ලිංගික ශක්තිය වඩවන හොඳ කැඳකි හාතාවාරිය

යහපැවැත්ම යන වචනය සිතට නැඟෙත්ම බොහෝ දෙනකුට හැඟෙනුයේ යම්කිසි පුද්ගලයකුගේ යහපත් සමාජයේ පසුබිමයි. එනම් අව්‍යාජ, අවංක, සමාජ හිතෛෂී බවක්් ඇති අයකු යන හැඟීමයි. එහෙත් යහපැවැත්ම යනු හුදෙක් පුද්ගලයාගේ හැසිරීම්, චර්යා රටාවම පමණක් නොවේ.

ඔහුගේ ආහාර ගැනීමේ රටාවද යහපැවැත්මට අදාළ සංසිද්ධියකි. අප ගන්නා ආහාර බඩගින්න නිවීම සඳහාම ඇවැසි දෙයක් යැයි සිතීම අනුවණකමකි. මන්ද යත් පුද්ගලයාගේ නිරෝගී බව, ජවසම්පන්න බව, නිරෝගී බව මෙන්ම මානසික දියුණුවටද ආහාරවලින් ලැබෙන පිටිවහල ප්‍රශස්ත වන බැවිනි.

සුබදායී ආහාර වේලකින් සිදුවිය යුත්තේ රෝගී පුද්ගලයකු නිරෝගී කිරීම සහ නිරෝගී අයකු රෝගවලින් ආරක්‍ෂා කරගැනීමට හැකි වීමයි. අද වන විට එම පදනමෙන් මිදී බොහෝ දෙනකු ආහාර හරහා රෝග ලබා ගැනීමේ අවදානමක පසුවෙති. එය ශෝචනීය සිදුවීමකි. බටහිර ආහාර රුචිකත්වය නිසා සමාජයේ විවිධ පුද්ගලයෝ විවිධ රෝග වැලඳ ගැනීමේ අවදානමේ සිටිති.


යථෝක්ත සියලුම කරුණු සැලකිල්ලට ගනිමින් රෝග පීඩාවලින් ළතැවෙන පුද්ගලයන්ට එයින් අත්මිදීමටත්, නිරෝගී පිරිසට තව තවත් නිරෝගී වීමටත් ආයුර්වේදයේ සඳහන් ගුණදායී ආහාර නිවෙසේදීම සකස් කර ගන්නා ආකාරය පිළිබඳ ඔබට පැවැසීමට අපි අදහස් කළෙමු.
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරිය - ආයුර්වේද වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය රෝග නසා ශරීරයට ශක්තිය ලබාදෙන දිව්‍යමය ආහාර නිවෙසේදීම සාදාගන්නා ආකාරය පිළිබඳ අපට පැවැසීමට ඉදිරිපත් වූවාය.


"ඕනෑම පුද්ගලයකුට සමාජයේ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ආහාර ප්‍රධාන වශයෙන් බලපානවා. වත්මන් ක්‍ෂණික ආහාර වගේ නෙවෙයි අපේ දේශීය ආහාරවල පුදුම තරම් නිරෝගී ගුණයක් සහ ඔෟෂධීය ගුණයක් පවතිනවා. අතීතයේ පටන්ම අපේ පැරැණි මුතුන් මිත්තන් ධෛර්ය සම්පන්නව වැඩ කළේ දේශීය ආහාරවල ඇති ගුණාත්මක බව නිසයි. දාගැබ්, වැව් වගේ විශිෂ්ට නිර්මාණ රජ කාලෙ සිටම ඉතා කෙටි කාලයකින් ඉදි වුණේ අද පවතින ක්‍ෂණික ආහාර ගත් මුතුන් මිත්තන්ගේ මැදිහත්වීමෙන් නෙවෙයි.

