සෙම යනු කුමක්ද ?


සෑම පුද්ගලයකුටම අනන්‍ය වූ ලෝකයක් තිබේ. රෝගීන් ගේ ලෝකයත් වෛද්‍යවරුන්ගේ ලෝකයත් සමපාත නොවන අවස්ථා බොහෝය. ශ්‍රී ලාංකික රෝගීන්ගේ ලෝකයෙහි දී ස්වසන පද්ධතිය පිළිබඳ රෝගී අත්දැකීම් ජීවිතයට එක්කර ගැනීමටත්, එම අත්දැකීම් සන්නිවේදනය කර ගැනීමටත් සෙම යන සංකල්පය අත්‍යවශ්‍ය වේ.ශ්‍රී ලාංකිකයන් බොහෝ විට ශ්වසන රෝග පිළිබඳව තොරතුරු සන්නිවේදනය කරගන්නේ සෙම නැමැති සංකල්පය තුළිනි. එහෙත් බටහිර වෛද්‍යවරුන්ගේ ලෝකයෙහි  ස්වසන රෝග පද්ධතිය විමසීම සඳහා සෙම නැමැති සංකල්පය අත්‍යවශ්‍ය නොවේ. මෙම ලිපිය ලියැවෙන්නේ සෙම නැමැති කල්පයෙහි දී ශ්‍රී ලාංකික රෝගීන්ගෙන් බටහිර වෛද්‍යවරුන්ගෙන් පවතින සමපාතයන්, අසමපාතයන් සාකච්ඡා කිරීමටයි, මේ ලෝක දෙකෙහිම සෙම යනුවෙන් අදහස් කෙරෙන්නේ නාසය, උගුර, පපු ප්‍රදේශය හි පවතින ඇලෙනසුලු, ශ්ලේෂ්මලය නමිනුත් හැඳින්වෙන ශ්‍රාවයක් බදූ ද්‍රව්‍ය ලෙස දළ වශයෙන් දැක්විය හැකිය. මගේ අදහසේ හැටියට ශ්‍රී ලාංකිකය රෝගීන් ගේ චර්යාව තීරණය කරන ප්‍රධාන සාධකයක් වූ ආයුර්වේද සංකල්ප වලට අනුව සෙම යන තුන් දොස් හෙවත් රෝග ඇති කරන ප්‍රධාන හේතු තුනෙන් එකකි.
ශ්‍රී ලාංකික ජනතාවද බොහෝ විට සෙම නැමැති ද්‍රව්‍ය දකින්නේ ශරීරයට අහිතකර දෙයක් නැත හොත් රෝග හා සම්බන්ධ දෙයක් ලෙස බව මම කල්පනා කරමි.
ඒ නිසාදෝ ශ්‍රී ලාංකික රෝගීන්ගේ ලෝකයෙහි දී සෙම යන්න ශරීරයෙන් ඉවත් කළ යුතු දෙයකි. ස්වසන පද්ධතියේ කුඩා බට වැනි වාත ගෙන යන මාර්ගවල (ශ්වසන නලිකා සහ  අනුස්වාස නාලිකාවල) ඇතුල සිවියෙන් (පටලයෙන්) වෑස්සෙන මෙම ශ්ලේෂ්මලය බටහිර වෛද්‍යවරුන්ගේ ලෝකයේදී සෑම විටම අහිතකර තත්ත්වයන් ලෙස සැලකීම සිදු නොවේ. සෑම මනුෂ්‍යයෙකුටම යම්කිසි ප්‍රමාණයකට මෙම ශ්ලේෂ්මලය ශ්වසන පද්ධතිය හා අනෙකුත් පද්ධතීන් වල තිබිය යුතු බව බටහිර වෛද්‍යවරු විශ්වාස කරති. සමහර විට ශ්‍රී ලාංකික රෝගීන් සෙම නැමැති ද්‍රව්‍ය ශරීරයෙන් අයින් වීම යහපත් වේ යැයි සිතන සමහර අවස්ථාවලදී බටහිර වෛද්‍යවරුන් ඒ හා එකඟ නොවන අවස්ථා බොහොමයකි.
සෙම යන්න අහිතකර දෙයක් ලෙස කල්පනා කරන ජනතාව ශරීරයෙන් සෙම ඉවත් වීම පිළිබඳව සතුටු වෙති.’ ඩොක්ටර් දුන්න බෙහෙතට බබාගේ සම ගැලවිලා කක්කත් එක්ක ගියා” කියා දෙමාපියන් ෛද්‍යවරුන්ට ප්‍රශංසා කරනු මම බොහෝ විට අසා ඇත්තෙමි. එනමුත් එසේ සෙම  නමැති ද්‍රව්‍ය දරුවාගේ ශරීරයෙන් ඉවත් කිරීම අරමුණ කොට බටහිර වෛද්‍යවරුන් බෙහෙත් දෙන්නේ නැත. බොහෝ විට දී කැස්සත් සමඟ සෙම ගලවා ගියත් නොගියත් බටහිර වෛද්‍යවරුන්ට එය වැදගත් වන්නේ නැත.
