අතේ තිබෙන මුදලට ඉඩමක් අරන් ගෙයක් හදන්න ඔබටත් පුළුවන්

අපි කවුරුත් අපිටම කියලා වෙන් වුණු තැනක නිදහසේ කල් ගෙවන්න කැමැතියි. නිවෙසක අවශ්‍යතාව අපිට මතුවන්නෙත් ඒ නිසාමයි. ඔබේම සිහින නිවෙස ඉදි කරගන්නට අදහසක් තිබුණත් ඔබේ ආර්ථිකය ඊට බලපෑම් කරන බව නම් නිසැකයි.
ඒ නිසා ඔබේ අතේ ඇති මුදලට හිතේ ඇති නිවෙස ඉදිකර ගන්න නම් මේ කරුණු වැදගත් වේවි.

භූමිය
මුලින්ම ඔබ නිවෙස ඉදි කිරීම සුදුසු ඉඩමක් තෝරා ගත යුතුය. එහිදී ඔබේ අවධානය යොමු වන්නේ අවට පරිසරය වෙතයි. ඔබේ ඉඩම පිහිටි භූමියේ ස්වභාවය පිළිබඳ නිසි දැනුමක් ඔබ සතු වීම වැදගත්ය. එතැන් පටන්ම ඔබ අතින් සිදුවන අනවශ්‍ය වියදම් කපා හැරිය හැකිය. එනම් තැනිතලා භූමියක් නම්, පොළොව ගිලා නොබසින තද පොළොවක් නම් එම භූමිය සැකසීමට ඔබට දැරීමට වන්නේ අඩු පිරිවැයකි.

සැලසුම් ශිල්පියා
නිවෙසේ සැලැස්ම ඇඳීමට තෝරා ගන්නා සැලසුම් ශිල්පියාද සුදුසුකම් ලත් පළපුරුදු අයකු වීමත් වැදගත්ය. එවිට ඔහුගේ දැනුම සමඟ ඔබ හා හොඳින් සාකච්ඡා කර නිසි තීරණයකට පැමිණ ක්‍රියා කිරීම පහසු වේ. එමෙන්ම ඔබේ ආර්ථික තත්ත්වය පිළිබඳ එනම් ඔබ නිවාස ණයක් ගන්නවාද, අත ඇති මුදලින් නිවෙස තනනවාද යන්න ගැන ඔහුව දැනුම්වත් කරන්න. එවිට ඔහු ඔබේ ආර්ථික ශක්තිය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔබට සරිලන ආකාරයෙන් සැලැස්ම සකසයි.
බොහෝ දෙනා තමාට හැකි ආකාරයට නොව වැඩි අලංකරණය ගැන පමණක් සැලකිලිමත් වෙමින් මුදල් නිරපරාදේ අපතේ යවයි.

පවුලේ අදහස්
නිවෙසක් සැලසුම් කරන විට පවුලේ අයගේ සහයෝගය ලැබිය යුතුමයි. එනම් සැමියා මෙන්ම භාර්යාවද මුළුතැන්ගෙය පැන්ටි්‍රය ආදී අංශවල පිහිටීම ගැන සිය අදහස් දක්වා සිටිය යුතු වේ. එහි දිවි ගෙවන සෑම දෙනාගේම අවශ්‍යතාව අනුව නිවෙසක් ඉදි කිරීම වඩා සාර්ථක වන්නකි.

අත්තිවාරම
නිවෙසක අත්තිවාරම එහි සවි ශක්තිය දරා ගැනීමට තරම් විය යුතුය. එය තීරණය වන්නේ ඔබේ නිවෙස තනි මහලක්ද, මහල් දෙකක්ද යන්න මතය. කොලම් දැමීමේදී පොළොවට දරා ගත හැකි වන අයුරින් පළල වැඩි කළ යුතුය. නමුත් තද පොළොවක නම් කොලම් දැමීමට ගැඹුරින් පස හෑරිය යුතු නොවේ. එම පොළොව බර දැරීමට තරම් තද ස්වභාවයක් ගන්නා නිසා එලෙස අනසි අයුරින් වියදම් දැරීමට සිදු නොවන බැවිනි.