අතීතයේ් සිටම අපේ මිතුන් මිත්තන් ආහාර ගැනීමේදී බඩ පිරෙන ආහාර ගන්න ඕන කියන පදනමෙන් මිදිලා එහි ගුණාත්මක බවත් සැලකිල්ලට ගත්තා. ඒ නිසයි අතීතයේ අද පවතින ලෙඩ රෝග නොතිබුණේ. අද වන විට අලුත් අලුත් ලෙඩ රෝගවලින් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. ඒ රෝගවලින් බහුතරයක් රෝග වැලඳෙන්නේ අයහපත් ආහාර රටාව නිසයි. ඒනිසා අප සිතට ගත යුතුයි සෑම මොහොතකම ගුණාත්මක සහ සිරුරට ලේ වඩන ජවය වඩන ආහාර ගන්න.


ආහාර ගැනීමේදී අපි ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු කරුණු රාශියක් තිබෙනවා. යම්කිසි සැලකිල්ලක් තමන් ගන්නා ආහාර පිළිබඳ සෑම කෙනෙක්ම දක්වන්න ඕනෙ. බුදුහිමි පවා දේශනා කරලා තිබෙනවා සෑම පුද්ගලයකුගේම කායික සහ මානසික යහපැවැත්මට ආහාර අත්‍යවශ්‍යයි කියලා. අනෙක් කරුණ තමයි ආධ්‍යාත්මික ප්‍රබලත්වයක් ලබන්න දුර්වල මනසකට බෑ. මනස ප්‍රබලවීමටත් ආහාර ගොඩක් බලපානවා.


බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රෝටීන්, ඛනිජ ලවණ, කබෝහයිඩේ්‍රට් ආදී සමබල ආහාර වේලක් ගත්තොත් සෑම පුද්ගලයකුටම යහපත් නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. නමුත් ඒ සිද්ධාන්තය වචනයට පමණක් සීමා වුණු දෙයක් විතරයි. කොයිතරම් සමබල ආහාර වේලක් ගත්තත් එක් රෝගයකට හරි මුහුණ නොදෙන අයෙක් නෑ.
ආයුර්වේදයට අනුව පුද්ගලයා ගන්නා ආහාරය "හිත ආහාරයක්" විය යුතුයි.

එහෙමත් නැතිනම් ශරීරයට හිතකර ශාකමය ආහාරයක් විය යුතුයි. හිතකර ආහාරයක් කියන්නේ එකින් එක විරුද්ධ නැති ආහාර. උදාහරණ විදියට ගත්තොත් මී පැණි සහ මී කිරි එකට කෑම අහිතකරයි. ඒ වගේම දිය, ගොඩ මාංස එක්ව ආහාරයට ගැනීමත් අහිතකරයි. ඒ වගේ එකිනෙකට විරුද්ධ ආහාර නොගෙන හිතකර ආහාර ගන්නව නම් නිරෝගී ජීවිතයක් ගත කිරීම ඉතාම පහසුයි.


සරලවම කීවොත් ආයුර්වේදයට අනුව නිවැරැදි ආහාරයක් කියන්නේ අධි මාත්‍රාවටත් නැතිව අවම මාත්‍රාවටත් නැතිව නියමිත මාත්‍රාවට පමණක් ශාරීරික ප්‍රසාදනය පිණිස ගන්නා ආහාරයක්."
පුද්ගලයාගේ යහපත් දිවිපැවැත්මට ඉතාමත් වැදගත්වන ආහාර භාවිතය පිළිබඳ ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවල සඳහන් වන බවද හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය.
"ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, භාව ප්‍රකාශ, අෂ්ඨාංග හාද සංහිතාව වගේ ග්‍රන්ථවල පුද්ගලයාට හිතකර ගුණදායී ආහාර පිළිබඳ සඳහන් වෙනවා.


