'හරිත වසන්තයට' මම සම්බන්ධ නෑ:


ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැලකෙන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න මෙනෙවිය  පැවැසුවාය.
 හරිත වසන්තය ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියේ සංජය බණ්ඩාර අබේරත්න යන තම සොහොයුරාගේ සහ අනෙක් පාර්ශ්වයේ හිතවත්කමක් නිසා බවත්, එය හුදෙක් හිතවත්කම මත මිසක් ගනුදෙනුවක් මත සිදුකරන ලද්දක් නොවන බවත් අබේරත්න මෙනෙවිය කීවාය.
එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුම්වත් වී සිටි නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත්කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද, 2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවැත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද ඇය පැවැසුවාය.
හරිත වසන්තය ව්‍යාපෘතිය මඟින් යම්කිසි පාර්ශ්වයකට වංචාවක් සිදුවී තිබේ දැයි තමන් නොදන්නා බවත්, එසේ වංචාවක් සිදුවී නම් තමන්ගේ සොහොයුරා වුවද
නිර්දෝෂී කරන්නට තමන් උත්සාහ නොගන්නා බවත්, මේ කිසිදු ක්‍රියාවකට තමන් සම්බන්ධ නොමැති බවට තමන්ගේ නිර්දෝෂී බව පැහැදිලි කිරීම අවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් කීවාය
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.