කො‍ටු පැනීම,බොරුව සහ ගැහැනු පිරිමි

ස්ත්‍රීන් හා පිරිමින් පිළිබඳ සැලකිල්ල යොමුකිරීමේදී පුරුෂාධිපත්‍ය, පිරිමි කතිකාව යනාදිය ස්ත්‍රී විෂය අභිබවා පෙරමුණට එයි. ඒ නිසාම දෙපාර්ශවයටම පොදු දහමක් වන ලිංගික සබඳතා පිළිබඳ විමසීමේදී ද එකී කාරණය ඒ තරමට ම වලංගු ය.
වෙනත් අයුරකින් සඳහන් කරතොත්, ස්ත්‍රීන් කී දෙනකු සමඟ ලිංගික සබඳතා පවත්වා ඇත්ද යන කාරණය සදාචාරාත්මකභාවය පිළිබඳ කුකුසක් මතුකරනු ලැබූව ද, සමහර පිරිමින්ට එය තමාගේ “පිරිමිකම” පෙන්වන ලක්ෂණයක් ලෙස සලකයි.
ඒ නිසාම බොහොමයක් පිරිමින් ස්ත්‍රීන් නොමැති තැන්වල තමන්ගේ ආත්ම වර්ණනයට ස්ත්‍රීන්ගෙන් වින්ද සතුට උත්කර්ෂයට නංවයි. එහෙත් ස්ත්‍රීත්වය මර්දනය කොට පිරිමිකම හුවාදක්වන මෙවන් පිරිමින් අන්දමන්ද කරවන අන්දමේ සමීක්ෂණයක තොරතුරු ඉකුත් සතියේ අනාවරණය විය.

දශක ගණනාවක් තිස්සේ සමීක්ෂණ මගින් ඒකාකාරී ලෙස ලිංගික සහකරුවන් ලෙස ස්ත්‍රීන්ට වඩා පිරිමින් ඔසවා තැබීම සිදුවිය. එහෙත් 2003 ලිංගිකත්වය පිළිබඳ පර්යේෂණ වාර්තාවක් මගින් තහවුරු වී ඇත්තේ පිරිමින් හා සම සමව ස්ත්‍රීන්ද ,ලිංගික සහකාරියන් ලෙස ක්‍රියාකරන බවයි.

එහෙත් පුරුෂයන් තමන් ආශ්‍රය කළ ස්ත්‍රීන් සම්බන්ධයෙන් පමණට වඩා උත්කර්ෂයෙන් යුතුව ගණනය කිරීම් කරද්දී ස්ත්‍රීන් තමන් සැබවින්ම ආශ්‍රය කළ පිරිමින් සම්බන්ධයෙන් බොරු කියන වග පර්යෂකයන් ඔප්පු කරදෙයි. එහිදී ඔවුන් පිරිමින්ට වෙනස්ව තමන් පුරුෂයන් කී දෙනකු සමඟ තමන් ලිංගික සම්බන්ධතා පැවැත්වීද යන්න සත්‍යය හෙළිදරව් නොකිරීම තුළ තෘප්තියක් විඳීන බව සමීක්ෂණයෙන් පෙන්වාදෙයි.


2003 දී මේ පර්යේෂණය සිදුකළ ද ගෙවී ගිය දශකයක කාලය තුළ පර්යේෂණයේ ප්‍රතිඵල තව දුරටත් තහවුරු කෙරෙන වාර්තා මිස එය අභියෝගයට ලක්කෙරෙන යමක් ප්‍රකාශයට පත් නොකෙරුණු වග සමීක්ෂකයන් සිහිපත් කරයි. මෙතුවක් කාලයක් මේ පර්යේෂණයේ ප්‍රතිඵල සමාජගත කරනු නොලැබූ නමුත් එය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මනෝවිද්‍යා හා ලිංගික විද්‍යා ක්ෂේත්‍රයේ අවධානයට ලක්වුණු බව කියැවෙයි.

වයස අවුරුදු 18-25 ත් අතර උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් 300 ක් පමණ මේ පර්යේෂණයට දායකවී තිබේ. එකිනෙකට වෙනස් හැසිරීම් 124 ක් පිළිබඳ ප්‍රශ්නාවලියකින් ඒ ඒ අය ඇතුළත් වන්නේ කුමන ලිංගික චර්යා ක්ෂේත්‍රයටදැයි හෙළිදරව් කරගනු පිණිස ඔවුන් විසින් මේ ප්‍රශ්න යොමු කර ඇත.

ලිංගික කරුණු කාරණා වලට අදාළව සියලුදෙනාම පාහේ සාවද්‍ය කරුණු කියාපාන්නට දැඩි උනන්දුවක් දක්වන නමුත් ඉතා සූක්ෂම ලෙස මනෝ විද්‍යාත්මකව සකස්කළ ප්‍රශ්නාවලියෙන් හා භාවිතයට ගනු ලැබූ වෛද්‍ය උපකරණ මගින් සැබෑ දත්ත ඒකරාශි කරගැනීමට ඔවුනට හැකිවී ඇත.

මීට පෙරාතුව කරන ලද පර්යේෂණ මගින් පිරිමින් ලිංගික සබඳතා තුළ කිළිටි ඇඳුම් ඇඳීම, නොහොබිනා විහිළු කිරීම ආදිය පිළිබඳ වැඩි ඉඩක් ඇති බවට කරුණු අනාවරණය වුවද කවි ලිවීම, පුරුෂ ශරීරයක බර ඉසිලීම වැනි ස්ත්‍රීන් වැඩි කැමැත්තක් දක්වන කරුණු කෙරෙහිද එක සමානවම මේවන විට පිරිමින් උනන්දුවන බව මේ පර්යේෂණය මගින් තහවුරු වී තිබේ.

“ මෙය ලිංගිකත්ව සමානත්වය මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ඒකාකාරිත්වය මැනවින් පෙන්වාදෙනු ලබන පර්යෂණයක්” ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරී ෆිෂර් පෙන්වාදෙයි. ඔහු 2003 දී සිදුකළ මේ පර්යේෂණයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

බොහෝ පිරිමින් තමන් ලිංගික සබඳතා පැවැත්වූ සැබෑ ස්ත්‍රීන් සංඛ්‍යාව පමණ ඉක්මවා උපුටා දැක්වීම සඳහා බොරු කියන විට, ස්ත්‍රීන් තමන් ඇසුරු කළ පිරිමින් සංඛ්‍යාව ඉතා අවමකොට දැක්වා එකී සත්‍යය වසංකිරීම සඳහා බොරු කියයි. පිරිමින් එය හෙළිදරව් කිරීමෙන් සතුටක් ලබන අතරම ස්ත්‍රීන් එය වසංකිරීම තුළින් තෘප්තියක් ලබයි. දෙපාර්ශවයටම පොදු කාරණය වන්නේ බොරුවයි.

“සත්‍යය එකම වුවද මිනිසුන්ට සහ ගැහැනුන්ට ඔවුනොවුන්ගේ ලිංගික චර්යා පිළිබඳ ඇත්තේ වෙනස් පිළිතුරු “ මහාචාර්ය ටෙරීෆිෂර් අවධාරණය කරනු ලබන්නේ එබැවිනි.

ප්‍රියාන් ආර් බණ්ඩාර
(samakaya)
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.