උණ, අජීර්ණය, වමනය යෑම, අතීසාරය වගේ රෝගවලින් පෙළෙන අයකුට ඉක්මන් සුවය ලබාදෙන ඔෟෂධීය කැඳක් හදන හැටි මම කියන්නම්. කැඩුණු හාල් කොටස් එකක් අරගෙන ඒකට ඒ වගේ වතුර කොටස් හතරක් දමා හොඳින් තම්බා බත් ඇට උකු ද්‍රාවණයක් වෙන්න තළාගෙන ඒකට ලුණු, ඉඟුරු කුඩු ස්වල්පයක් දමා පානය කරන්න. පෙර සඳහන් කළ රෝගවලට ඒ කැඳ පානය ගොඩාක් සුවදායකයි. ඇඟට ශක්තිය වඩවනවා.

ඒත් රෝගියාට ඒ ලෙඩවලට අමතරව උගුරේ අසහනයක් රුධිරය පිටවන රෝගයක් වගේ තිබෙනව නම් හාල් වෙනුවට බාර්ලි ඇට යොදාගන්න එක ගුණයි.
ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් හෘදය ආශි්‍රත රෝග පීඩාවකින් වේදනා විඳිනව නම් පොරි කොටසකට වතුර කොටස් හතරක් එකතු කරලා හොඳින් තම්බා ලුණු ස්වල්පයක් ඉඟුරු කුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා බොන්න දෙන්න."
උණ, අජීර්ණය, අතීසාරය, වමනය ආදී රෝගවලට ගොදුරු වූ පුද්ගලයන්ට ආහාර ගැනීමට ඉතාමත් අපහසු පසුබිමක් උදාවේ. එබැවින් ගත අඩපණ වීම, ශරීරය කෘෂ වීම වැනි රෝගාබාධවලටද මුහුණ දීමට ඔහුට සිදුවේ.

ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි ඉහත සඳහන් කරන ලද කැඳ වර්ග එම රෝගියා දෛනිකව පානය කරන්නේ නම් කෑම රුචිය වර්ධනය වී ශරීර සෞඛ්‍ය ප්‍රාණවත් වේ. එය රෝග සුවය සඳහා ප්‍රධාන සාධකයක් වේ.


"කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම හොඳින් ගැළපෙන තවත් කැඳ වර්ගයක් තිබෙනවා. ඒ කැඳ වර්ගය ආහාරයට ගන්න පුළුවන් මුත්‍රා රෝගයකින් පෙළෙන අවස්ථාවකදී හෝ ශරීරය අප්‍රාණික වුණු අවස්ථාවකදී. ඒක පේයා කැඳක් වතුර කොටස් දහහතරකට හාල් කොටස් එකක් දාලා හොඳින් තම්බා ඒ උකු කැඳ ආහාරයට ගන්න. මුත්‍රාශය ආශි්‍රත සෑම රෝගයකටම ඒක හොඳ ගුණාත්මක ආහාරයක්.


යමෙක් උණ වගේ රෝගයකින් පෙළෙන අවස්ථාවකදී ඔහුට ආහාර අරුචිය දැනෙනවා. ඒ ආහාර අරුචිය මකාලන්න ආයුර්වේදයේ හොඳ ඔෟෂධීය ආහාරයක් තිබෙනවා. ඒක "විලේපී" ඔෟෂධීය ආහාරයක්. හාල් කොටස් එකකට වතුර කොටස් 4ක් දමා සාමාන්‍ය බතක් පිසින ආකාරයට පිසගන්න. එහි වතුර ගතිය යන්නට කලින් බාගන්න (බෙරි බතක් වන සේ). බාගත් බෙරි බතට ඉඟුරු කුඩු, ලුණු කුඩු ටිකක් දමා පෙරුම්කායම් සමඟ රෝගියාට කන්න දෙන්න.


