ජේයාතිෂ ශාස්ත්‍රයට සමීප විවිධ විෂයන් අතර
නිමිති ශාස්ත්‍රය ප්‍රධාන තැනක් ගනියි. දෛවඥයෙක් අංගසම්පූර්ණ වීමට නම්
නිමිති ශාස්ත්‍රය පිළිබඳ යන්තම් හෝ අවබෝධයක් තිබිය යුතුයි.
ජේයාතිෂ ශාස්ත්‍රය ආරම්භයේදී නැකැත් රාශිය ලග්න හා පංචාංගය පිළිබඳ
අවබෝධ වීමට පෙර ශාස්ත්‍රඥයෝ අනාවැකි කියන ලද්දේ මෙම නිමිති ශාස්ත්‍රය
උපයෝගී කරගෙනය. ජේයාතිෂ ශාස්ත්‍රයට මුල්ම නෑකම් කියන බැබිලෝනියන්වරුන්
මිදුලට බැස ඉණට අත තියාගෙන අහස, පොළොව, ගහකොළ, ඉර - හඳ බලා, ඇසට පෙනෙන දේ
කනට ඇසෙන දේ සිතට දැනෙන දේ ගැන සිතා පුදුම විදියේ අනාවැකි පවසන ලදී.
මෙසේ ඇළ - ෙදාළ, සයුර දෙස බලා අනාවැකි කියන, ශාස්ත්‍රඥයන් නොවන
ගැමියන්ටද නිමිති දැක පුදුමාකාර අනාවැකි කියන්න ශක්තිය තිබෙන බව මගේ
අත්දැකීමයි. දිනක් මම ඇල්පිටියේ භාරංගල්ල නමැති ග්‍රාමයේ අවමඟුලකට
සහභාගිවීමට ගියෙමි.
වේලාව දහවල් 12ට පමණ ඇත. එම ග්‍රාමයේ එක් ගැමියකු මිදුලට බැස අහස හා
වටපිටාව බලා අද අවමඟුලදා කටයුතුවලට බාධක වන ලෙස සවස ධාරානිපාත වැස්සක් වසින
බව පැවැසුවේය. මමත් අහස දෙස බැලුවෙමි. අහස මත හොඳට හිරු රැස් පතිතව
තිබිණි. වැහිවලාවක ලකුණක්වත් නොදුටුවෙමි. එහෙත් පුදුමයක මහත එම ගැමියා කිවූ
පරිදි පස්වරු 4.00 වන විට ඇදහැලුණු ධාරානිපාත වැස්ස පස්වරු 7.00 දක්වා එක
දිගට පැවැතීමෙන් එම අවමඟුලේ ආදාහන කටයුතුවලට බාධා විය.
මෙම කාලගුණ අනාවැකිය ඔහු කීවේ කෙසේද? එය නම් ඔහු තුළ පාරම්පරිකව තිබූ නිමිති ශාස්ත්රයේ අවබෝධයයි.
දක්ෂ ජේයාතිර්වේදියා පලාපල කියැවීමේදී ත්‍රිවිධ ආකාරයකට නිමිති දකිනු ලැබේ.
1. ශකුනය - තම ඇසට පෙනෙන දේ
2. උල්ලාසය - තම කනට ඇසෙන දේ
3. චෙෂ්ටා - තම සිතට දැනුන ඉඟිය හෙවත් සංඥාව යන එම තෙවැදෑරුම් නිමිතිය.
මරණ මංචකයේ පසුවන ඇතැම් අයට තමන් මතු උපදින ආත්මය නිමිති වශයෙන්
පෙන්නුම් කරයි. බුදු දහමේ එය හඳුන්වන්නේ ගති නිමිත්ත වශයෙනි. යම් අයෙක්
අපාගත වීමට තරම් අකුසල කර ඇත්නම් මල ප්‍රේතයන්, යකුන් පෙන්නුම් කරයි. මරණය
ස්ථිර නම් මලගිය ඇත්තන් දකින අතර, ඔවුන්ගේ නම් ගම්ද පවසනු ලැබේ. යම්
කෙනෙක් මරණ මංචකයේදී සුගතිගාමි වීමට පින ඇත්නම් ඔහුට විචිත්‍ර ආලෝක හා
දිව්‍ය රූප පෙන්නුම් කරයි. බුදු සමයේ සිටි ධම්මික උපාසක තෙමේ මරණ මංචකයේදී
දෙවිවරු ඇවිත් දිව්‍ය ලෝකයට ඒමට කතා කළ හැටි බෞද්ධ කතාවස්තුවක සඳහන් වේ.
