දෙවැනි මනාලිය හැඩ කිරීමට යොදාගත හැකි විලාසිතාවක්

දෙවැනි මනාලිය ද විවිධ විලාසිතාවන්ට අනුව හැඩගැන්වීම අද බොහෝවිට දක්නට පුළුවන්. මේ නිසා මනාලියට මෙන්ම දෙවැනි මනාලියට ද විශේෂ තැනක් හිමිවෙනවා. දෙවැනි මනාලියගේ විලාසිතාවන් ගැන ද අප මීට පෙර ඔබට තොරතුරු ගෙන ආවා.

මෙන්න ඔබට දෙවැනි මනාලිය හැඩ කිරීමට යොදාගත හැකි තවත් විලාසිතාවක්.
ඉණ සිට එන ඔසරිපොට මේ විලාසිතාවේදී සාරි හැට්ටයේ බ්‍රාකට් කොටසින් පටන් ගැනීම සිදුවේ. ඔබ පසුගිය සතියක දෙවැනි මනාලියට ගත් මිමි අනුවම මූලික පතරොම සකස්කර ගන්න.
ඉන්පසු මූලික පතරොම පෙර පරිදිම අඟල් 1 1/2 ක් පහළට ගන්න. දැන් ඔබ සකස් කරගත් පරිදි උරහිස සිට බ්‍රාකට් දක්වා උස ලකුණු කරගන්න.
මෙහිදී බ්‍රාකට් රේඛාව ස්ට්‍රේට් ලයින් එකක් ආකාරයට ඇඳගන්න. වෙනදා අඳින කවාකාර රේඛාව වෙනුවට ස්ට්‍රේට් ලයින් ඇඳගන්න. දැන් වෙන්කරගත් හැට්ටයේ ඉදිරිපස පතරොම උඩ කොටස අපි මුලින් පාඩමකදී ගත් පරිදි පි‍්‍ර‍්‍රන්සස් ලයින් ආකාරයට ඔපනැලි ඉවත්කර අලවාගන්න.
මෙසේ ඔපනැලි ඉවත්කර ගත් පසු බ්‍රාකට් එකෙන් උඩ කොටස පි‍්‍ර‍්‍රන්සස් ලයින් ආකාරයට සම්බන්ධ කරගන්න. ෆ්‍රන්ට් එක නැම්මට කපාගන්න.
ඉන්පසු සාරි පොට එම උඩ කොටසත් බ්‍රාකට් එකත් අතරට එකතුකර මසාගන්න. හැට්ටය ෂෝල්ඩර් ගැදර් ආකාරයට සකස්කර සාමාන්‍ය ඉන්දියානු අත අල්ලා ගන්න. හැට්ටයේ පිටුපස පසුගිය පාඩමකදී අප කියා දී ඇති සේ Buckle or ring එකක් දමා සකස්කර ගන්න. (3 රූපය)
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මැහුම් නිර්මාණ ශිල්පිනී අරුණී සිල්වා (අරුණි බ්‍රයිඩිල්)
රූ රටා - ටිරොන්
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.