ඕනෑම රෝගයක් වැලඳීමෙන් පසුව පුද්ගල ශරීරයෙහි දක්නට ලැබෙන්නේ අප්‍රාණික බවකි. අපෘෂ්ටිමත් බවකි. රෝගය සුව වූ පසුවද ආහාර ගැනීමට අප්‍රිය හේතුවෙන් ඔහුගේ සිරුර දුර්වල වේ. සෑම රෝගයකම අවසානය එයයි. රෝගය සුව වූ පසුවද ශරීරය දුර්වල නම් අප්‍රාණික නම් රෝගය නිසා ශරීරය පැහැය දුර්වර්ණ වී ගියේ නම් හැරපත්දෙණිය මහත්මිය එයට භාවිත කළ හැකි වටිනා ඔෟෂධයක් හඳුන්වා දුන්නාය. එය නමින් "යුෂ" ලෙස හැඳින්වේ.


"ඕනෑම රෝගයකට මුහුණ දී හටගත් රෝගය සුව වූ පසුවත් කෑම අරුචිය තිබෙනව නම් සිරුර අප්‍රාණික නම් රෝගයේ ප්‍රතිඵලයක් විදියට ශරීරය දුර්වර්ණ වී නම් ශරීර පෝෂක ඔෟෂධීය ආහාරයක් නිවෙසේදීම සාදාගන්න හැටි මම කියන්නම්. ඒකෙ නම "යුෂ', පරිප්පු, මුං ඇට, උඳු, කඩල, කව්පි, ඉරිඟු ආදී ධාන්‍ය වර්ග කිහිපයක මිශ්‍රණයක් හෝ එක් ධාන්‍ය වර්ගයක් අරගෙන ඒකට වතුර ස්වල්පයක් දමා ඉඟුරු ග්‍රෑම් 60ක් මිශ්‍ර කරලා ලුණු ස්වල්පයක් දමලා හොඳින් තම්බන්න. වතුර සින්දලා තම්බලා අරගෙන ධාන්‍ය තළලා තලපයක් වගේ වෙන්න හදාගෙන එළඟිතෙල් සමඟ හරි වෙනත් මිශ්‍රණයකින් තොරව හරි ආහාරයට ගන්න. එමඟින් ආහාර රුචිය වගේම පිපාසයත් වර්ධනය වෙනවා.

ශරීරය ප්‍රාණවත් වෙනවා. රෝගී සිරුරේ අවපැහැගතියත් පහව යනවා."
රෝගී පුද්ගලයන්ගේ කාය දුබලත්වය දුරුකොට ප්‍රාණයක් ලබාදීමට ප්‍රබල ලෙස භාවිත කරන දියරමය ඔෟෂධයක් ලෙස "සුප්" වර්ග හැඳින්විය හැකිය.

ශරීරය අප්‍රාණිකත්වය, අජීර්ණය, අතීසාරය ආදී විවිධ රෝග රැසකට සුවය ගෙන දීම පිණිස ආයුර්වේදයේ විවිධ සුප් වර්ග නම් කොට ඇති බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය.
ආයුර්වේදයේ "මාංස සුප්" රෝග නාශනයට ප්‍රබල ඔෟෂධයකි. ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි සෙම් රෝග සඳහා එළු මස් සුප්ද, අජීර්ණය, අතීසාරය වැනි රෝග සඳහා කුකුල් මස් සුප්ද ගුණදායකය. සෙම් රෝගවලට අමතරව ලිංගික දුබලතා මඟහරවාලීමටත්, එක්තැන් වූ රෝගීන්ටත්, අස්ථි බිඳුණු පුද්ගලයන්ටත් ඒ සෑම රෝගාබාධයකින්ම මිදීමට සුවිශේෂී එළු සුප් පානයක් සාදාගන්නා ආකාරය හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.


