ධනුෂ්කව අඳුනගත්තේ ෆේස් බුක් එකින් - මූවන් පික් හෝටලේට අපිට එන්න කිව්වා

නෝර්වේ ජාතික ව්‍යාපාරික තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සමීප මිතුරකු අනිද්දා (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස 
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (23දා) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ සංදීප් ජූඩ් සෙල්ලයියා නමැති අවුරුදු 26ක බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයෙකි.

පැමිණිලිකාරිය වන නෝර්වේ ජාතික හෙයිඩි 

බර්ජ් බැකේන්සීන් නමැති තරුණිය ඇයගේ මිතුරියක් වන සිල්ජේ නයිලෑන්ඩ්  නමැත්තිය සමඟ ඉකුත් ඉරිදා (15දා) මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා මෙරට සංචාරය කරන අතරතුර සිල්ජේ නයිලෑන්ඩ් නමැත්තිය සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හඳුනා ගෙන ඇති අතර ඒ ඔස්සේ නෝර්වේ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමඟ මිත්‍ර වී ඇත. එම හඳුනා ගැනීම මත ධනුෂ්ක ගුණතිලක දුරකථනය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි 'මුවන් පික්' හෝටලයට පැමිණෙන ලෙස නෝර්වේ තරුණියට සහ ඇයත් සමඟ සිටි පැමිණිලිකාර නෝර්වේ තරුණියට ආරාධනා කර තිබේ.

එම අවස්ථාවේදී නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනා කොළඹ සිනමන් රෙඩ් හෝටලයේ වයින් පානය කරමින් සිට ඇති අතර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ආරාධනාව මත තරුණියන් දෙදෙනා

ක්‍රිකට් ක්‍රිඩකයන් නැවතී සිටි හෝටලයට පැමිණ තිබේ.
ඉන්පසු ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරා වන විත්තිකාර සංදීප් ජූඩ් සෙල්ලයියා එම නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනා සමඟ හෝටල් කාමරයකට ගොස් ඇත.

එහිදී සංදීප් ජූඩ් සෙල්ලයියා නමැති අය තරුණියක සමඟ බලහත්කාරයෙන් අපචාර ක්‍රියාවක යෙදුණු බවද පැමිණිල්ලේ සඳහන්වේ. අදාළ තරුණිය ඒ පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව විත්තිකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෝටල් කාමරය වෙන්කර ගැනීම ඇතුළු තම මිතුරියට සහ තමාට මුදල් ගෙවා ආහාර ඇණවුම් කළ බවද පැමිණිලිකාරිය වන නෝර්වේ තරුණිගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කොල්ලුපිටිය පොලිසියේ සැරයන් ඒකනායක මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ධම්මික ජයනෙත්ති, නීතිඥ කෞශල්‍ය වැලිකන්න, නීතිඥ අරුණ මල්ලවාරච්චි යන මහත්වරු පෙනී සිටියහ.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයාගේ මිතුරා වන විත්තිකාර සංදීප් ජූඩ් සෙල්ලයියා නමැත්තා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා අනිද්දා (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අමිල අබේරත්න 
Share on Google Plus

About Sri Magazine

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.