන්ඩි තහන්චි
මෙමඟුල් ගෙදරට එන්ට තහන්චි
සිටිනා වත්තේ කඩුල්ල ගාවා
වෙසෙනා දේවොතාවෝ මුර පාවා
ලොව්තුරු මුණි ගුණයෙන් බල පෑවා
සරණ බලෙන් මම මිදුලට ආවා
සියලුම දෙවි දේවතාවන්ගේ බලයෙන් මඟුල් පාවඩය තහංචි කරද්දී මනාලයා ලොවතුරු මුණි ගුණ අයදමින් තහන්චි හැර ගමන් කරයි.
පහන් දිලෙයි මුදුන් කරු දෙක ගාවා
මිහිපිට උඩුවියනේ දේව තාවා
සැම දෙවි අණයෙන් බල අද පෑවා
පියවිලි පිට අද තහංචි වේවා
පහන් දිලෙයි මුදුන් කරු දෙක හැම සොමී
මිහිපිට උඩුවියනේ දේවතා හිමී
අපෙ මුණි ගුණ බලයෙන් මග අරිමී
පියවිලි පිට මම මඩුවට යන්නෙමී
තවත් තංහචි කවි මාලාවකින් මගුල්
මඩුවේ තිබෙන පුටු මේස ආදී භාණ්‌ඩයන් තහනම් කරන විට මනාලයා සියලු තහංචි
හරිමින් මඟුල් මඬුවට ද පිවිසෙයි.
කොන් යට ලී දෙක දෙන්න ගෙනෙන්නේ
මුදුන් යටේ තුන් දෙනෙක් ගෙනෙන්නේ
මේ ගේ ලී දඬු සැමට ගෙනෙන්නේ
තහංචි නැත මම මඩුවට එන්නේ
වියන් බැඳපු මඩුවේ මම ඉන්නේ
සමන් දෙවියො වට රැස් කර ගන්නේ
අට කොණ දෙවියෝ අට කොණ ඉන්නේ
තහංචි නැත මම මඩුවට එන්නේ
මනාලියගේ පාර්ශ්වය විසින් තහංචි කරන ලද පැන් කොතලය අතට ගනිමින් මනාලයා මෙසේ තහංචි හරියි.
කොතල කටේ මහ බූමි වෙසෙන්නේ
බීඩෙ ද බද්දා කාලි වෙසෙන්නේ
කෙන්ඩියෙ විස්‌කම් දෙවිඳු වෙසෙන්නේ
තහන්චි කොතලේ අතට නොගන්නේ
වරන් මෙමට ගෙන සැම දෙවි යන්නේ
ජල පුරවාලා කෙන්ඩි ගෙනෙන්නේ
පිරුවට වසමින් ගෙන මට දෙන්නේ
තහංචි නැත කොතලේ මම ගන්නේ
මඟුල් ගෙදර බුලත් කෑම ද තහනම් කරන විට මනාලයා එයටද පිළිතුරු දෙයි.
විදුරස්‌නේ ඉන්නා මුනිඳුන් නේ
මහමෙර පිට සිටිනා දෙවියන් නේ
දස දර්මෙන් බණ සතිය බොලන් නේ
බුලත් කන්න කට තහංචි වෙන් නේ
වසන් නොකර දෙවියෝ දුන් සත් තේ
කියන් මෙලෙස පද වරද නොගත් තේ
උතුන් පතිනි දෙවියෝ දුන් සත තේ
බුලත් කන්න කට තහංචි නැත් තේ
මනාල යුවළ පෝරුමස්‌තකාරූඪ වීම මඟුල් ගෙදර තිබෙන වටිනාම මොහොතයි. පෝරුවේ කටයුතු සිදු කරන්නට පෙර පෝරුව ද තහංචි කරනු ලැබේ.
උඩට බැඳපු උඩු වියන් තහංචී
බිමට එලපු පාවඩ ද තහංචී
වටට බැඳපු වට තිරය තහංචී
මඟුල් පෝරුවට එන්න තහංචී
මෙම තහංචිය හැරවීමට මනාලයා මෙසේ පිළිතුරු දෙයි
උඩු වියනේ ඉරු දෙවියෝ වෙසෙතී
පාවඩෙ මිහිකත් දෙවියෝ වෙසෙතී
වට තිරයේ සඳ දෙවියෝ වෙසෙතී
පෝරු මස්‌තකය මට දැන් අයිතී
අනතුරුව සියලු තහංචි හැරීමෙන් පසු
ජයග්‍රහණය ලත් මනාලයා මංගල සභාව ඉදිරියේ සිය අයිතිවාසිකම් ඉදිරිපත් කර
මනාලිය සමඟ මංගල භෝජනය අනුභව කරයි. අවසානයේ මනාලයාගේ පාර්ශ්වය පිටත් වීමට
පෙර මනාලිය රැගෙන නොයන ලෙස ඉල්ලා මනාලියගේ පාර්ශ්වයෙන් කියවෙන තහංචි කවියට
ප්‍රති තහංචි කවියක් කියන මනාලයා මනාලිය ද කැටුව පිටත්ව යති."
ශාස්‌ත්‍රාචාර්ය සී. ඇම්. ඔස්‌ටින් ද සිල්වා මහතා / 1952 පෙබරවාරි 10 - සිළුමිණ.