"බොහෝ පිරිසකට මානසික පීඩාවක් ගෙන දෙන සෑම ලිංගික රෝගයකටම අනතුරකින් හෝ වෙනත් හේතුවකින් අස්ථි බිඳුණු අයට නිසි සුවයක් ලැබීමටත්, එක්තැන් වුණු වයෝවෘද්ධ පුද්ගලයන්ට කායික ශක්තියක් ලැබීමටත් හොඳ ඔෟෂධීය ගුණයක් ඇති එළු සුප් එකක් හදාගන්නා ආකාරය මං කියන්නම්. මුලින්ම කටු නැති එළු මස් කොටසක් අරගෙන ඒ වගේ වතු කොටස් හතරක් එකට මිශ්‍රකර හොඳින් තම්බන්න. තම්බන අතරතුර ලුණු, ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කර ඉඟුරු කුඩු ස්වල්පයක් ඒකට එක් කරන්න. හොඳට මස් කැබලිවෙලා සුප් එක තැම්බුණාම රෝගියාට බොන්න දෙන්න. වතුර කොටස් හතරක් නිසා ඒක උකු ගතිය හේතුවෙන් බොන්න අකැමැති නම් වතුර කොටස් 8ක් එක් කර දියර ගතිය ටිකක් වැඩිකර ගත්තට ගැටලුවක් නෑ.


මේ මාංස රස සුප් එක දින කිහිපයක් ගැනීමෙන් අස්ථි බිඳීම් රෝග සුව තත්ත්වයක් වගේම ලිංගික රෝග සුව වී හොඳ කායික ප්‍රාණවත් බවක් ඇති වෙනවා.
සමහර රෝගීන්ට බඩේ වාතය නිසා මලබද්ධ තත්ත්වයන් හට ගන්නවා. නිතර නිතර අජීර්ණය ඇති වෙනවා. එවන් රෝගීන්ට ධාන්‍ය කිහිපයක භාවිතයෙන් සාදන ඔෟෂධීය ගුණ සහිත රොටී වර්ගයක් සාදන හැටි මම කියන්නම්.

මුලින්ම කරන්න ඕනේ බාර්ලි, තිරිඟු, හාල්, කඩල ධාන්‍ය වර්ග සමව අරගෙන කබලෙ හොඳින් බැදලා කොටන්න. සිහින් වෙන්න කොටාගත් ඒ කුඩු ආයුර්වේදයේ "සක්කු" කියලා හඳුන්වනවා. ඒ කුඩුවලින් රොටී සාදාගෙන කෑම මගින් මළබද්ධය, කෑම දිරවීමේ අපහසුතා, බඩේ වාතය රැඳී ඇති ගතිය ආදී රෝග රැසක් සුවවෙනවා. ඒ වගේම මේ රොටී හොඳ රසවත් ආහාරයක්.
ආයුර්වේදයේ ප්‍රමුඛස්ථානය හිමි තවත් ඔෟෂධීය ගුණ සපිරි ආහාර වර්ගයක් වන්නේ පලතුරුය. ආයුර්වේදයේ විවිධාකාර

වශයෙන් ඔෟෂධ ලෙස රෝගීන්ට භාවිත කිරීමට උපදෙස් ලබාදෙයි. පලතුරු යුෂ පානය කරවීම හරහා රෝගීන් නීරෝගී කිරීම මෙම "පානක" වල ඇති සුවිශේෂත්වයයි. ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට රෝගයකින් පෙළෙන පුද්ගලයකුගේ සිරුරෙහි පවතින්නේ කායික දුබලතාව සහ මහන්සියයි. නැතහොත් කෑම අරුචියයි. එම සියලුම දුබලතා පලවා හැර රෝගය සුවපත් කරවීමේ ප්‍රබල සාධකයක් වන කායික ශක්තිය ලබාදීම සඳහා යෝග්‍ය ඔෟෂධීය පලතුරු යුෂ පානයක් සාදා ගන්නා ආකාරය හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.


"ඒක නමින් චින්ඩා පානය කියලා හඳුන්වනවා. හොඳින් ඉදුණු ඇට ඉවත් කරන ලද සියඹලා ග්‍රෑම් සියයක් විතර ගන්න. ඒකට සීනි ග්‍රෑම් 200ක්, ලුණු ග්‍රෑම් දහයක් මිශ්‍රකරලා වතුර මිලි ලීටර් හාරසියයක් පමණ ඒකට දමා සියල්ලම හොඳින් දිය කරන්න. ඉන්පසුව කබලෙ බැදගත් ගම්මිරිස් කුඩු ග්‍රෑම් 5ක්, සූදුරු ස්වල්පයක් මිශ්‍ර කරලා රෝගියාට බොන්න දෙන්න.