නිවෙස් හිමියාගේ දැනුම
ඔබත් නිවෙසේ සැලැස්ම, ගොඩනැඟිලි ද්‍රව්‍ය ආදිය පිළිබඳ තරමක් හෝ දැනුම්වත් භාවයෙන් යුතු වීම වැදගත්ය. එවිට පෙදරේරු කුලිය හා අතිරේකව වැයවීම් සම්බන්ධව සැලකිලිමත් වෙමින් මුදල් ඉතිරි කරගත හැකිය. තවද ඉන්ජිනේරුවරයා, සැලසුම් නිර්මාණ ශිල්පියා හා පෙදරේරුවා සමඟ පවතින හොඳ සන්නිවේදනයත් සුන්දර නිවෙසක් ඉදිකිරීමට විශාල පිටිවහලක් වේ.

කොන්ක්‍රීට් කණු (කොලම්)
නිවෙසක කොන්ක්‍රීට් කණු යෙදීමේදී ද ඔබ සැලකිලිමත් විය යුතු කාරණා රැසකි. කොලම් 2ක් අතර පරතරය අඩි 20ක් නම් ඒ සඳහා තරමක් විශාල කම්බි යෙදිය යුතුය. ඒත් කොලම් පරතරය අඩි
10-12ක් පමණ ගතහොත් පොඩි කම්බි යොදා ගනිමින් ඉදිකර ගැනීමට හැකිය.
නවීන ඉන්ජිනේරු ක්‍රමවේද අනුව මහල් 2කින් යුත් නිවෙස් කොන්ක්‍රීට් කනු නැතිව ඉදි කරන අවස්ථාද ඇත. අත්තිවාරම සවිමත් බවට තහවුරු කළ හැකි නම් කොන්ක්‍රීට් කණුවල අවශ්‍යතා ඉවත දැමිය හැකි අවස්ථාද ඇත. මහල් දෙකකින් නිමවෙන නිවෙසේ යට මහලේ බිත්ති ඉදිවන අයුරින් ඒ මත හිටින සේ ඉහළ මහලේ බිත්තිද ඉදි කිරීමට හැකිය. මේ සඳහා නිසි ගෘහ නිර්මාණ හා සැලසුම් ශිල්පියකුගේ උපදෙස් ලැබිය යුතුමය.

ස්ලැබ් (ඉතචඡ)
මහල් 2කින් ඉදිවන නිවෙසක වැඩි පිරිවැයක් දරන්නට සිදුවන්නේ ස්ලැබ් - එක සඳහාය. මේ සඳහා දැන් නවීන පහසු ක්‍රමවේද සොයාගෙන ඇත. එනම්,
• පෙර සවි බීම්
• ධ්ඛ්ඛ් යන ක්‍රමවේද ඒවාය.

පෙර සවි බීම්
මෙහි ස්ලැබ් එක දැමීමට බිත්ති 2ක් අතර ඇති 2න් 2ට මෙම බීම් යොදා ගැනේ. මෙම ස්ලැබ් එකේ ඝනකම අඟල් 2ක් පමණ වේ. මේ ආකාරයට ස්ලැබ් එකක් දැමීමට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය පිරිවැයට වඩා 30%ක් පමණ අඩුවෙනි. සාමාන්‍යයෙන් ස්ලැබ් එකක ඝනකම අඟල් 5කි. අවසානයේ පොටී ඇද ඉතා සුමට අයුරින් මෙය නිමා කරගැනීමට හැකිය.

ධ්ඛ්ඛ්
මෙහිදී සිදුවන්නේ කොන්ක්‍රීට් කැබැල්ලක් බීම් එකට ඇතුළු කිරීමය. මෙයද අඟල් 2ක ස්ලැබ් එකකි. මෙලෙස නව ක්‍රමවේද සොයා යමින් ඔබේ පිරිවැය අඩුවන අයුරින් නිවෙස් නිර්මාණය කර ගැනීමට හැකිය.

නිවෙස ඇතුළත
නිවෙස ඇතුළත දැකුම්කලු සුන්දර පෙනුමකින් දිස්විය යුතුය. ඒ නිසා මනා කළමනාකරණයකින් යුතුව මෙය සැලසුම් කිරීම වැදගත්ය. ඇතැම් විට නිවෙස්වලට කපරාරු නොකරන තීන්ත ආලේප කරන අවස්ථාද ඇත. ඉන් නිවෙසට කලාත්මක ස්වභාවයක් ගෙන එයි.