මෙයද මතු ආත්මය පෙන්නුම් කරන නිමිති ක්රමයකි.
සිදුහත් බෝසතාණන්ට සසර දුක අවබෝධ කිරීමට ලෙඩෙක්, මහල්ලෙක්, මළ කඳක් හා
මහණ රූපයක් යන සතර පෙර නිමිති පහළ කර ඇත. දේවත්වයෙන් පෙන්නුම් කළැයි සඳහන්
වන මෙම නිමිති දැක බෝසතාණන් වහන්සේට දුක අවබෝධ කරගැනීම පහසු බව පෙන්නුම්
කරයි. එසේ දකින නිමිති කෙනෙකුට චිත්ත පෙරැළි ඇති කිරීමට සමත් වන බව
පැහැදිලිය.
දැරියක් මල්වර වන මොහොතේදී ඇයගේ කිට්ටු ඥාතිවරයකු හෝ ඥාතිවරියක සිහිනෙන්
ගිනිගැනීමක් පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන් ගත් කළ මගේ දියණිය මල්වරවීමට
දින තුනකට පෙර කඩ මංසන්ධිය ගිනි ගන්නවා මමද හීනෙන් දුටුවෙමි. මල්වර නැකැත්
සෑදීමට පැමිණෙන අයගෙන් මේ ප්‍රශ්න ඇසූවිට එසේ සිතෙන් ගින්දර දුටු බව බොහෝ
අය කියා ඇත.
කපුටෙක් ඇවිත් ගේ ෙදාරකඩ හඬ නඟයි නම් ගෙදරට අමුත්තෙක් පැමිණෙන බව
නිමිති ශාස්ත්රයේ දැක්වේ. එහි සත්‍යතාව උරගා බලන්න. තවද කබරගොයා මිදුලට
පැමිණීම මරණයක සංඥාවක් දෙන නිමිත්තකි. මගේ පියාගේ අභාවයට තෙමසකට පෙර
කබරගොයෙක් මිදුල හරහා යෑමෙන් එම නිමිත්ත සත්‍ය බව මට සනාථ විය.
තවද කටේ දතක් වැටීම තම කිට්ටු ඥාතිවරයකුගේ අභාවයක් වීමේ සංඥාවක්
පෙන්නුම් කරයි. සිහිනෙන් පෙන්වන එම නිමිත්ත ඉතාම සත්‍ය බවට බොහෝ
අවස්ථාවන්හිදී සනාථ වී ඇත. ගමනක් යන විට පය ලිස්සා වැටුණොත් ඒ ගමන යන්න
එපා. ගෙදර එන්න වෙන්නේ හයදෙනාගේ කර පිටෙන්ය. මෙය මට අත්දැකීම් ඇති අසුබ පෙර
නිමිත්තෙකි. තවද නිවසින් පිටව යන බල්ලා කන්පට ගැසුවේ නම් අතර මඟ අනතුරක්
වන අසුබ නිමිත්තෙකි.
නිවෙසට නයින්, පොළඟුන් වැනි උරගුන් නිතර පැමිණෙන්නේ නම් එම නිවෙසට හදි
සූනියන් කර ඇති බවට පවසන නිමිත්තෙකි. සිහිනෙන් අලි එළවා ගෙන ඒමත්, කළු නයි
හා බල්ලන් දැකීමත්, තමන්ට දේව කෝපයක් තිබෙන බවට නිමිත්තකි. දෙවියන්ට භාරවී
ඒවා ඔප්පු නොකළ අයට මෙම නිමිති පෙන්නුම් කරයි.
සිහිනෙන් මස්මාළු කෑම,
මළගිය ඇත්තකු ආහාර ගැනීම තමන්ව නුදුරු අනාගතයේ ලෙඩවීමේ නිමිත්තකි. එමෙන්ම
ඉරහඳ, තාරකා, සයුර, ස්නානය කිරීම, දේව රූප, මැති ඇමැතිවරු, සුරතල් දරුවන්
සිහිනෙන් දැකීම ධන සම්පත්, නිරෝගීතාව හා සෞභාග්‍ය උපදවන සුබ නිමිතිය. නියම
නිමිති දැකීමට භාවනාව තුළින් විඤ්ඤාණය ප්‍රගුණ කළ යුතුයි.
ජේයාතිෂවිද්යා විශාරද
කේ. විජිත පෙරේරා