ජයවර්ධනපුර රෝහලේ රසායනාගාරයේ ගින්නක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රසායනාගාරයේ අද (12) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබේ.රෝහල් අධ්‍යක්ෂ රවීන්ද්‍ර ගමගේ මහතා පැවසුවේ එම ගින්න රෝහලේ රසායනාගාරයේ ඇල්කොහොල් සාන්ද්‍රන තුල හටගත් බවය. එම ගින්න හේතුවෙන් මේ වන විට දෙදනෙකුට සුලු තුවාල සිදු වී රෝහල වෙත ඇතුළත් කළ බවත් මේ වන විට ගින්න මැඩ පැවැත්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රියානි විජේසිංහ
Previous Post Next Post