වස විස නැති කෑම කන්න ඕනෙ නම් මෙන්න විසඳුම්


දැනට වසර 60-70 කට පමණ පෙර සිට රසායනික පොහොර භාවිතයට යොමු වන ආකාරය හඳුනාගන්න පුළුවන්. එහිදී කෘමිනාශක මෙන්ම වල්නාශක අතිශය ජනප්‍රිය වුණා. එදා අපි ගෙවත්තෙන් නෙළාගත් එළවළු හෝ පලතුරු ආහාරයට ගැනීමෙන් එහි නැවුම් බව එලෙසින්ම පවත්වාගැනීමට හැකිවුණා. වර්තමානයේ මේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඊට ප්‍රධාන හේතුව වූයේ ආහාර කල්තබා ගැනීම හා එහි සුරක්‍ෂිත බව සඳහා මෙන්ම වැඩි අස්වැන්නක් ලබාගැනීමටත් යම් යම් රසායනික සංයෝග එකතු කිරීමයි. මෙයාකාර ආහාරවලට එකතුවන රසායනික සංයෝග අපගේ ශරීරයට හිතකරද, අහිතකරද යන්න කෙරෙහි පර්යේෂණාත්මක කටයුතුද ක්‍රියාත්මකයි.
  කාබනික ආහාර
පාරිභෝගිකයන් වන අප නිතරම ඉල්ලා සිටිය යුත්තේ රසායනික භාවිතයෙන් තොර ආහාර නිෂ්පාදනය. මේවා කාබනික ආහාර ලෙස හඳුන්වනවා. ඇමෙරිකාව වැනි දියුණු රටවල දැඩි රීති මත කාබනික ආහාර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. එපමණක් නොව එවැනි රටවල රසායනික භාවිතයෙන් තොර කාබනික ආහාර සම්බන්ධයෙන් පාරිභෝගිකයාට සහතිකයක් ලබාදීමට (කාබනික ලේබලය සටහන් කිරීම) කටයුතු කිරීමත් දැකගන්න පුළුවන්.

කාබනික පොහොර
කාබනික පොහොර භාවිතයෙන් සකස් කරන ආහාර පිළිබඳ පුද්ගලයන් දරන මත රැසක් හඳුනාගත හැකිය.
• පුද්ගලයන්ගේ විශ්වාසයට අනුව කාබනික ආහාර ආරක්‍ෂාකාරී වෙයි.
• විස සහිත බවක් නොමැත.
• ඒවා පෝෂණ ගුණයෙන් වැඩියි.
• එමෙන්ම රසයෙන්ද උසස්ය.

මෙයාකාර පුද්ගලයන් දරන මත කෙතරම් දුරට නිවැරැදිදැයි බලමු. සාමාන්‍යයෙන් නැවුම් එළවළු, පලතුරු, පලාවර්ග ආදියේ රසයේ වෙනසක් හඳුනාගත හැකිය.
නිද: ඔබේ ගෙවත්තේ තිබෙන කෙසෙල් කැන මඳක් ඉදුණු පසු නෙළාගෙන දින කිහිපයකින් හොඳින් ඉදවා ආහාරයට ගැනීමේදී හා වෙළෙඳපොළෙන් මිලදී ගන්නා කෙසෙල් ආහාරයට ගැනීමේදී ඔබට වෙනසක් හඳුනාගත හැකිය. එයට හේතුව වන්නේ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා කෙසෙල් ඉක්මනින් ඉදවීම ස¼දහා යම් රසායනික ක්‍රියාවකට යොමු කිරීමයි.

පලතුරු
ලංකාවේ විශේෂයෙන් අඹ, අන්නාසි සහ කෙසෙල් යන පලතුරුවලට රසායනික සංයෝග එකතු කිරීම හඳුනාගත හැකිය. බොහෝවිට අන්නාසි ඉදවීමට අන්නාසි ගෙඩිය සහිත ශාකයටම විස රසායනික සංයෝග එකතු කරයි. මේ නිසා පාරිභෝගිකයන් වන අපි අපගේ ආහාරවේල සෞඛ්‍ය සම්පන්න අයුරින් පවත්වාගැනීමට දෙවතාවක් සිතිය යුතුය.

කෘමිනාශක ඉසීම
පිටරටින් ආනයනය කරන පලතුරු අතර ඇපල්, ‍ෙදාඩම් හා මිදිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සැබැවින්ම මේවා නැවුම් පලතුරු ලෙස හැඳින්විය නොහැකිය. මෙවැනි පලතුරු කල් තබාගැනීමට හා කෘමීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට කෘමිනාශක ඉසින්නේ අහස්යානා මඟිනි. ප්‍රමිතියක් අනුව අස්වැන්න නෙළාගන්නේ නම් ඉන් අහිතකර තත්ත්ව ඇති නොවේ. එහෙත් වෙනත් රටවලට අපනයනය කරන විට එහි ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් නිකුත් කළ හැකිද යන්න ගැටලුවකි.
පර්යේෂණාත්මක සාක්‍ෂිවලට අනුව සාම්ප්‍රදායික ලෙස වගාකරන එළවළු හා පලාවර්ග රසයෙන් වැඩි බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඒවා සෞඛ්‍යානුකූල වීමත් වැදගත් කරුණක්.

