කිසිම සමාජයක් සම්පූර්ණයෙන්ම ධනාත්මක වෙන්නෙ
නැහැ. වැඩිහිටි සමාජයේ ගත්තත් හොඳ නරක දෙකම තියෙනවා. ඒ නිසා යොවුන් සමාජයේ
වුණත් ඍණාත්මක අදහස් තිබීම සාමාන්‍ය දෙයක්. ඒත් සමාජයේ ජවය කියන්නේ යොවුන්
පරපුර. හෙට දිනය බාර ගන්න ඉන්නේ යොවුන් පරපුර. මවුපියන්ගේ ලෝකය වෙනස්
කරන්නේ මවුපියන් නෙමෙයි. ඊළඟට මවුපියන් වෙන්න ඉන්න යොවුන් පරපුර. ඒ නිසා
යොවුන් පරම්පරාවේ ධනාත්මක සිතුවිලි සමාජයට හුඟක් වැදගත්. ඒත් අද අපිට
වැඩිපුර දකින්න ලැබෙන්නේ ධනාත්මක ප්‍රවේශ වෙනුවට ඍණාත්මක ප්‍රවේශ වීම
ගැටලුවක්. යොවුන් වියේ පසුවන ඔබේ ප්‍රධාන ඍණාත්මක ප්‍රවේශ 4ක් අප
හඳුනාගත්තා. මේ 4 හඳුනාගෙන ඒවා ධනාත්මක ප්‍රවේශ බවට පරිවර්තනය කරගන්න ඔබට
පුළුවන් වේවි.
සමාජ විරෝධී අදහස් මතුවීම
සාමාන්‍යයෙන් සමාජයක විවිධ සංවිධාන රටා
තියෙනවා. සමාජයක් අඛණ්ඩව, විධිමත්ව පවත්වාගෙන යන්න ඒවා ඕනේ. ඒවා නීති,
සාරධර්ම, හරපද්ධති හා ආචාර ධර්ම විදියට අපට හඳුනාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් යොවුන් වියේ ඔබට සමාජ විරෝධී අදහස් මතුවීම සාධාරණයි. ඒත් ඒ
ගැන දෙවරක් සිතා බැලීම ඔබේ වගකීමක්. ඔබ සාමාන්‍යයෙන් සාරධර්මවලට විරුද්ධ
වුවත් ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ ඒවා නොගැළපේ නම් වෙනස් කිරීම මිස විනාශ කර
දැමීම නොවෙයි. සාරධර්ම අතපසු කර දැමීම හොඳ නැහැ.
අපි දකුණෙන් ගමන් කිරීම සාරධර්මයක්. ඔබට ප්‍රශ්න නඟන්න පුළුවන් ඇයි
වමෙන් ගියොත් යැවෙන්නේ නැද්ද කියලා. ඇත්තටම ඔබට වමෙන් යන්නත් පුළුවන්. ඒත්
හිතලා බලන්න වමෙන් ගියොත් ඔබට අනතුරක් වෙන්න තිබෙන ඉඩ වැඩියි.
හර පද්ධති
අයත් වෙන්නෙත් මේකට. අද විවාහ චාරිත්‍ර හුඟක් පවතින්නේ නමට විතරයි. ඒත්
ඒවා නමට හරි පවතින්නේ ඇයි? යොවුන් ඔබට ඒවා ඉදිරියේදී අවශ්‍ය නිසයි. මොකද
අවශ්‍ය නැතිනම් සම්පූර්ණයෙන්ම ඒවා අහෝසි කරලා දාන්න පුළුවන්. ඒ නිසා නාමිකව
තිබෙන චාරිත්‍ර අවශ්‍ය බව පිළිඅරන් ඒවාට අගයක් දීම ඔබට පැවරෙන වගකීමක්.
ආචාරධර්ම
ආචාරධර්මත් මේ වියේදී ඔබේ අතින් කඩ වී යන දේවල්වලට අයත්.
ආචාර ධර්ම කියන්නේ සමාජයේ උප සංස්කෘතියක්. තම පැවැත්මට හදාගන්න දේවල්. ඒක
පාසලෙන් පාසලට හෝ ආයතනයෙන් ආයතනයට වෙනස්. ඔබ යම් සමාජයක ඉන්නකෙට ඒ ආචාරධර්ම
පිළිගන්න ඕනේ. ඔබ පාසලට ගියාට පස්සේ පාසලේදී ඔබේ කොණ්ඩෙ කපන්නේ, කොණ්ඩේ
හෝදන්නේ ඇයි? ඔබ පාසලට නොගැළපෙන විදියට ජෙල් ගාලා, කොණ්ඩෙ වවලා ආපු නිසා.
ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ඒ පාසලට ගැළපෙන්නේ නෑ කියන එක. එතකොට ඔබට පැවැත්මක්
නැති වෙනවා.
