කුඩා දරුවන් ඔබේ ලිංගික ජීවිතය ගැන ඔත්තු බලනවද? එහෙනම් පරිස්සමින්!

විවාහ වෙන යුවළ අතරින් බොහෝ දෙනෙක්ට හිමිවෙන්නෙ බොහොම නිදහස්කාමී වටපිටාවක හිතන හිතන ඕනම දෙයක් කරගෙන සතුටින්, ආදරෙන් ඉන්නයි. මෙහෙම කාලය ගතවෙද්දි දෙන්නාගේ ජීවිතේ අතරට දරුවෝ ඇවිත ඒ පවුල තවත් සුන්දර පවුලක් බවට පත්වෙනවා.
දරුවෝ ලැබුණා කියලා. ඔවුන් ලොකු මහත් වෙනවා කියලා දෙමව්පියන්ගේ ලිංගික ජීවිතය නතර වෙන්නේ නෑ. තව දරුවන් හදන්න වුවමනාවෙන් හෝ එහෙම නැතිව දෙන්නගේ කායික මානසික තෘප්තිය වෙනුවෙන් වුනත් දෙමව්පියන් අතරේ ලිංගික බැඳීම නතරවීම හෝ ඈත්වීමක් වෙන්න බෑ. මොකද ඒක පවුලේ පැවැත්මට ඉතාම වැදගත්.
ඒත් බොහොමයක් දෙමව්පියන් මුහුණදෙන ප්‍රශ්නයක් තමයි තමන් දෙදෙනාගේ ලිංගික ජීවිතය ගැන කුඩා දරුවන් ඔත්තු බලන්න පටන් ගන්න එක. විශේෂයෙන්ම ආසියාතික රටවල දෙමව්පියන්නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ. මෙහෙම ඔත්තු බලන එකෙන් වෙන දේ තමයි එක්කෝ දෙමව්පියන් ලිංගිකව එක්වීම නතරකරලා දානවා, නැත්නම් දරුවෝ අඩු වයසෙන්ම ලිංගිකත්වය සම්බන්ධයෙන් කුතුහලය එක්ක වැරදි සමාජ ක්‍රියාවන්ට යොමු වෙනවා.
හොඳම දේ තමයි දරුවන්ට ටිකක් ලොකු මහත් වෙද්දි ඔවුන්ට ස්වාධීනව ජීවිතය ගතකරන්න හුරුකරවන එක. මේක බොහොමයක් බටහිර රටවල දෙමව්පියන් කරන දෙයක්, වෙනම කාමරයක්, වෙනම ඇදුම් අල්මාරි, වෙනම ඇඳන් වගේ දේ නිසා දෙමව්පියන්ට නැවතත් තමන්ගේ හුරුපුරුදු පුද්ගලික ජීවිතයට එක්වෙන්න මේ නිසා අවස්ථාව ලැබෙනවා.
මෙහෙම දරුවන් හුරුකරන්න බැරිවුනොත් වෙන දේ තමයි කොයිම වෙලාවක හරි දෙමව්පියන් ලිංගිකව එක්වෙද්දි දරුවන් මේ දේ දැකලා ඒ ගැන කුතුහලයක් ඇතිකරගන්න එක. පස්සේ ඔවුන් පුරුද්දක් විදිහට හොර නින්දක් අතරේ, නැත්නම් ජනෙල් දොරවල් අස්සෙන්, යතුරු හිලෙන් දෙමව්පියන්ගේ මේ ක්‍රියාකාරකම් ගැන අධ්‍යයනය කරන්න පෙළඹෙන්න පුළුවන්.
මේ සිදුවීම එක්ක එක පැත්තකින් දරුවන් සහ දෙමව්පියන් ඈත්වීම පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් කටකාර දරුවෝ නම් තමන්ගේ දෙමව්පියන්ගෙන් තමන් දැක්ක දේ ගැන අහන්න පුළුවන්. ඒ වෙලාවට බොරු කියලා දරුවන් මුලා කරනවාට වඩා හොඳම දේ දරුවාට තේරෙන විදිහට මේ කායික බැඳීම ගැනත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට දරුවා බිහිවීම සිදුවුණ එක ගැනත් කියලා දෙන්න පුළුවන් නම් වඩාත් වටිනවා. හැබැයි මේක ටිකක් අමාරු වැඩක්, හුරුවෙනකල් ටිකක් විතර පරිස්සමින් තමයි මේ පැහැදිලිකිරීම කරන්න ඕන.
කොහොමවුනත් දරුවෙක්ට මේ සිදුවීම කුතුහලයක් හෝ රහසිගත දෙයක් බවට පත්වෙලා ඔවුන්ටත් මේක මානසික වදයක්, නැත්නම් ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා ඔවුන් විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවෙන එක නවත්තන්න පුළුවන් දෙමව්පියන්ට විතරමයි. ඒ දරුවන් ලැබුණට පස්සේ ලිංගිකව එක්නොවී ඉඳීමෙන් නම් නෙවෙයි.
දරුවන්ට ස්වාධීන ජීවතියක් හුරුකරවලා දෙමව්පියන් ස්වාධීන ජීවිතයට නැවත යොමුවෙන එක, දෙමව්පියන් විතරක් ගෙදරින් එළියට ගිහින් වෙනත් පුද්ගලික ස්ථානවලදි ලිංගිකව එක්වීම. දරුවන් ගෙදර නොමැති අවස්ථාවලදී රිසිසේ නිදහසේ හැසිරීම වගේ දේ තුලින් මේ ගැටළුව වලක්වාගන්න පුළුවන්.

(under the courtesy of her.lk web)
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.