කෑම අරුචිය ඇති අයට ආහාර ගැනීමේ රුචිකත්වයත්, මලබද්ධය ඇති එය දුරලා ශරීරයට ප්‍රාණය ලබාදීමටත් මේ ඔෟෂධීය ප්‍රාණය ගොඩාක්ම වැදගත් වෙනවා.
ඒ වගේම තමයි සමහර පුද්ගලයන්ට උෂ්ණ කාලයට ඇඟ දැවිල්ල. උෂ්ණ බිබිලි හට ගැනීම, තෙහෙට්ටු බව ඇති වෙන ගතියක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයකදී ශරීරය සිසිල් කර නව ප්‍රාණයක් ලබාගන්න හොඳ ඔෟෂධීය පලතුරු පානයක් අඹවලින් හදාගන්න පුළුවනි. ඒකට අවශ්‍ය වෙන්නේ ඉදුණු අඹ නෙවෙයි.

අමු අඹ. අමු අඹ ගෙඩි ඔබට අවශ්‍ය ප්‍රමාණයක් අරගෙන කෙසෙල් කොළේක ඔතලා උණු අළුපල්ලේ හොඳින් තම්බා ගන්න. ඉන්පසුව අඹ තැම්බුම් පැහැයට ඇවිත් බෙරි ගතියක් ගන්නවා. ඊට පස්සෙ තැම්බූ අඹ ගෙඩිවල ඉස්ම අරගෙන සීනි ස්වල්පයක්, ගම්මිරිස්, ලුණු ස්වල්පය බැගින් එකට මිශ්‍ර කරලා මිංචි කොළ ඉස්ම ටිකක් ඒකට මිශ්‍ර කරලා බොන්න. මේ පානයේ හොඳින් ඇඟ සිසිල් කිරීමේ ගුණයක් පවතිනවා. තෙහෙට්ටුව ඇඟ දැවිල්ල, උෂ්ණ බිබිලි හට ගැනීමේ රෝග ආදී මේ හැම රෝගාබාධයකටම මේක හොඳ ඔෟෂධීය පලතුරු පානයක්.


දේශීය ආහාර ක්‍රමවේදයෙ බඩ ගින්නට සේම පුද්ගල කායික ශක්තිය වර්ධනයටත් රෝග නාශනයටත් විවිධ ගුණාත්මක ආහාර නිපැයුම් පවතී. ඒ අතර සලාද, මැල්ලුම් ලෙස, පලා වර්ග භාවිත කිරීම තුළින් විවිධ රෝග නාශනය කළ හැකි බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.


"දේශීය ආහාර පිසීමේදී අපේ අතීත ගෘහණියන්ට නැතිවම බැරි දෙයක් තමයි මැල්ලුමක්. සලාදයක් කියන්නේ. විවිධ රෝග ඇති පුද්ගලයන්ට ඒ ඒ රෝග සුව කර ගැනීමට සුදුසු මැල්ලුම සලාදය අපේ ගෘහණියන් දන්නවා. අවාසනාවකට අද බොහෝ දෙනෙක් ඒක දන්නෙ නෑ. තෙබු කොළ, කෝවක්කා, ඇඹරැල්ලා දලු, පැෂන් කොළ එකින් එක ඕනෑම වේලාවක සලාද විදියට ආහාරයට ගන්න පුළුවන්. ඒ සෑම පලා වර්ගයක්ම දලු සිහින්ව ලියාගෙන රතු ලූනු, අමු මිරිස්, පොල්, දෙහි යුෂ, ලුණු මිශ්‍ර කර සලාද ලෙස සාදා ගන්නට නම් රස, ගුණ, රෝග නාශන ගුණයත් ඒ ඔෟෂධීය සලාදය සතුව පවතිනවා.