මත්පැන් හා මත්ද්‍රව්‍ය
මත්පැන් හා මත්ද්‍රව්‍ය කියන්නෙත් යොවුන්
වියේ ඔබ නැඹුරු වන තවත් එක් ඍණාත්මක ප්‍රවේශයක්. අද ඔබේ වයසේ අය විශාල
ප්‍රමාණයක් නීත්‍යනුකූල මත්පැන් භාවිත කරන්න පුරුදු වෙලා. ඔබ දන්නවාද
ලංකාවේ දවසකට දුම්වැටි නිසා 67 දෙනෙක් මැරෙනවා කියලා. එහෙනම් කොහොමද
සිගරැට් සමාගම් පවතින්නේ. ඒ අය මැරෙන අය වෙනුවට අලුත් අයව බඳවා ගන්නවා. ඒකට
අහුවෙන්නේ ඔබේ වයස අය. ඔබට රවටන්න ලේසියි. ඔබ රැවටෙනවා. ඒත් ටිකක් කල්පනා
කළොත් ඔබට පුළුවන් එයින් අෑත්වෙන්න. ඔබ කුඩා කාලෙදි දුම්වැටි සමාගම් කරන්නේ
ඔබේ වීර කාටුන් හෝ චිත්‍රපට චරිතවලට දුම්වැටි දෙනවා. ඔබ ටිකක් වැඩි වියට
ආවම කඩවල්වල බෝඩ් ගහනවා දුම්වැටි විකිණීම අවු. 21ට වැඩි අයට පමණයි කියලා.
ඒකේ අදහස මොකක්ද? ඔබට 21 ලැබුවට පස්සේ දුම්වැටියක් ගන්න කියන එක. ඒවට අහු
නොවෙන්න නම් ඔබට හොඳ බුද්ධියක් තිබිය යුතුයි.
අනිත් කරුණ තමයි මත්පැන් නිසා ජොලියක්, සතුටක්, ආතල් එක්ක තිබෙන බව කියන්න උත්සාහ කරන එක. රවුමට වාඩිවෙලා, බොන්න
ඕනේ.
පොඩි අයට ළඟට එන්න දෙන්නේ නෑ. විවිධ වීදුරු භාවිත කරනවා. ඒ මත්පැන්වල
විශේෂ යමක් තියෙනවා කියලා පෙන්වනවා. ඒත් මත්පැන්වල තියෙන්නේ අපහසුතාවක්,
අප්‍රසන්න බවක්, රෝගකාරක ද්‍රව්‍ය. මේ නිසා මත්වෙනවා, ඔළුව කරකැවෙනවා, වමනේ
යනවා. ඒක ඔබ මේ අවධියේම තේරුම් ගන්න.
නුසුදුසු ලිංගික ක්‍රියා
මේකත් යොවුන් වියේ ඔබ වරදවා ගන්නා ප්‍රධාන
කාරණයක්. යොවුන් විය කියන්නේ ලිංගික උත්තේජනයක් සිදුවන කාලය. ඒ පරිණතිය
වළක්වන්න බෑ. ඒ නිසා ඔබ ඊට යොමුවීමත් වළක්වන්න බෑ. ඒත් සමාජයේ පිළිගන්න
ක්‍රමවේද තියෙනවා. අද සමාජයේ අවුරුදු 30-32ක් වෙනකන් විවාහ වෙන්න අමාරුයි.
මොකද විවාහ වෙන්න අවශ්‍ය රැකියාව, නිවෙස, දෑවැද්ද වගේ කොන්දේසි සපුරා ගන්න ඒ
වෙනකන් බැරි නිසා. ඒ නිසා හුඟක් අය විකල්ප ලිංගික ප්රවේශවලට යනවා.
මෙතෙන්දි හුඟක් ගැටලු ඇතිවෙන්න පුළුවන්. අවිවාහක දරු උපත්, ලිංගික රෝග,
ගබ්සා වගේ. ඒ නිසා යොවුන් ඔබ යොවුන් වියේදීම මේ ගැන දැනුම්වත් වීම වැදගත්.
මිනිසාගේ ප්‍රබලම ලිංගේන්ද්‍රිය වන්නේ මොළය. ඒ නිසා අධ්‍යාපනයෙන් ඔබට
පුළුවන් ලිංගිකත්වයට අනිසි ලෙස යොමුවීම වළක්වා ගන්න. ඒකට ඔබට මාධ්‍ය
සාක්ෂරතාව අවශ්‍යයි. ඒකේ අර්ථය වන්නේ ලිංගික දර්ශන, කියැවීම්, ප්රවණතා
තිබුණාට ඒ දේ මොකක්ද කියලා නුවණින් වටහා ගන්න තිබෙන හැකියාව. ඒක ලැබෙන්නේ
විධිමත් අධ්‍යාපනයකින්.
නුසුදුසු මිතුරන්
මේ තමයි ඔබ යොවුන් වියේදී නොමඟ යන 4 වැනි කරුණ.
මිතුරන් ආශ්‍රය නැතිනම් කල්ලි ගැසීම කියන්නේ යොවුන් වියේදී අවශ්‍යම දෙයක්.
ඒත් අද මේ අවශ්‍යතාව හරියට ඉටු වෙන්නේ නෑ. අපි ඉස්සෙල්ලා කතා කළ සමාජ
විරෝධී අදහස්, මත්ද්‍රව්‍ය, නුසුදුසු ලිංගික ක්‍රියාකාරකම් වගේ හැම දේම
බැඳිලා තියෙන්නේ මේ නුසුදුසු මිතුරන් නැතිනම් කල්ලි ගැසීම් එක්ක. ඔබ ගෙදරට
මුලින්ම බොරුවක් කියන්නේ ඔබේ මේ යාළුවො නිසා. සතුරා එන්නේ මිතුරා විදියට.
ඔබ ඒකට රැවටෙන්න එපා. ඒත් කල්ලි ගැසීම ඔබට මේ අවධියේදී ඉතා වැදගත්. ඒ නිසා
තමන්ට ගැළපෙන හොඳ මිතුරන් ආශ්‍රය කරන්න. ඔවුන්ව හොඳින් තෝරා බේරා ගන්න.
රජිත තාමර