පර්යේෂණ
පුද්ගලයන් අතර පවතින තවත් මතයක් වන්නේ කාබනික පොහොර භාවිතයෙන් සකස් කරන ආහාර පෝෂණ ගුණයෙන් වැඩි බවයි. මේ පිළිබඳ පර්යේෂණවලින් නිවැරැදි සාක්‍ෂි හඳුනාගත නොහැකි වුවත් පලතුරුවල තිබෙන විටමින් ඛ්, ඒ හා ඡ් පෝෂණ සංඝටකවලට වෙනසක් සිදු නොවන බව සොයාගෙන තිබෙනවා.
කිරි ආහාර
ශාකවලින් ලබාගන්නා එළවළු පලතුරු, අලවර්ග, පලාවර්ගවලට අමතරව මස්, බිත්තර, කිරි යනාදිය මිලදී ගන්නා පාරිභෝගිකයන්ට පෙර පරිදිම රසායනික සංයෝගවලින් පීඩා විඳීමට සිදුවෙනවා.

කිරිපිටි, දියරකිරි සම්බන්ධයෙන් පවතින මතයට අනුව ස්වාභාවික තණබිම් උලාකන හරක්ගෙන් ලැබෙන කිරි පෝෂණ ගුණයෙන් හා රසයෙන් වැඩිය. මේ පිළිබඳ තොරතුරු පර්යේෂණාත්මක සාක්‍ෂි සහිතය.
එළකිරි
එහෙත් කිරි සම්බන්ධයෙන් පැනනඟින ගැටලුව වන්නේ කෘමිනාශක ඉස වගාකරන ලද තණකොළ හරකුන්ට ආහාරයට සලසාදීමත් එමඟින් රසායනික සංයෝග කිරිවලට එකතු වීමට ඉඩකඩ සැලසීමත්ය. මහා පරිමාණයෙන් කිරි නිෂ්පාදනය කරන රටවල් බොහෝවිට මෙයාකාර තණකොළ වගා කිරීම හඳුනාගන්න පුළුවන්. එහෙත් ග්‍රාමීය මට්ටමින් වුවද කෘමිනාශක සහිත වෙල්, කුඹුරුවලින් තණකොළ කන හරකුන්ගේ කිරිවලටද මෙවැනි රසායනික සංයෝග එකතුවීම වැළැක්විය නොහැකිය.

හෝමෝන
අනෙක් අතට හරක් වැනි සතුන්ගේ වර්ධනය සඳහා ලබාදෙන හෝමෝන, රසායනික එන්නත් නිසා අපේ ශරීරයට අහිතකර සංයෝග එකතුවීමට අවදානමක් තිබෙනවා. එමෙන්ම කුකුළු මස් සඳහා කිසිදු එන්නත් භාවිත නොකරන බවට ඒ ඒ ආයතනවලින් සහතික නිකුත් කළද ඒවායේ නිවැරැදි බව කෙරෙහි විමසා බැලිය යුතු වෙනවා.

කුකුළු මස්
කුකුළු මස් සම්බන්ධයෙන් සැලකීමේදී නිදැල්ලේ සැරිසරන කුකුළන්ගේ (ගම් කුකුළන්) මස් හා බිත්තර පෝෂණ ගුණයෙන් වැඩි යැයි සැලකෙන්නේ ඔවුන් ස්වාභාවික රසායනික සංයෝග අඩංගු නොවන ආහාර ගන්නා නිසාය. එහෙත් කුකුළු ගොවිපොළවල කුකුළු කෑම භාවිත කරන ආකාරය හඳුනාගත හැකිය. ඒවාද රසායනික සංයෝග සහිතය. එමෙන්ම ගොවිපොළවලින් ලබාගන්නා මස්, බිත්තරවලට වඩා නිදැල්ලේ හැසිරෙන කුකුළන්ගේ මස් හා බිත්තරවල ඔමේගා 3 මේද අම්ලය අඩංගු බවද දැනට සොයාගෙන තිබෙනවා.

ඇමෙරිකාව වැනි රටවල රසායනික ද්‍රව්‍ය එකතු කිරීමට ඉඩනොදෙමින් දැඩි නීතිරීති යටතේ බලාත්මක වන ගොවිපොළ මඟින් පාරිභෝගිකයන්ට හිතකර ආහාර සපයනවා. රසායනික, කෘමිනාශක අඩංගු වන ගොම භාවිතයෙන් පවා ඔවුන් වැළැකී සිටිනවා.