මෙහිදී අනෙක් පැත්තද වෛද්‍ය-රෝගී සන්නිවේදනයේ දී අපට හමුවේ. සෙමට බෙහෙත් ගැනීමට පැමිණෙන ජනතාව බටහිර වෛද්‍යවරයා බාදුන් බෙහෙත්වලින් දරුවාගේ පපුවේ සෙම අඩු වුණේ නැතැයි කියා වෛද්‍යවරයා වෙත අනුචිත ව මැසිවිලි නගන අවස්ථාද තිබේ. මෙවැනි සමහර අවස්ථාවලදී දරුවාගේ අසූචි සමග සෙම පිට නොවීම සම්බන්ධව බටහිර වෛද්‍යවරයාට වගකීම භාර ගත නොහැක මන්ද සෙම හෙවත් ශ්ලේෂ්මලය ශරීරයෙන් ඉවත් කිරීම මූලිකව අරමුණු කොට බටහිර වෛද්‍යවරයා බෙහෙත් දීම සිදු නොකරන බැවිනි.
පපුවේ සෙම නමැති ද්‍රව්‍ය පැවතෙන බව රෝගීන්ට ප්‍රත්‍යක්ෂ වන ආකාර කිහිපයකි. කැස්ස තිබෙන විට සෙම නැමැති ද්‍රව්‍ය පිටතට පැමිණීම එකකි. කැස්ස ඇති වන විට සෙම පැටලෙන බව තේරීම තවත් ආකාරයකි. මෙවැනි අවස්ථාවක සෙම පිළිබඳව උනන්දුවක් දක්වන රෝගීන් වෛද්‍යවරයාට සෙම ඇති බව පෙන්වීම සඳහා වෛද්‍යවරයා ඉදිරියේ කැස්ස ඇති කර පපුවේ සෙම තුළින් එන ශබ්දය ඇසෙන්නට සරස්වතී. සෙම ඇත් දැයි නැද්දැයි පිළිබඳව එතරම් උනන්දුවක් නැති බටහිර වෛද්‍යවරයා හුගේ ඇයගේ ලෝකයට අනුව තේරුමක් නැති මේ ක්‍රියාවෙන් උරණ වන අවස්ථාද තිබේ.
මන්ද එසේ කැස්ස ඇති කරන විට කෝටි ගණනක් විසබීජ වාතයට මුදා හරින බැවින් හා එම විෂබීජ නිසා වෛද්‍යවරයාට සෙම ආශ්‍රිත සමහර රෝග බෝවීමේ ඉඩකඩ ඇති බැවිනි. නියුමෝනියාව. ක්ෂය රෝගය වුවද මෙවැනි අවස්ථාවකදී රොගියාගෙන් වෛද්‍යවරයාට බෝවිය හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාවේ ්පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික ජනතාව ක්ෂය රෝගය නිව්මෝනියාව හා ස්වසන පද්ධතියේ අනෙකුත් විෂබීජ ආසාදන දකින්නේ සෙම නැමැති සංකල්පය තුළිනි. මෙම රෝගවලදී සෙම නැමති ද්‍රව්‍ය හටගන්නා නමුදු රෝග ඇති කරන ප්‍රධාන සාධකය වන්නේ රෝග කාරක විෂබීජය. සෙම කාරා ගැසීම තුලින් මෙම රෝග වලදී තමාගේ සෙම අඩු වීමක් වන්නේ නැත.කර පරිසරයට මුදාහරින සෙම මඟින් පරිසරය පුරා විසබීජ තවදුරටත් ව්‍යාප්ත වීම සිදු වේ.ක්ෂය රෝගය ශ්‍රී ලංකාවෙහි පාලනය කිරීමට එක් බාධාවක් වන්නේ ජනතාව සෙම පිළිබඳව දක්වන මෙම ආකල්පය බව මම කල්පනා කරමි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මන්ගේ ශරීර වලින් සෙම ඉවත් කර ගැනීම සඳහා පාරවල් පුරා කරා කරා සෙම ගැසීම තුලින් අන්‍යයන්ගේ ජීවිත අවදානමට හෙළති.
බොහෝවිට උණගත් දරුවකු පරික්ෂා කරන ්‍යවරයෙකු වෙතින් දෙමව්පියන් නගන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ “ඩොක්ටර් බබාගේ පපුවේ සෙම තිබෙනවාද? යන්නයි. උණ අධික නම් සෙම ගොඩාක් තියෙනවා ද කියා අසන අවස්ථාද තිබේ. සාමාන්‍ය ජනතාවගේ අදහස වන්නේ උණ ගැනීමට ප්‍රධාන හේතුව සෙම බවයි. උණ ගන්නා සමහර අවස්ථාවල සෙම තත්ත්වය ඇතිවන නමුදු උන හටගන්නෙ සෙම නිසා නොවේ.උණ ගත් දරුවකු වෛද්‍ය නලාව තබා වෛද්‍යවරයා පරීක්ෂාකරන්නේ සෙම කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියා දැනගැනීමට වත් නොවේ. ඇත්තටම වෛද්‍ය නලාවට සෙම නැමැති ද්‍රව්‍ය හසුවන්නේ නැත.
නිව්මෝනියාව තත්ත්වයක් වෛද්‍ය නලාවට හසු වන නමුදු ඉන් අදහස් කරන්නේ රෝගියාගේ සෙම තත්ත්වය උග්‍ර වූ බව ම නොවේ. නිව්මෝනියාව යනු පෙනහලුවල දරුණු විස බීජ ආසාදනයකි. සෙම යන සංකල්පයට වඩා විෂබීජ ආසාදන මෙන්ම ආසාත්මිකතාව යන සංකල්ප ස්වසන පද්ධතිය ග තත්ත්ව විග්‍රහ කිරීම සඳහා බටහිර වෛද්‍යවරුන්ට වඩා වැදගත් වන සංකල්පය වේ.

විශේෂඥ වෛද්‍ය
රුවන් ෆර්ඩිනැන්ඩස්
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.