ඒ අතර තෙබු, කෝවක්කා වගේ පලා වර්ග දෛනිකවම සලාද, මැල්ලුම් ලෙස ආහාරයට ගන්නව නම් දියවැඩියාව රෝගය නිට්ටාවට සුව කර ගත හැකිය. ඒ වගේම තමයි පැෂන් පලා අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට ඉතාමත් ගුණදායකයි."
වර්තමානයේ බොහෝ දෙනා කොළ කැඳ පානය කිරීමෙන් දැඩි ලෙස අත් මිදී සිටිති. එහෙත් එම ශාක සාරයන් ශරීරයේ හටගන්නා විවිධ රෝග සඳහා දිව්‍යමය ඔෟෂධයක් බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය.


"නිරෝගී ජීවිතයක් ගත කරන්නත් රෝග දුරු කරන්නත් කොළ කැඳ හොඳ ඔෟෂධීය පානයක්. දේශීය චිකිත්සාවේ විවිධ පලා භාවිත කරලා කොළ කැඳ පානයක් සාදා ගැනීමේ වැදගත්කම සඳහන් වෙනවා. ඒ අතර කරපිංචා කැඳ කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය නැති කිරීමට ඉතාමත්ම හොඳයි. ඒ වගේම විවිධ ලිංගික දුබලතා ඇති අයගේ එම දුබලතාවන් මඟ හැරගන්න හාතවාරිය කැඳ පානය කිරීම ඉතාමත්ම ගුණදායකයි. වඳ බවින් පසුවන පුද්ගලයන්ට වඳභාවය දුරු කර ගන්න වගේම ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශි්‍රත රෝගවලට හාතවාරිය කැඳ හොඳ ඔෟෂධීය පානයක්. ශරීරයේ දැවිල්ලට ඉරමුසු කොළ කැඳක් අක්මාව ආශි්‍රත රෝගීන්ට හීන්බෝවිටියා කොළ කැඳත් සෙංගමාල රෝගයෙන් පෙළෙන අයට මොනරකුඩුම්බියත් හොඳ ඔෟෂධ වෙනවා.


එපමණක් නොව කැස්ස, පීනස, ඇදුම වැනි රෝග ඇති අයට සුදු ලූනු සහ ඉඟුරු හොඳින් දැමූ එළබටු කොළ කැඳ ඉතාමත්ම ගුණදායක බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය.


දේශීය ආයුර්වේදයේ සඳහන් පරිදි ස්වාභාවික පරිසරයෙන් ලද ඔෟෂධීය ශාකසාර දායාදය යමකු නිසි ලෙස ආහාරයට ගැනීමට කටයුතු කරන්නේ නම් ඔහු සැබවින්ම නිරෝගී පුද්ගලයකු වන බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවා. ස්වභාවධර්මයේ නිසි පල නෙළන පුද්ගලයා ස්වභාවධර්මය විසින් නිරන්තරයෙන්ම රකිනු ලැබෙයි.


ආයුර්වේදයේ "මාංස සුප්" රෝග නාශනයට ප්‍රබල ඔෟෂධයකි. ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි සෙම් රෝග සඳහා එළු මස් සුප්ද, අජීර්ණය, අතීසාරය වැනි රෝග සඳහා කුකුල් මස් සුප්ද ගුණදායකය. සෙම් රෝගවලට අමතරව ලිංගික දුබලතා මඟහරවාලීමටත්, එක්තැන් වූ රෝගීන්ටත්, අස්ථි බිඳුණු පුද්ගලයන්ටත් ඒ සෑම රෝගාබාධයකින්ම මිදීමට සුවිශේෂී එළු සුප් පානයක් සාදාගන්නා ආකාරය හැරපත්දෙණිය මහත්මිය පැවැසු�
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.