ලෙඩරෝග
රසායනික පොහොර භාවිතයෙන් එළවළු, පලතුරු හා අලවර්ග වගා කිරීමේදී නයිට්‍රජන් සංයෝගය වැඩිය. නයිට්‍රජන් රසායනික සංයෝග ප්‍රමාණය ඉක්මවා ලැබීම අපගේ ශරීරයට අහිතකරයි. මේ නිසා ශාරීරික ආබාධ, සමහර පිළිකා තත්ත්වද ඇතිවිය හැකිය. මේ නිසා රසායනික පොහොර භාවිතයේදීද වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

රෝගකාරක බැක්ටීරියා
කාබනික පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයක් ලෙස දැනට සොයාගෙන තිබෙන්නේ මේවායේ ඇතැම් විට යම් යම් අහිතකර බැක්ටීරියා ආහාරයට එකතුවීමට ඇති හැකියාවයි. විශේෂයෙන් කාබනික පොහොර සඳහා සත්ත්ව මලපහ යොදාගන්නා බැවින් එම සත්ත්ව මලපහවල සිටින ඊකොලයි බැක්ටීරියාව ඇතැම්විට රෝගකාරක විය හැකිය. එමෙන්ම යම් යම් ශාරීරික ආසාදන ඇතිවීමටත් මෙය බලපෑම් කරනවා.

වකුගඩු රෝගය
වර්තමානයේ රසායනික පොහොර යටතේ එන නිකල්, කැඩ්මියම්, රසදිය ආසනික් වැනි බැර ලෝහ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතාම අහිතකර වෙනවා. උතුරු මැද පළාතේ ශීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට මේ බැර ලෝහවලින් බලපෑමක් ඇතිවිය හැකි බව සිතිය හැකිය.
ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණයන් මඟින් පෙන්වා දී ඇත්තේ නිදැල්ලේ හැසිරෙන (ගම් කුකුළු) කුකුළු මස්, බිත්තරවල ආසනික් මට්ටම අඩු බවයි.

රෝග අවදානම
පර්යේෂණාත්මක සාධකයන්ට අනුව රසායනික සංයෝග සහිත ආහාර ගැනීමෙන් දිගුකාලීන රෝගාබාධ ඇතිවිය හැකි බවට නිගමනයක් ඉදිරිපත් කර නොමැති නම් ශාරීරික වශයෙන් ඇතිවිය හැකි අවදානමක් නැතුවාම නොවේ.
• දිගුකාලීනව රෝග අවදානම වැඩි.
• පිළිකා, වකුගඩු, ආමාශයේ රෝග අවදානම.
• දියවැඩියාව අවදානම.
ප්‍රායෝගික විසඳුම්
පාරිභෝගිකයන් වන අපට කෘමිනාශක වැනි රසායනික සංයෝගවලින් තොර සෞඛ්‍යාරක්‍ෂිත ආහාරවේලක් ලබාගැනීමට සුදුසු ප්‍රායෝගික විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරමු.

• ඔබගේ ආහාර නිෂ්පාදනය වන්නේ කුමන ස්ථානයකින්ද යන්න කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට පාරිභෝගිකයාට අයිතියක් තිබේ.
• ඔබට කුඩා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනය කරන ස්ථානවලින් ගතහැකි ආහාර ලබාගන්න.
නිද: එළවළු, පලතුරු, පලාවර්ග ඒ ඒ නිෂ්පාදනය කරන නිවෙස්වලින් හෝ ගොවිපොළවලින් ලබාගන්න. එමෙන්ම කෘමිනාශක යෙදීම පිළිබඳවත් අවදානය යොමුකරන්න.

• ඔබ වෙළෙඳපොළෙන් එළවළු හා පලතුරු මිලදී ගැනීමේදී යම්කිසි දිස්නයක් සහිතව ඉතා අලංකාරව අසුරා තබන ඒවා මිලදී ගැනීමේදී මඳක් සිතන්න.
නිද: වෙළෙඳපොළේ තක්කාලි රතු පැහැතිව, දිස්නයක් සහිතව තිබේ නම් ඒවාට කෘමිනාශක එකතු කර ඇත. එහෙත් පැහැයෙන් අඩු, තැනින් තැන පණුවන් විද තිබෙන ඒවායේ රසායනික කෘමිනාශක අඩුවෙන් යෙදූ ඒවා විය හැකියි. කාබනික පොහොර යොදා නිපද වූ ඒවාය. (පණුවන් විදින්නේ කෘමිනාශක අඩු වූ විටය)
තමන්ගේ නිවෙසේ හැකි ප්‍රමාණයට වගා කරගන්න. ඉඩකඩ සීමිත බව ගැටලු කර ගන්න එපා. මල්පෝචිචියක තක්කාලි පැළයක්, මිරිස් පැළයක්, ගොටුකොළ පලාවර්ගයක්, බණ්ඩක්කා වැනි එළවළුවක් වගා කරගන්න. එක් ආහාර වේලකට හෝ මේවා එකතු කරගන්න.

• ගොවි සංවිධාන මඟින් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට යොමුකරන්න. කාබනික පොහොරවලින් නිපදවන ආහාර සඳහා වැඩි ඉල්ලුමක් හා වැඩි මිලක් ලබාදෙන බැවින් ගොවියන් ඊට යොමුවීම, මෙමඟින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමුවීටම කටයුතු කරන්න.
මෙවැනි ප්‍රායෝගික විසඳුම්වලට යොමුවන ඔබට සෞඛ්‍ය හා ශාරීරික යහපැවැත්ම හොඳින්ම පවත්වා ගෙන යෑමට හැකියාව ලැබෙයි.
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.