සීනි කොහේ දැම්මත් කූඹි එනවා...

පාසල් නිල ඇඳුමෙන් සම්මුඛ පරීක්ෂණයට ආපු පුංචි කොලු ගැටයා ආරම්භයේදීම සිරසේ මතක හිටින ලකුණක් වුණා. කාලයකට පස්සේ ඒ කොලු ගැටයා පරිනත වෙලා සිරසෙ සිරසටම ආවා. දැන් ඔහුට කියන්න වගේම අපිට අහන්නත් බොහෝ දේ තියෙනවා. ඒක නිසා කවුරුත් දන්න කියන කිංස්ලි හොයාගෙන අපි සිරසට ගියා...


• පෞද්ගලික ආයතනවල මුල් පුටුව කියන්නේ සංගීත පුටු තරගයක්. කිංස්ලි කොහොමහරි මේ තරගෙන් පුටුව අල්ලගන්නවා නේද.....?
එළියෙන් බලන කෙනාට මේක සංගීත පුටු තරගයක් වගේ පේනවා. ඒත් සමකාලීනව අපට අයිති පුටු ටික අනුපිළිවෙළින් ලබාදෙන එකයි මේ කරන්නේ. මේක මහ පුටුද පොඩි පුටුද පරපුටුද කියන්න මම දන්නේ නෑ. මම මෙහෙම කියන්නම්; සුරංගිද අල්විස්, තමාලි පීරිස් වගේ අය මා පිය උරුමයෙන්ම මේ ක්‍ෂේත්‍රයට ආවා. භවන්ත ප්‍රසාද් වගේ අය තරුණ සේවා සභාව හරහා ආවා. මම උසස්පෙළ කරලා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න කාලේ මේකට සම්බන්ධ වුණා. මරික්කාර් ගත්තොත් ඔහු මොබයිල් විෂන් කියන බස් එකේ අප්ඩේට් දෙන්න ආපු කෙනා. ඔහුත් මාධ්‍යට ආවා. බුද්ධික පතිරණ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ ආවා. මේ විදියට අපි හැමෝම එක එක කාලවලදී එක එක පාරවල්වලින් ඇවිත් සිරසට එකතු වුණා. එතැනදී අපිව විවිධ අංශවලට පුහුණු කරනවා. ඒක තමයි අපි කාලෙන් කාලෙට පුටුවේ ඉඳගන්නවා පුටුවෙන් නැඟිටිනවා වගේ බාහිරින් බලන කෙනෙක්ට පේන්නේ.


• කලින් තිබුණ සිරසයි වසර 10කට පස්සේ අද ඔබ දකින සිරසයි එකක්මද....?
නෑ. හුඟක් වෙනස්. නිවේදකයකු ලෙස වාඩිවෙන මොහොතේ දැනුණු වෙනසත් පරිපාලකයෙක් ලෙස වාඩිවෙන මොහොතේ දැනුණු වෙනසත් එක වගේම අලුත් විශේෂයකින් මට දැනෙනවා.


• මම ඇසුවේ සිරසේ අභ්‍යන්තර ගුණාත්මක බව වෙනස් වෙලාද කියලා.
සිරස පද්ධතියක් විදියට අරගෙන බැලුවම මට හිතෙනවා සංගීතය වගේ දේවල්වල දිශානතිය තීරණය කිරීම පොදු වෙලා තියෙනවා කියලා. ඉස්සර රේඩියෝ එක දැම්මම ඉවෙන් වගේ මේ සිරස කියලා කියන්න පුළුවන්. දැන් ඔක්කොම රේඩියෝ එක වගේ. වේගෙන් යනවදෝ කියන සැකය එළියේ ඉඳලා ආපු කෙනෙක් විදියට මට දැනෙනවා. පුද්ගලයාගේ පෞරුෂය ආයතනයේ පෞරුෂය තීරණය කරනවා කියලා එක්තරා පිළිගැනීමක් තියෙනවා. කතාවට ගුවන් විදුලියේදී කියන්නේ ර්ථීඥපඵධදචතඪබර එක ඉබචබඪධදචතඪබර එකක් වෙනවා කියලා. කොහොම වුණත් මගේ පොඩි හැඟීමක් තියෙනවා නිර්මාණශීලීත්වයට නම් මේ ක්‍රමය ඇතුළේ ඉඩක් නැද්ද කියලා.


• මේ තරම් වෙනස් වෙලා තියෙන සිරසට කවුරුත් දන්න කියන කිංස්ලි ඇවිත් කරන්න යන වෙනස මොකක්ද....?
අපේ හිටපු ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියෙක් වගේම මම ගරු කරන හොඳ පරිපාලකයෙක් කියපු කතන්දරයක් මට මතක් වෙනවා. ඒ තමයි එච්.එම්. ගුණසේකර මහත්තයා. ඔහු මට දවසක් කිව්වා..... 'කිංස්ලි අපි කරන වැඩ කතා කරනවා මිසක් අපි කතා කරන්න නරකයි කියලා. ප්‍රශ්නෙට උත්තරෙත් ඒකමයි. අපේ වැඩ කතා කරනවා නම් කරන්න යන වෙනස ගැන වේලාසනින් කතා කරන එකේ තේරුමක් නෑ.


