කට්ටඩියාගේ ශාන්ති කර්මයෙන් පසු තිදරු මවක් අතුරුදන් - හසලකදී අමුතුම සිදුවීමක්

හසලක කට්ටඩියෙකු ශාන්තිකර්මයකින් පසු තිදරු මවක් රැගෙන පලායෑම (Hassalaka kattadiya running away with a mother of three after a ritual)


හසලක ප්‍රදේශයේ ගම්මානයකින් අමුතුම පුවතක් වාර්තා වෙනවා. අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට නිවසට පැමිණි කට්ටඩියෙකු, ශාන්ති කර්මයෙන් පසු තිදරු මවක් රැගෙන පලා ගොස් තිබෙනවා. මෙම සිද්ධිය ප්‍රදේශයේ දැඩි කතාබහට ලක්වෙලා.
අදාළ කාන්තාව 32 හැවිරිදි තිදරු මවක්. ඇය වසරකට පමණ පෙර සිට රෝගී තත්වයකින් පෙළුණු අතර, දේශීය හා බටහිර ප්‍රතිකාරවලින් සුවයක් ලැබී නැහැ. "අමනුෂ්‍ය දෝෂයක්" යැයි සිතූ නෑදෑයින් ඇයව මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි කට්ටඩියෙකුට පෙන්වා තිබෙනවා.

රෝගය පරීක්ෂා කළ කට්ටඩියා, එය අමනුෂ්‍ය දෝෂයක් බවත් තමන්ට එය සුව කළ හැකි බවත් පවසා, ශාන්ති කර්මයක් සඳහා අවශ්‍ය දෑ සූදානම් කරන ලෙස ඔවුන්ට දන්වා තිබෙනවා. ඔහු විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ, ඔහුගේ පැමිණීම වෙනත් කිසිවෙකුට නොපවසන ලෙසයි.

37 හැවිරිදි වියේ පසුවන කට්ටඩියා, බෙරකරුවෙකු සමඟ පස්වරු 5ට පමණ අදාළ නිවසට පැමිණ, රාත්‍රී 9ට පමණ ශාන්ති කර්මය ආරම්භ කර තිබෙනවා. එය අලුයම 1ට පමණ අවසන් වී ඇති අතර, එදින රාත්‍රිය ඔහු එම නිවසේම ගත කර තිබෙනවා.
පසු දින උදෑසන ගෘහමූලිකයාට කතා කළ කට්ටඩියා, රෝගයේ කොටසක් සුව කළ බවත් ඉතිරි කොටස එදින රාත්‍රියේ කළ යුතු බවත් පවසා තිබෙනවා. බිරිඳ ද තමන්ට සුවයක් දැනෙන බව පැවසීම නිසා සැමියා බෙහෙවින් සතුටු වී තිබෙනවා. කට්ටඩියා කපටි ලෙස බෙරකරුවාගේ කුලිය ගෙවා එදින රාත්‍රියේ ශාන්ති කර්මයට ඔහු අවශ්‍ය නොවන බව පවසා පිටත් කර යවා ඇත්තේ, තම සැලැස්ම තනිවම ක්‍රියාත්මක කිරීමේ අරමුණින්.

දෙවන දින රාත්‍රියේ ශාන්ති කර්මය අවසන් වී සියල්ලන්ම නින්දට ගොස් ඇති අතර, පසුදා උදෑසන 5ට පමණ අවදි වූ සැමියාට සිය බිරිඳව කාමරයේ සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඇය නිවසේ හෝ ගෙවත්තේ නොමැති බව තහවුරු කරගත් ඔහු, කට්ටඩියා පිළිබඳව සොයා බැලීමට ඔහු නතර වී සිටි කාමරයට ගියත්, කට්ටඩියාද එහි සිට නැහැ.

සැකයෙන් සහ කලකිරීමෙන් සිටි සැමියා දරුවන්ගෙන් විමසූ විට, මව ප්‍රතිකාර සඳහා රෝහලට ගිය බවත් ඉක්මනින්ම පැමිණෙන බවත් කියා කට්ටඩියා නිවසින් පිටව ගොස් ඇති බව ඔවුන් පවසා තිබෙනවා.

වහාම කට්ටඩියාගේ නිවසට ගිය සැමියාට, ඔහු එහි නොමැති බව දැනගන්නට ලැබී ඇත්තේ ඔහුගේ බිරිඳගෙන්. "ඔය නොසන්ඩාලයා ඔහොමමයි. ඕකා දන්න මන්තර ශාස්ත්‍රයක් නෑ. කරන්නේම ඔහොම නොහොබිනා වැඩමයි." යැයි පවසා ඇති කට්ටඩියාගේ බිරිඳ, අතුරුදන් වූ කාන්තාව සොයා දී හැකි ඉක්මනින් නිවසට එවීමට කටයුතු කරන බව පවසා ඔහුව සනසා තිබෙනවා.

දින දෙකකට පසු අතුරුදන්ව සිටි කාන්තාව කට්ටඩියාගේ බිරිඳ සමඟ නැවත නිවසට පැමිණ තිබෙනවා. සිය දරුවන් තිදෙනා වෙනුවෙන් ඇයට සමාව දුන් සැමියා, යළිත් මෙවැනි අකටයුත්තක් කළහොත් සමාවක් නොලැබෙන බවට අවවාද කර නිවසට ඇතුළු කරගෙන තිබෙනවා. කට්ටඩියාගේ බිරිඳට ස්තුති කර ඇයට ගමන් වියදම් ද ලබා දී පිටත් කර හැර ඇත්තේ, තමාට සහ දරුවන්ට මුහුණ දීමට සිදු වූ අසීරු තත්වය ගැන සිතමින්.

Post a Comment

Previous Post Next Post