අපි අසා ඇති ආකාරයට අපගේ පැරැන්නන් තමාගේ ආහාරවේල සපයා ගැනීමට අධික වෙහෙසක් දරන්න සිදු උනා.
ඔවුන් එදා හෙළු දහඩිය ඔවුන්ව ජිවත් කළා පමණක්ම නොවෙයි ඔවුන්ගේ ජීවිත
නිරෝගී කරන්නට ද හේතු වුණා. ඒ වගේම වෙහෙස වී වැඩ කිරීමේදී ගැහැණු පිරිමි
බාල මහළු බේදයක් තිබුනෙත් නෑ.
නමුත්
අද අපිට ගෙදර දොරේ වැඩ කටයුතු වගේම රැකියාව ආශ්‍රිත වැඩ කටයුතු පහසු කරන්න
ඕනෑ තරම් යන්ත්‍ර සූත්‍ර හා පහසුකම් තියනවා. ඒ වුණත් අද වනවිට අප ඉතාමත්
අවිවේකී කාර්යබහුල ජීවිත තමයි ගත කරන්නෙ.
ක්‍රියාශීලි
නොමැති කමින් බොහෝ පිරිසක් රෝගීන් බවට පත්වෙලා. ඒ නිසාම අතීතයේදී අපට
ගැටලුවක් බවට පත් නොවූ බොහෝ දේ මේ වෙනකොට තරමක් බරපතළ මට්ටමේ ගැටලු බවට පත්
වෙලා.
ඉස්සර
දරුවෙක් ලැබෙන්නට ඉන්න කාන්තාවක් උනත් වෙහෙස නොබලා තමන්ගෙ පවුලෙ වැඩ
කටයුතුවල නිරත උනා. වී කෙටුව, පිටි කෙටුව, වත්තෙ පිටියෙ කුඹුරෙ වැඩ කරා.
අනිත් වැදගත්ම කාරණය තමයි දරුවො හතරපස් දෙනෙකුගෙ වැඩකටයුතුත් තනිවම
කරගත්තා.
ඒ
නිසාම ඔවුන් නිරෝගීව දරුවන් බිහි කළා. නමුත් අද වනවිට ඒ තත්ත්වය තරමක්
වෙනස් වෙලා. ඇතැම් කාන්තාවන් දරුවකු ලැබෙන්නට සිටින නිසා එය අමුතුම ආකාරයේ
අසනීපයක් යැයි සිතා සිටිනවා.
ඒ නිසා දරුවෙකු ස්වභාවිකව බිහි කරන විට (නොමල් ඩිලිවරි) අවශ්‍ය වන ශරීරික ශක්තිය ඔවුන් විසින්ම
නැති කරගනු ලබනවා. තමාගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් නිසා කම්මැලිව ඇඳකට වී
කාලය ගත කළොත් ඔවුන්ට අවශ්‍ය ව්‍යායාමය මඟහැරී යනු ලබනවා. ඒ ව්‍යායාම
නොමැතිකම නිසා දරුවෙකු බිහි කිරීමේ ක්‍රියාවලියේදී දරුවා ප්‍රසූතිය සඳහා
අවශ්‍ය පීඩනය යෙදීමට තරම් ශක්තිමත් භාවයක් නොමැති කමින් පීඩාවට ලක් වෙනවා.
ගැබිණි සමයේ ව්‍යායාම වල නිරත වීමෙන් ඇතිවන ප්‍රතිලාභයන් වන්නේ,
ගැබිණි සමයේ ඇතිවන කොන්දේ වේදනාව, මලබද්ධය, කෙඩෙත්තු ගතිය මේ නිසා අඩු වේ.
ඒවගේම ශරීරයට සැහැල්ලු බවක් ලැබේ.
නියමාකාර බරක් පවත්වා ගත හැක.
රාත්‍රියේ සුවබර නින්දක් ලබාගත හැක
ගැබිණි සමයේ ඇතිවන ආතතිය මග හරවා ගැනීමටද ව්‍යායාම වල නිරත වීම උදව් වේ.
ඒවගේම දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය මානසික මට්ටම ලබා ගැනීමටද ව්‍යායාම කිරීම උදව් විය හැක
දරු ප්‍රසුතියෙන් පසු ඔබ ශරීරයේ හැඩය පවත්වා ගැනීමටද හැකියි.
ගැබිණි
සමයේදී බොහෝ මව්වරුන්ට දියවැඩිය රෝගයට ගොදුරු වීමේ අවධානමක් පවතියි.
රුධිරයේ සීනි මට්ටම නිසි ආකාරයෙන් පවත්වා ගැනීමටද ව්‍යායාම වල නිරත වීම
උදව් වේ.
ඒවගේම හදවතට හොඳ රුධිර සැපයුමක් ලැබීමටද ව්‍යායාම කිරීම හොඳ දෙයකි.
ඒ නිසා ඔබ අවබෝධ කරගත යුතු වටිනාම දේ වන්නේ ගැබිණි බව යනු අසනීපයක් නොවන බවත් ශරීරික ව්‍යායාම මවකට දරු ප්‍රසූතිය පහසු කරන බවත්ය. දිනකට විනාඩි 30ක් පමණ ව්‍යායාමයේ යෙදීම ප්‍රමාණවත් වේ.
කඩිසරව ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම කිරීම හොඳයි. නමුත් පමණ ඉක්මවා නොකිරීමට වගබලා ගත යුතුයි.
ඒ
වගේම ගැබිණි කාන්තාවන්ට ගැලපෙන යෝග ව්‍යයමයන්ද තිබේ. නමුත් අවධානය යොමුකළ
යුතු වැදගත් කරුණ වන්නේ සුදුසුකම් ලත් ගුරුවරයෙකු යටතේ එවැනි ව්‍යායාම වල
යෙදීමයි.
මිට අමතරව සාමාන්‍ය ලෙස ඇවිදීම, පඩි පෙළ නැගීම, ගෙදර දොර වැඩකටයුතු වල නිරත වීමද හොඳ ව්‍යායාමයකි.
ඔබ නතුරට පත් විය හැකි ඇදවැටිය හැකි ව්‍යායාම නොකිරීමටද ප්‍රවේශම් විය යුතුයි.
ඔබ
මින් පෙර ව්‍යායාම වල නිරත වී නැතිනම් හෝ ගැබිණි කාලසීමාව අතරමැද ව්‍යායාම
වල නිරත වන්නේ නම් පළමුවෙන්ම ඇවිදීම වැනි සරල ව්‍යායාමයක යෙදීම හොඳයි.
මේ
කරුණු කාරණා කෙසේ වුවත් ව්‍යායාම හෝ ශරීරය වෙහෙසීම නුසුදුසු අයද සිටිනවා.
එසේ ශරීරය වෙහෙසීමට නුසුදුසු අය බවට පත් වන්නේ හෘද රෝග, රුධිර පීඩනය වැනි
විශේෂිත අවදානම් තත්ත්වයන්ගෙන් පෙළෙන අයයි.
ඒ හැරුණු විට ශරීරය තරමක් වෙහෙසා වැඩ කළ පමණින් ඔබගේ ගැබිණි බවට යහපතක්
මිස අයහපතක් නොවන බවත් එම ව්‍යායාම අධික වෙහෙසක් ගෙන දෙන ඒවා නොවිය යුතු
බවද හොඳින්ම මතක තබා ගැනීම වැදගත්.