• කිංස්ලි කොටුවෙන් කොටුවට මාරු වෙනවා. මේ යන ක්‍රමේට ශ්‍රාවකයෝ අතරමං වෙන්නේ නැද්ද......?
මේ ප්‍රශ්නයේ ආකෘතියටම මම විරුද්ධයි. මම කොටු පනින කෙනෙක් නෙවෙයි. මම ආරම්භයේදී සම්බන්ධ වුණ ආයතනය අවුරුදු 19ක් තිස්සේ කිසිම දවසක වෙනස් කරලා නෑ. ආයතනය විසින් ලබාදෙන ක්‍ෂේත්‍ර මාරු කිරීමට එකඟ වුණා විතරයි. මම මේ ආයතනය දාලා නොගියේ වෙන ආයතනවලින් ඉල්ලීම් නැතිව නෙවෙයි. මම මේ ආයතනය සම්බන්ධයෙන් තෘප්තිමත්.


• එකම ආයතනයේ තැනින් තැනට මාරු වුණා වුණත් ඔයා යන යන පස්සෙන් ශ්‍රාවකයන්ට එන්න පුළුවන්ද.....?
මම පිටිපස්සෙන් එන අයට අතරමං වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද මම එදා සිට අද දක්වා කරපු වැඩ සටහන්වල න්‍යාය සහ හරය බැලුවොත් මම හැමදාම හිටියේ එකම මතයක. ඒත් මට විවිධ වේශයෙන් පෙනී ඉන්න පුළුවන්. ඒ නිසා මම පසුපස එන අය මගේ දර්ශනය අරගෙන මගේ හරය පසුපස එනවා නම් ඔවුන් අතරමං වෙන්නේ නෑ.


• කාලෙකට පස්සේ සූරිය සිරස කරද්දි කලින් හිටපු ශ්‍රාවකයෝ අදත් ඔබත් එක්ක ඉන්නවා කියලා දැනුනද....?
ඔව්, ඉතාම තදින් හිතුණා. කිරුළ කරද්දිත් ඒක දැනුණා. මම දැනගෙන හිටියා හැම කාලයේම අපි කරන වැඩ ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න කණ්ඩායමක් වෙනම ඉන්නවා කියලා. ආකර්ෂණීය භාවයට එන තව පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් වින්දනයට එනවා. සරලම උත්තරය තමයි "සීනි කොහේ දැම්මත් කූඹි එනවා."


• කිරුළ හොඳ තැනක තියෙද්දි නැවැත්තුවේ ඇයි?
කිරුළ කියන්නේ වෙනස් ආකාරයක ඉලක්කගත කණ්ඩායමකට යවපු දෙයක්. ගුණාත්මක පැත්තට වැඩි ඉඩක් දීපු වැඩක්. කිරුළ ඇහුණ වපසරිය ගත්තත් සීමිතයි. ඒකට ආයෝජනය කළ මුදල සහ වැය ශීර්ෂය ඉතාම අල්පයි. අපි ගුවන් ගත වුණේ දවස් 600යි. අපි ගියේ වෙන පාරක. අපිට දීලා තිබෙන කාලයත් එක්ක කොයිතරම් දුරකට ඒ පාරේ යන්න පුළුවන්ද කියන අභ්‍යාසයේ තමයි අපි නිරත වුණේ. මේ වෙලාවේ අපි කිරුළ ශ්‍රාවක පිරිසට ආරාධනා කරනවා ලංකාවේ අංක එකේ ගුවන් විදුලි නාළිකාව සිරස එක්ක සම්බන්ධ වෙන්න කියලා.


• සිරස අංක 1 නම් මේ තරම් කරදර වෙන්නේ 2, 3 .... ළඟට ඇවිල්ල නිසාද?
ගුවන් යානයක් ගුවන් ගත වුණාම අපි දැන් ගුවනේ ඉන්නේ කියලා ෆෑන් නිවා දමනවාද? අවශ්‍ය උසට ආවා කියලා ෆෑන් නිවා දැම්මොත් අපිව වැටෙන්න පටන් ගන්නවා. අමාරු ඊචඬඥ එකයි ර්ණීටට එකයි නෙවෙයි. උඩ තියාගන්න එකයි. සරලව කිව්වොත් දෙක තුන ළඟ ඉන්නවාද කියන කාරණය වලංගු වෙන්නේ ඒකයි.


