කකුල් අවලස්සන වෙන්න ප්‍රධාන හේතුවක්
මුහුණ මෙන්ම දෙපා ලස්සනට තබාගත යුතු බව අප නිතරම කියන දෙයක්. දෙපාවලට දක්වන
අඩු අවධානය නිසා මොනතරම් ලස්සන කෙනකුගේ වුවත් දෙපා අවලස්සන වෙන්නට
පුළුවන්. සමහරුන් සිතන්නේ දෙපාවලට වැඩි උනන්දුවක් වැඩි සත්කාරයක් අවශ්‍ය
නොවන බවයි. මෙන්න මේ නිසාම වැඩි දෙනෙක් දෙපා ගැන එතරම් සිතන්නේ නැහැ.
නමුත් දෙපා නිතරම පොළොව සමඟ ගැටෙන නිසා අපිරිසුදුවීමේ අවස්ථාවන් වැඩියි. දිනපතාම දෙපා පිරිසුදු කිරීම අවශ්‍ය වන්නේ එම නිසයි.
අප මේ කියන්නට හදන්නේ දෙපා පිරිසුදු කිරීමේදී සමහරුන් අනුගමනය කරන නොකොට යුතු පුරුද්දක් ගැනයි. විශේෂයෙන්ම කාන්තාවන් ස්නානය කරන විට දෙපා ඇතිල්ලීම කරනු ලබන්නේ කකුලක් මත කකුලක් තබා තදින් තෙරපීමෙන්.
වැඩි දෙනෙක් දෙපා සෝදන්නේ මේ ආකාරයටයි. මෙමඟින් පිටිපතුලේ සම රළුවීම, ගොරෝසු වීම සහ අවලස්සන පෙනුමක් ගෙනදීම සිදුවෙනවා.
මෙය දිගින් දිගටම පුරුද්දක් හැටියට සිදුවන විට දෙපාවලින් මතුවන්නේ රළු බවක්. එහි මෘදු ස්වභාවය ඉවත්වෙනවා. දෙපාවලින් වයස්ගත බවක් පෙන්නුම් කරනවා. නමුත් මෙය කවුරුත් එතරම් හිතන්නේ නෑ.
අනෙක් කරුණ නම් දෙපා සේදීමේදී ගල්, කොහුලණු වැනි දේ යොදා ගන්නා අවස්ථා බහුලව දක්නට පුළුවන්. මේ දේවල්වලින් සිදුවන්නේ දෙපාවල සමට හානිවීම සහ රළුවීමයි. සමහරුන් ගල් මතුපිට කොන්ක්‍රීට් මතුපිට කකුල් අතුල්ලනවා. මෙය සුදුසු දෙයක් නොවේ.
ප්‍රශ්නයක් අහන්නම්. දෙපා සෝදන වාරයක් පාසා ඔබ දෙපා පිසදමනවාද? නෑ නේද?
දෙපා සෝදන විට විලුඹ ප්‍රදේශය ඇතිල්ලීමට පියුමික් ස්ටෝන් එකක් භාවිත කරන්නට පුළුවන්.
එයින් සමට හානි සිදුවන්නේ නෑ. එය ඒ වෙනුවෙන් යොදාගත හැකි දෙයක් නිසා ගැටළුවක් මතුවන්නේ නෑ. දෙපා සෝදන විට ඇඟිලි අතරත් සෙමෙන් පිරිමැද සේදිය යුතුයි.අප මුහුණ සේදූ පසු මුහුණ පිස දමනවා.
නමුත් බොහෝවිට දෙපා සේදූ පසු දෙපා පිස දමන්නේ නෑ. වතුර දමා සෝදා එලෙසින්ම ගෙට එනවා. මෙසේ දෙපාවල වතුර ගතිය ඇඟිලි අතර රැඳීමෙන් දෙපාවල වියළි බවක් ඇතිවන්නට පුළුවන්. දෙපා සේදූ පසු හොඳින් දෙපා පිස දැමිය යුතුයි.
විලුඹ රළු වී ඉරිතැලී ඇත්නම් පියුමික් ස්ටෝන් එකෙන් ඇතුල්ලූ විට එම රළුබව නැති වී යයි. ඉන්පසු දෙපා හොඳින් පිසදමා ෆුට් ක්‍රීම් එකක් හෝ මුහුණට ආලේප කරන ක්‍රීම් එකක්, මොයිස්චර්රයිසර් එකක් දෙපා මත තැවරිය යුතුයි. මෙහිදී මෘදු ලෙස දෙපා පිරිමදිමින් සම්බාහනය කිරීමෙන් දෙපාවල නිරෝගී බව රැක ගන්නට පුළුවන්.
මුහුණට දක්වන සැලැකිල්ල දෙපාවලටත් දැක්වීම ඉතා වැදගත්. මුහුණ මෙන්ම කකුල් ද ලස්සනට තිබිය යුතුයි. එසේ නොවුණහොත් ඔබ කෙතරම් ලස්සන අයකු වුවත් වයසට කලින් වයසට ගිය අවලස්සන දෙපා සහිත අයකු විය හැකියි.
ඔබට නිවෙසේදී දෙපා සත්කාරයක් කළ නොහැකි නම් ඒ සඳහා යොමුවන්නට අවස්ථාවන් නොමැති නම් රූපලාවණ්‍ය ආයතනයකට ගොස් පෙඩිකියු සත්කාරයක් කරගන්නට පුළුවන්. මෙහිදී දෙපා හොඳින් පිරිසුදු කිරීම, රළුබව ඉවත් කිරීම, සම්බාහනය ආදිය හොඳින් සිදුවන නිසා දෙපාවලට නිරෝගී බවක් ද ගෙන එනවා.
මේ කෙසේ වෙතත් සැලැකිල්ල නොසැලැකිල්ලක් කර නොගෙන කටයුතු කරන්න. ඔබේ දෙපාවල පෙනුම රැකගත හැක්කේ ඔබටමයි.