උදේම වතුර වීදුරුවක් බොන්න


ජලය නැතිනම් වතුර ගැන හැම දෙනාම හොඳින් දන්නවා. ඒ වගේම තමයි අපට වතුර නැතිව ඉන්න බෑ කියලත් හොඳටම පැහැදිලියි. ඒ නිසා තමයි අපි නිතරම වතුර බොන්නේ. ආහාර නොගෙන හිටියත් වතුර නොබී ඉන්න අපට බැහැ.

උදේ ඉඳන් රෑ නින්දට යනකල්ම අපි විටින් විට බොන වතුර ගැන කියන්න විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි උදෑසනම වතුර බිව්වොත් අපිට ලැබෙන විශේෂ වාසි කිහිපයක් හඳුන්වා දීම. මේ වගේ ප්‍රධාන වාසි 05ක් අපි තෝරා ගත්තා.

01 හිස්බඩ නැතිනම් උදේ ඇහැරුණු ගමන්ම ඔබ වතුර වීදුරුවක් පානය කළොත් ඔබේ මහා බඩවැල පිරිසුදු වෙනවා. එතකොට ඔබ ගන්නා ආහාරවල තිබෙන පෝෂ්‍ය කොටස් හොඳින් ඔබේ ශරීරයට අවශෝෂණය කරගන්නවා.

02 අලුත් මාංස පේශි සෛල ඇති කරන්න වගේම රුධිර නිෂ්පාදනය වැඩි කරන්නත් උදේට හිස්බඩ බොන වතුර වීදුරුව සහාය වෙනවා.
03 ඒ වගේම තමයි ඔබ බොන්නේ සිසිල් ජලය නම් ඔබේ බර අඩු කරගන්න ඒක උදවුවක් වෙනවා. දිනකට සිසිල් ජලය බෝතලයක්වත් මේ සඳහා ඔබ බොන්න ඕනේ.

04 හිස්බඩ පානය කරන වතුර වීදුරුව නිසා ඔබේ හම වර්ධනය වීමත් සිදු වෙනවා. ඒ වගේම ලේවල තිබෙන විස ඉවත් කර ලේ පිරිසුදු කරන්නත් ඔබේ හම පිරිසුදු කරන්නත් එය හේතුවෙනවා.

ඔබේ වසා පද්ධතිය තුලනය කරන්නත් ඔබ හිස්බඩ පානය කරන වතුර වීදුරුව උදවු වෙනවා. ඔබේ දෛනික කටයුතු පහසු කරනවා වගේම ශරීරයට ඇතුළුවන අහිතකර බැක්ටීරියා සමඟ සටන් කරන්නත් එය සහාය වෙනවා.

Post a Comment

Previous Post Next Post