• කාලයක් කිංස්ලි පේන්න නොහිටියේ කවුරුහරි කිංස්ලිගේ තටු කැපුවද.....? නැත්නම් කිංස්ලිම තටු හකුළ ගත්තද.....?
තටු තියෙන්නේ පියාඔන්නම නෙවෙයි. තටු තිබුණට හැම කුරුල්ලම පියාඹන්නේ නෑ. පෞද්ගලිකව කිව්වොත් මම කරන වැඩේ කළා මිසක් මගේ වැඩ කතා කළා මිසක් මම ඉදිරිපත් වුණේ නෑ. අවුරුදු දෙකහමාරක් තිස්සේ මම පුවත් මාධ්‍යයට සම්මුක සාඛච්ඡාවක් දීලා නෑ. පෞද්ගලිකව හිතාමතාම මම වහන්වෙලා හිටියා.


• දැන් රේඩියෝ අහන ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා. පරණ දේවල් අරගෙන ඇවිත් නාගන්න වෙයිද....?
කොහොමත් එක කොටසක් අත්හැර දැමීමේ වේදනාවට ලක්කරන්න සිදුවෙනවා. එක කණ්ඩායමක් තෝරා ගත්තම අනෙක් කණ්ඩායම දුකට පත්වෙනවා. කණ්ඩායම් දෙකම නළවන්න ගියොත් මැද කොටසත් හැලිලා යනවා. මේක අමාරු වෑයමක්. අපි දැනට මනින්නේ පරණ සහ අලුත් කියන බාල්දි දෙකෙන්. ඒකනේ ඔය නානවද කියලත් අහන්නේ. ඉතින් බාල්දි ක්‍රමය අයින් කරලා ටැප් ක්‍රමේට හරි ටබ් ක්‍රමයකට හරි ගියොත් මොකද......? මම මිණුම් ක්‍රමය වෙනස් කරනවා. එතකොට මනින ඒකකයත් වෙනස් වේවි.


• එෆ්. එම් නාළිකාවක වැඩසටහන් හැදෙන්නේ ආයතනයට ඕන විදියටද? ශ්‍රාවකයාට ඕන විදියටද? දේශපාලනයට ඕන විදියටද?
ඔය තුනටම අනුව නෙවෙයි. විශේෂයෙන්ම වාණිජ ගුවන් විදුලියක වැඩසටහන් මූලික වශයෙන්ම ඔප්නැංවෙන්නේ වෙළෙඳ ධාරාවන් විදියට. සරල උදාහරණයක් මම කියන්නම්. පළිබෝධනාශක පානය කළොත් ඕනම කාලයක ජීවිත හානි වෙනවා. හැබැයි "පළිබෝධනාශක අනතුරු සහිතයි" කියලා කියන්නේ අස්වැන්න නෙළන කාලෙට විතරයි.


• කිංස්ලි කාලෙන් කාලෙට කරළියට එන්නේ දේශපාලනයට එන්න සුදුසුකම් හදාගන්නද...?
මම දේශපාලනය කළේ උසස්පෙළට සහ විශ්වවිද්‍යාලයේදී විෂයක් හැටියට විතරයි. ඒ හැරෙන්න ප්‍රායෝගික පක්‍ෂ දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නෑ. නමුත් ලංකාවේ සංස්කෘතික දේශපාලනය කියන කොටස මාධ්‍ය විසින් හසුරුවනවා. ඊළඟට සමාජ දේශපාලනයේ යෙදීමේ අයිතිය හැම මනුස්සයෙකුටම තියෙනවා. ඒ දේශපාලනයේ නම් මම කොහොමත් ඉන්නවා.


• අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් දක්වා ආපු කිංස්ලි අන්තිමේ සිරස ජ්ර් නාළිකා ප්‍රධානියා විදියට එන්නේ පිත්තල බොත්තම් මොනවත්ම නැති කබායක් විතරක් ඇඳගෙනද...?
තනතුර ස්ථානගතකරන ධුරාවලිය ආයතනයෙන් ආයතනයට වෙනස්. අධ්‍යක්‍ෂවරයා කියන තනතුර ටෙලි නාට්‍ය කර්මාන්තයේ චිත්‍රපට කර්මාන්තයේ විතරක් නෙවෙයි අවමංගල්‍යායතනයෙත් තියෙනවා. අපි වැඩ කරන්නේ සමාන ලකුණෙන් එහාට තියෙන ප්‍රතිඵලය වෙනුවෙන් මිසක් අපිට ලැබෙන කබායේ බොත්තම් ගාණට නෙවෙයි. මූලික වශයෙන් අපි වරප්‍රසාද සහ වැටුප සම්බන්ධයෙන් එකඟතාවකට ඇවිත් ඉන්නවා. ඉන් එහාට අපි හිතන්නේ නෑ.


වාසනා සුරංගිකා විතානගේ
ඡායාරූපය - රුවන් වල්පොල
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.