දැන් පොළොවට ටයිල් වෙනුවට සිමෙන්තිද භාවිත කරයි. ටයිල් කැට තරමක් මිලෙන් අධික වන නිසා ඔබට මෙවන් ක්‍රමයන්ට යොමු වීමට හැකි වේ. කොන්ක්‍රීට් පොළොව සුමට කර ටෙරාසෝ පෙනුම ලබා ගත හැකි අවස්ථාද ඇත. ඉන් නිවෙසට වැඩි ඔපයක් ගෙනදීමට හැකිය. කොටසක් ඉදිකළ නිවෙසක පොළොව ටයිල් කිරීමට ඔබ අදහස් කරන්නේ නම් ඊට වඩාත් සුදුසු වෙන්නේ ටයිල් කැට ඇලවීමය. එහි ගම් ආලේපය තරමක් අධික වුවත් ඔබේ පහසුව හා අමතර වියදම් අවම කිරීමට එය සුදුසු ක්‍රමවේදයකි.

වහලය
නිවෙසේ සැලැස්ම ඇඳීමට පෙර වහලය පිළිබඳ අවධානය යොමු කරන්න. මන්ද ඔබේ නිවෙස ඉදි කිරීමකදී වැඩි පිරිවැයක් වහල සඳහා දැරිය යුතු නිසාය. වහලය සඳහා යොදා ගත යුතු වන්නේ ඇස්බැස්ටස්ද, ලීද යන්න ඔබ තීරණය කළ යුතු වේ. අඩු වියදමින් කිරීමට වඩාත් සුදුසු වන්නේ ජ්තධධප සිවිලමය. එනම් පරාල සවි කළ යුතු වන්නේ සිවිලිමට ආවරණය වන ලෙසය. පරාල පෙනෙන ලෙස සවි කරන්නේ නම් එය වර්ණ ගැන්වීමට සිදුවේ. බොහෝ විට ඇස්බැස්ටස් ෂීට් මේ සඳහා යොදා ගන්නේ සතුන් ගැවසීම අඩුවීමත් අරමුණු කරගෙනය.

‍ෙදාරටු
නිවෙසට පිවිසෙන ‍ෙදාර කැටයම් යොදා ආකර්ෂණීය අයුරින් නිම වේ. මේ සඳහා වැඩි වටිනාකමකින් යුත් කොස් ලී යොදා ගැනීම වැදගත්ය. ඉන් වැඩි පෙනුමක් ලබා දෙන අතරම කල් පැවැත්මද ඉහළය. නමුත් කාමර සඳහා අඩු වියදමින් තුනී ලෑලි ‍ෙදාරවල් සවි කිරීමට හැකිය.
දැන් ‍ෙදාර උළුවස්ස ප්ලාස්ටික් හෝ කොන්ක්‍රීට් ආදියෙන්ද නිම වෙයි. කොන්ක්‍රීට්වලින් ඉදිකළ උළුවස්සක් අද පහසුවෙන්ම ඔබට මිලට ගැනීමට හැකිය.
ප්ලාස්ටික් ‍ෙදාර කාලයත් සමඟ වර්ණ වෙනස් වෙමින් ඇද ස්වභාවයක් ගන්නා නිසා එය ලාභදායී නොවේ. ඇලුමිනියම් රාමුව සහිත ‍ෙදාර සවි කිරීම මීට වඩා ලාබදායී ක්‍රමයකි.

ගෙවත්ත
නිවෙසකට පුංචි ගෙමිදුලකින් ගෙන එන්නේ වැඩි ආකර්ෂණීය පෙනුමකි. නමුත් මෙහිදී ඔබ පළපුරුදු ගෙවතු අලංකරණ ශිල්පියකුගේ සහාය ලබා ගැනීම වැදගත්ය. එහිදී අනවශ්‍ය නාස්තිය වළක්වාගෙන ඔබේ අවශ්‍යතාව පරිදි එය සිදු කළ හැකි විශ්වාසවන්ත අයකුගේ සහාය ලබා ගන්න.

ශාලිකා රංගනී සමරදිවාකර
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.