හොර නෝට්ටු අච්චු ගැසූ භික්ෂුවක් අත්අඩංගුවට (PHOTOS)

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 ක මුදල් නෝට්ටු 02 ක් සමග භික්ෂූන්වහන්සේ නමක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 20 වැනිදා දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ගම්පහ ප්‍රදේශයේ රාජමහා විහාරයක වාසය කර ඇති ව කියන සැකකාර භික්ෂූන් වහන්සේ පසුව නවගත්තේගම, මහ මැද්දෑව ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ ඇත. ඒ ජල නන්දන පිරිත සජ්ඡායනය කිරීම සදහා බවට විමර්ශණ වලදී හෙලිවී ඇත.

එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගිලන් වී ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත. උන්වහන්සේගේ සැප දුක් විමසීම සදහා පැමිණ ඇති සැකකාර භික්ෂූන් වහන්සේ හලාවත මහා රෝහල ඉදිරිපිට ඇති ව්‍යාපාරික ස්ථාන කීපයකින් රුපියල් 1000 මුදල් නෝට්ටු දී විවිධ දෑ මිලදී ගැනීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ව්‍යාපාරිකයකු විසින් හලාවත පොලීසියට ලබා දී තිබූ තොරතුක් අනුව වැටලීම සිදු කර ඇත. සැකකාර භික්ෂූන් වහන්සේ සතුව තිබී එකම අංකයෙන් යුක්ත රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් පොලිස් බාරයට ගෙන ඇත.එම භික්ෂූන් වහන්සේ පැමිණි බව කියන ත්‍රීරෝද රථයේ රියදුරා ත්‍රීරෝද රථය අතහැර දමා පලා ගොස් ඇත.

පසුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් නවගත්තේගම මහ මැද්දෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානය පරීක්ෂා කර ඇත. ඒ වන විට කිසියම් අයෙකු විසින් විහාරස්ථානයේ ලැගුම් ගෙයි දොර කඩා එහි තිබූ ඇතැම් දේවල් ගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත. ලැගුම් ගෙය තුළ තිබූ ස්කෑනරය සහිත මුද්‍රණ යන්ත්‍ර 02 ක්, මුදල් මුද්‍රණය කිරීම සඳහා සකස් කරන ලද කඩදාසි 200 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. ලැගුම් ගෙය විවෘත කර ඇති අය එහි තිබූ පරිගණක යන්ත්‍රය සහ මුද්‍රණය කර ඇති ව්‍යාජ මුදල් රැගෙන යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. මේ අතර,හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂූන් වහන්සේද රෝහලෙන් පලා ගොස් ඇති බව රෝහල් පොලීසිය සදහන් කරයි. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Share on Google Plus

About Sri Magazine

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.